Thursday, January 9, 2014

ඇල්පිටිය කඩ කාමාර ගිනි තැබීම රාජපක්ෂ ගැන්සියේ වැඩක්ද? පොලිස් බුද්ධි අංශය පේන්න අසයි. බොදු බල විරෝධය මඩින්න ලක්ෂ එකහාමාරක්?



පසුගිය වසරේ දෙසැම්බර් 19 අලූයම ඇල්පිටිය කුරඳුගහ හැතැක්ම නගරයේ මුස්ලිම් ජාතිකයෙකු විසින් පවත්වාගෙන යන ස්වර්ණාභරණ සාප්පුවට හා එම කඩ කාමරයේ අයිකරු විසින් ඊට යාබද කඩකාමරයේ පවත්වාගෙන යන කු`ථබඩු වෙළඳසැල ගිනි තබා විනාශ කිරිම අදටත් අභිරහසකි.මෙම ගිනි තැබීම ගැන කිසිදු විධිමත් පරික්ෂණයක් පොලීසිය සිදු කරනැත. එයට එකම හේතුව ගිනි තැබුවේ කව්ද? ගිනි තැබුවේ කාගේ අවශ්‍යතාවයකටද? කාගේ නියෝගයකටද? යන්න පොලීසිය දන්නා නිසාය.

මේ අතර රක්ෂණ මුදල් ලබා ගැනිම සඳහා තමා විසින් කඩවලට ගිනි තබා ඇති බවට පිරිසක් සංවිධානාත්මකව ගෙන යන පචාරය නිසා තමා බලවත් අපහසුතාවයට පත්ව තිබෙන බව ප‍්‍රකාශ කරන අයිකරු සුජිත් පේමසිංහ මහතා, මේ සම්බන්ධයෙන් පොලිස්පති වෙත ලිඛිතව කරුණු දක්වා සිටි. මෙම ගිනි තැබිමට පෙර කරණ්දෙණිය පොලිසිය සුජිත් පේමසිංහ මහතාව අත්අඩංගුවට ගෙන වධ දි කප්පන් ගැනීමට දරන උත්සහය පිළිබඳව පැමිණිලි පිළිබඳ විමර්ශණ තවමත් අවසන්වි නැති අතර එයට සම්බන්ධ පොලසිස් නිලධාරින් මාරු කර යවා තිබේ.

සුජිත් පේමසිංහ මහතා විසින් තම කඩ කාමර ගිණි තැබීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට කරනු ලබන ඉල්ලමින් පොලිස්පති අමතන ලද ලිපිය‘‘ 2013.12.19 වන දින අලූයම 01.30 පමණ, ඇල්පිටිය පොලිසිය මට දුරකථනයෙන් ප‍්‍රකාශ කලා, කුරුඳුගහ හැතැක්ම නගරයේ තිබෙනව මට අයත් කඩ දෙක ගිනි ගන්නා බවත්, වහාම පැමිණෙන ලෙසටත්.  එ් අනුව, මා, වහාම පිටත්ව එම ස්ථානයට ගියා. මා යන විට ඇල්පිටිය පොලිසිය හා අධිවේගී මාර්ගයේ ගිනි නිවන කණ්ඩායම විසින් ගින්න නිවා දමා තිබුනා.
ඇල්පිටිය පොලිසියේ ස්ථානාධිපති රොෂාන් පුෂ්ප කුමාර මහතා මට කිව්වා ප‍්‍රකාශයක් ගන්න, පොලිසියට යන්න එන්න කියා. එ් අනුව මා පොලිස් ජීප් රථයෙන් පොලිසියට ගියා. එවිට අලූයම 2.30 පමණ ඇත. එහිදී මගෙන් ප‍්‍රශ්ණ කරමින් කටඋත්තරයක් ලියා ගත්තා. අලාභය පිලිබඳ විස්තර පසුව ලබාදෙන ලෙසට ඉ්ලා සිටියා.
මාහට අයත් ගින්නෙන් විනාශ වූ කඩ කාමර දෙකෙන් එකක – කුරුඳු, කු`ඵ බඩු, රබර් මිළ දී ගැනීම හා අළෙවි කිරීමේ වෙළඳ සැල - (සර්ෂි සීමන් ටේ‍්‍රඩර්ස්* පවත්වා ගෙන යන අතර, එහි වෙළඳාම් කටයුතු මා හා මාගේ බිරිඳ විසින් සිදු කරනු ලැබේ. එම කඩයේ අංකය 9 එ් වේ. එයට යාබද අනෙක් කඩකාමරය අංක 9, මා විසින් 2013 අගෝස්තු මස, මොහොමඞ් ජිෆ්රි ඉන්සාල් නැමැත්තාව, රත්තරන් බඩු වෙළඳ සැලක් පවත්වාගෙන  යාමට බාර දෙන ලදි.

