Thursday, January 23, 2014

මැරෙන්නට බෑ - මළගමට සල්ලි නැති නිසා.



අවමගුල් වියදම් සියයට හතකින් ඉහළ ගොස් ඇති නිසා, දරිද්‍රතාවයෙන් පෙළෙන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට - මැරෙන්නට බැරිව තිබේ.
වසරින් වසර ඉහළ යන ජීවන වියදම් අතර, අවමංගල්‍ය වියදම් ඉහළ යෑම නිසා, අවමගුල් කටයුතු කරගන්නට මෙම පිරිසට නොහැකිව තිබේ.
මේ වන විට අවම අවමගුල් වියදම ඇමෙරිකානු ඩොලර් 12,528 කි. එනම් රුපියල් 16,28640 කි.
මෙසේ "මියයෑමේ වියදම " එනම් අවමංගල්‍ය කටයුතු සදහා වන වියදම දරා ගන්නට බැරිවීම නිසා මෙම දුප්පතුන් තව තවත් කොන්ව, අවමානයට පාත්‍රවන බව - සමාජ විද්‍යා පර්යේෂකයින් පෙන්වා දෙයි.
මේ පිළිබදව බ්‍රිතාන්‍ය මහජනතාවගේ අවධානය යොමු කරන ලෙසද ඔවුනඉල්ලා සිටි.

No comments:

Post a Comment