Saturday, January 25, 2014

ඉන්දියාව අමතක කළ දුෂණයට ලක්වු දැරිය හා ගොත‍්‍රයට පිටු පෑවාට දුණය කිරිමෙන් දඬුවම් කිරිම.


20වන ශෛල්‍ය කර්මයද බලාපොරොත්තුවෙන් හය දෙනෙකු විසින් කළ ඉන්දිය දැරිය හුදකලා සටනක යෙදි සිටී.16 මසකට පෙර ඉන්දියාවේ රාජාස්ථාන ප‍්‍රාන්තයේ කුඩා නගරයක දුප්පත් කම්කරු පවුලක උපන් ඇයව ඇමතිවරයෙකුගේ ආධාර කරුවන් හය දෙනෙකු විසින් පැහැර ගෙන ගොස් රැුයක් පුරාම දුෂණය කර සිහිසන් නැතිවු විට මහ මග දමා ගොස් තිබින.

ඇයව මේ වන විට ශෛල්‍ය කර්ම 16කට භාජනය කර තිබේ. වෛද්‍යවරු ප‍්‍රකාශ කරන්නේ ඇගේ යෝනි මාර්ගය හා ගුද මාර්ගය වෙන් කරනු ලබන ආවාරය බරපතල ලෙස තුවාල වී ඇති බවයි.
ඇයට මුලින් ප‍්‍රතිකාර කරන ලද ජයපුර් රෝහල අනවශ්‍ය ශෛල්‍ය කර්ම තිබෙන බව ඇයට දැන් ප‍්‍රතිකාර කරන දිල්ලි වෛද්‍ය ආයනය ප‍්‍රකාශ කර තිබේ.අයට රාජාස්ථන ආණඩුව රුපියල් ලක්ෂ පහක් ලබාදි දිල්ලි නුවර ආරක්ෂිත නිවසක රැුකවරණය ලබා දි තිබේ.

එහෙත් ඇයව දුෂණය කළ ඇමති සගයින්ට එරෙහි නිසි නීතිමය පියවර ගෙන නැත. මාස 16ක් ගතව ඇතත් අධිනරණයට ඉදිරි පත් කර ඇත්තේ දෙදෙනෙකි.ඇයව රංචු ගැසි කරන ලද දුෂණයෙන් පසුව විශේෂයෙන් ඉන්දිය ස්ත‍්‍රි අයිතාවාසිකම් සංවිධාන ස්ත‍්‍රි දුෂකයින්ට එරෙහිව වීථි බසින ලදි. ඉහළ පෙළේ පුජකයෙකු හා ඉන්දිය කතුවරෙයකු එල්ලවු විරෝධයන් හමුවේ ඔවුන් තවමත් සිර ගෙවල් වලය.නමුත් මෙම දැරිය කෙරෙහි තවමත් මෙම කණ්ඩායම් වල අවධානය යොමුව නැත.

ඇය දැඩි වේදනාවෙන් යම් තරමකට හෝ සුවය ලබන්නට උත්සහ ගන්නා අතර තමන්ව දුෂණය කළ පුද්ගලයින්ට නිදැල්ලේ සිටින්නට ඉඩ දි ඇත්තේ ඔවුන් ඇමති ආරක්ෂකයින් නිසාද යන ප‍්‍රශණය නගයි.
ජනහඬ ඇය වෙනුවෙන් නොනැගෙන්නට හේතුව දුප්පත් කමද?

මේ අතර බටහිර බෙංගාලයේ අගනුවර වන කොල්කටවෙන් කි.මි 200 ක් පමණ දුරින් පිහිටි ගොත‍්‍රික ගමක තරුණියක් වෙත් ගොත‍්‍රයක තරුණයේකු සමග හාද වීමේ වරදට ගොත‍්‍රයේ චාරිත‍්‍ර අනුව වැඩි හිටියන් නියම කළ රු: 25,000/- දඩය ගෙවීමට නොහැකි වු නිසා 16කු ලවා දුෂණය කර විමේ සිද්ධය යයි.
මේ සම්බන්ධයෙන් සැකරුවන් 16 දෙනා පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ. මෙම අත් අඩංගුවට ගැනීමට එම ගොත‍්‍රිකයින් ගේ විරෝධය එල්ලවී ඇති අතර එහි ඉදිරියෙන් සිටින්නේ ගොත‍්‍රික ස්ත‍්‍රින් බව වාර්තාවේ.

No comments:

Post a Comment