මා විසින්, අංක 09 දරන කඩ කාමරය මුස්ලිම් ජාතිකයෙකුට බාර දීම සම්බන්ධයෙන් – කුරුඳුගහ හැතැක්ම නගරයේ පිරිසක් විරෝධය පළ කරන ලදි. මෙම විරෝධයට මූලික වූයේ  කුරුඳුගහ හැතැක්ම ව්‍යාපාරිකයින් වන පේ‍්‍රමරත්න ලියනගේ, අල්විස්, විජය ස්ටෝර්ස් අයිතිකරුකිරුලූ ස්ටෝර්ස් අයිතිකාර, දැනට උඩුගම පොලිසියේ සේවය කරන බව දැනග්නනට තිබෙන ‘සුමිත් ෆ්‍රෙන්ඞ්’ රෙදි කඩයේ අයිතිකරු ලාල් නැමැති අයයි. එම පිරිස සමග අක්මීමන දයාරත්න හිමි, ගේගොඩ විහාරස්ථානයේ හිමිනමක් ඇතු`ඵ තවත් හිමිවරු කිහිප දෙනෙක්.මෙම පිරිස, 2013.10.12 වන දින කුරුඳුගහ හැතැක්ම නගරයේ පිකටං එකක් පවත්වන ලදි. එම පිකටිං එක පැය 02ක් පමණ පැවැති අතර, එම කාලය තුල කඩ සාප්පු වසා දමන ලදි.  මා එසේ කඩය පවත්වාගෙන ගිය අතර, පොලිස් ආරක්ෂාව ලබාදී තිබින.

පසුව මම දැනගත්තා, විරෝධතාවය පලකල අයව මුණ ගැසීමට, අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පැමිණ ඇති බව. එම විරෝධතාවය නොසලකා මා, මාගේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අතර, මගෙන් බදු ගන්නා ලද කඩයේ, මොහොමඞ් ජිෆ්රි ඉන්සාල් විසින් රත්තරන් බඩු සාප්පුව විවෘත කර, වෙළඳාම් ආරම්භ කලා.
2013.10.12 වන දින, උද්ඝෝෂනයට මාසයකට පෙර දිනයක, ඇල්පිටිය පොලිසියට සහා තෙරේසා විද්‍යාලයට ආසන්නව, නිවසක පවත්වාගෙන යන, පොලිස් විශේෂ කාර්යංශයේ (නම සඳහන්කර නැත* පොලිස් පරීක්ෂක සේනාධිරත්න මා හුමවීමට, මගේ කඩයට පැමිණ, විස්තර විමසුවා. එයින් පසුවද, මගේ විස්තර කටයුතු හා තර්ජන, ප‍්‍රශ්ණ ගැන දුරකථනයෙන් විමසුවා. එ් හැම විටම මා තොරතුරු ලබා දුන්නා.
මේ අතර, කාලය තුල මුස්ලිම් ජාතිකයෙකුට කඩය බද දීමට, ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් විරෝධය ගැන, එක් අවස්ථාවක මා ගෙන්වා, අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ද විස්තර විමසා සිටියා.  මේ අතර, 2013.09.24 වන දින, සොරකම් කරන ලද කුරුඳු මිළදී ගත් බවට ව්‍යාජ චෝදනාවක් නගමින් මාව කරන්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත්තා. එ් පිළීබඳව මා මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර තිබේ.

මෙම පසුබිම යටතේ, 2013.12.19 වන දින, අලූයම 01.00 ට පමණ ඉහත සඳහන් කල පරිදි, මාහට අයත් කඩ කාමර ගිණී තැබීම සිදු විය. මෙම කඩ කාමර දෙකට ගිණි තැබීමට අදාලව සැකකරුවන් මේ දක්වාම අත්අඩංගුවට ගෙන නොමැත. ඇල්පිටිය පොලිසිය, සිද්ධිය අදාලව, නඩු අංකය 86665 යටතේ, ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ. ඇල්පිටිය පොලිස් ස්ථානය ප‍්‍රකාශ කරන්නේ තවමත් පරීක්ෂණ අවසන් කර නොමැති බවයි.මෙම ගිනි තැබීම පිළීබඳව මා පහත සඳහන් කරුණු ඔබ හමුවේ තබමි.

    (අ*. ගිනි තැබීම් පිළිබඳව ඇල්පිටිය පොලිසිය කරන ලද මූලික පරීක්ෂණයේදී හෙළි වූ කරුණූ පිළිබඳව මා නොදන්නා නමුත් මගේ නිරීක්ෂණයට ලක් වූ කරුණු කිහිපයක් ඉදරිපත් කරමි.

     1. පළමුවෙන් ගිණී තබා ඇත්තේ අංක 09 දරන මා විසින් මුස්ලිම් ජාතිකයාට බදු දෙන ලද
        කඩය.
     2. දෙවනුව ගිණි තබා ඇත්තේ මාගේ කඩයට.
     3. කඩ දෙකේම ඉබ්බන් ෙදාර සමග කඩා ඇතුලූ වී ඇත.
     4. ගිණී තබා ඇත්තේ ඇතුලට පැට‍්‍රල් විසිකරය.
     5. කඩය ඉදිරිපිට පැට‍්‍රල කෑන් එක තිබූ අතර, එහි පැට‍්‍රල් ඉතිරිව තිබින.
     6. දිග මිටක් සහිත බාගයට පත්තු කරන ලද පන්දමක්, කඩය අසල තිබී හමුවිය.
     7. හමුවූ පැට‍්‍රල් කෑනය හා පන්දම ඇල්පිටිය පොලිසිය බාරයට ගන්නා ලදි.
     8. එදින (19 දා* උදේ 10.00 ට පමණ ඇගිලි සලකුණූ පරික්ෂකයින් පැමිණියා.

විශේෂයෙන්- මා ප‍්‍රකාශ කරන්නේ, පොලිසියේ දැනුම් දීමට මා පැමිණෙන විට, ඉහත සඳහක් කල පරිදි ගින්න නිවා තිබූ අතර, මාගේ වානේ ලියන මේසය පමණක් එළියට ඇද තිබින. එ් දුටු මා - මේක තමයි මාගේ  සල්්ලි තිබූ බව පැවසූ විට, පොලිස් නිලධාරී මහතෙක් රත්ව තිබූ මේසය පෙරලූවා. එවිට එහි- රහස් ලාච්චුවේ තිබූ පිච්චුනු සල්ලි කෑලි වැටුනා. තවද, මා සඳහන් කරන්නේ, එයට අමතරව - පොලිසිය රස පරික්ෂකවරයාට දැනුම් දී කැඳවීමක් කළේ නැහැ.

ගිණි ගැනීම පිලිබඳව වෙනත් ස්ථානගත පරීක්ෂණ පැවැත්මක් සිදු කළේ නැහැ. පොලිසිය මට වාචිකව ප‍්‍රකාශ කලා නගරයේ දීපාලි කොමියුනිකේෂන් එකේ ක්‍ක්‍ඔඪ කැමරාවේ සටහන් වෙලා තියෙන බව. නමුත් මට විස්තර කිව්වේ නැහැ.එදින උදේ (19ද* 9.30 ට පමණ මා ගිනි ගත් කඩය අසල සිටින විට, මාගේ 0777934448 දරන දුරකථනයට, පොලිස් පරික්ෂක සේනාධිරත්න කතාකර, ඔහු කාර්යාලයට එන ලෙසට දැනුම් දුන්නා. මා- එ් අනුව පො.ප.සේනාධිරත්නව මුණ ගැසුනා. ඔහු මගෙන්, ගිනි තැබීම ගැන මොනවද දන්නේ කියා ඇසුවා. මම කිව්වා කිසිවක් නැහැ කියා. එවිට ඔහු ඇසුවා,

    1. කවුරු හරි හාමුදුරු ගොල්ලෝ සල්ලි ඉල්ලූවද කියා. මම නැහැ කිව්වා.
    2. ඇමතිතුමා (ගුණරත්න වීරකෝන් ඇමති* සල්ලි ඉල්ලූවාද කියා ඇසුවා. මම නැහැ කිව්වා.
    3. පොලිසියෙන් තර්ජණ තිබුනාද කියා ඇහුව්වා. මම කිව්වා කරන්දෙණිය පොලිසියෙන්
       තර්ජණ තිබුනා. විස්තර දන්නේ දුව කියා.
     4. එවිට ඔහු මට කිව්වා කඩය ගාවට ගිහිල්ලා දුවට ෆෝන් එක දෙන්න කියා.

එ් උපදෙස් අනුව මම කඩය ලඟට ගිහිල්ලා එතැන හිටිය දුවට ෆෝන් එක දුන්නා. දුව - තර්ජණ ගැන විස්තර, පො.ප.සේනාධිරත්නට කිව්වා. 2013.12.21 දින උදේ 10ට පමණ, කඩයට ඇවිත් මටකිව්වා, එයා දන්න ළඟ දේවාලයක් තියෙනවා , රු: 231/=කුත් (පඬුරු වශයෙන්* අරගෙන 09 කණූව ළඟට එන්න කිව්වා. (කඩයේ සිට කි.මී.1/2ක  පමණ දුර, අම්බලන්ගොඩ - ඇල්පිටිය පාරේ*එදින සවස 4.00 පමණ, පො.ප.සේනාධිරත්න මට කථාකර නැවත එන්න කිව්වා. මම, මගේ බිරිඳ සමග යතුරු පැදියෙන්, 09 කණුව ළඟට ගියා. 09 කණූව අසල, පාර අයිනේ පො.ප.සේනාධිරත්න සිටියා. ඔහු එ් අසල නිවසකට අප දෙන්නාව කැඳවාගෙන ගියා. එම නිවසේ කාමරයක, කුඩා දේවාලයක් තිබුනා. ටික වේලාවක් ගිය පසුව, අපව කාමරය තුලට කැඳෙව්වා. එතැන මමත්, බිරිඳත්, පො.ප.සේනාධිරත්න හිටියා.

එම කාමරයේ අවු: 35 පමණ ස්ත‍්‍රියක් හා අවු: 60කට වැඩි පිරිමි කෙනෙක් හිටියා. මම රු: 231/= එතැන තිබූ මල් ආසනයේ තැබුවා. එම ස්ත‍්‍රිය ආවේශ වුනා. ඇය ගෙදරට හූනියම් කර ඇති බව, තොවිල් කල යුතු බව කියන්න ගත්තා. වෙන කිසිවක් කිව්වේ නැහැ. මමත්, පො.ප. සේනාධිරත්නත්, ව්‍යාපාර ස්ථානය ගැන විමසුවා. කිසිවක් කිව්වේ නැහැ.ඉන්පසු, මමත් බිරිඳත් කාමරයෙන් එළියට ආවා. පො.ප.සෙනාධිරත්න කාමරය තුල නැවති ආ කාරණය කිව්වා. එවිට එම ස්ත‍්‍රිය අපට කිව්වා පූජාවක් තියන්න, අවශ්‍ය බඩු අරන් එන්න කියා. මම කිව්වා  ඕනමි නම් එන්නම් හැබැයි බිරිඳව දැන් යවන්න  ඕනි කයා. පො.ප.සෙනාධිරත්න එයට විරුද්ධ වූවා. එ් නිසා අපි දෙන්නාම පිටත්වෙලා ආවා.

ඉන් පසු - 2013.12.22 දින උදේ,  පො.ප.සෙනාධිරත්න මට දුරකථනයෙන් කතා කලා. කඩය රක්ෂණය කිරිම අදාල තොරතුරු විමසා සිටියා. මා විස්තර දුන්නා. 2013.12.25 දින ඇල්පිටිය පොලිසිය මාගේ බිරිඳව හා දුවව ගෙන්නා, ගිණි තැබීම පිලිබඳ  නැවත ප‍්‍රකාශයක් ලබා ගත්තා.’’
ඔහු සිය ලිපිය අවසන් කරන්නේ

’‘ පොලිස්පතිතුමනි,
මේ සියලූ කරුණු ඔබ වෙත ඉදිරිපත් කරන්නේ - මාගේ කඩය සංවිධානාත්මක ලෙසට පිරිසක් ගිණි තබා විනාශ කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු නොවන බව ප‍්‍රකාශ කිරීමටය.
මේ ආකාරයට විධිමත් පරීක්ෂණයක් නොකරන්නේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට බව අවධාරනයෙන් ප‍්‍රකාශ කරන්නට මට සිදුව තිබේ.
දැනටමත් විද්‍යාත්මකව සාක්ෂී විනාශ වී ඇතිබව මගේ විශ්වාසයයි. එම නිසා තවදුරටත් ප‍්‍රමාද නොකොට - විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට, ඉල්ලා සිටිමි.’’
යනුවෙන් සඳහන් කරමින්ය.

No comments:

Post a Comment