Saturday, January 18, 2014

රක්ෂණයින් ගේ ගසා කෑමට ගොදුරුවන අසරණයෝ.


AVIVA NDB රක්ෂණයෝ දැන් පෙනී සිටින්නේ AIA රක්ෂණයෝ නමින්ය. වාරිකයක් රු:- 2120/- බැගින් වාරික 42ක්එනම් රු: 89040/- ගෙවා තිබියදි සුව කළ නොහැකි රෝගයකින් යු. තිලකරත්තන ඔත්පල විය.
රක්ෂණය කරන විට දුන්න පොරොන්දු පරිදි ‘‘රක්ෂණ මුදල’’ ලබාදෙන ලෙසට ඉල්ලු විට ‘‘දෙවරක් සිතන්න’’ යයි AIA රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ - මෙහෙයුම් කැලූම් සේනානායක යු. තිලකරත්නට  කියයි.
ශ‍්‍රි ලංකාවේ රක්ෂණයෝ අසරණයින් ගසා කන සැටි වටහා ගන්න තිලකරත්න මහතා AIA රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ - මෙහෙයුම් කැලූම් සේනානායකට යැවු ලිපිය පහත දක්වමු. සිද්ධිය අදාල පළමු ලිපියට Link එක;
යූ. තිලකරත්න.
බටේගම
මැදගම
2014.01.17

කැලූම් සේනානායක මයා
අධ්‍යක්ෂ -  මෙහෙයුම්
AIA  ඉන්ෂුවරන්ස් ලංකා PLC
ප‍්‍රධාන කාර්යාලය
තැ.පෙ. 2088
75, කුමාරන් රත්නම් පාර
කොළඹ 02

ජීවනාලෝක රක්ෂණය
IL 201002460212 (12460212)

ඔබගේ 2013.12.20 දාතමින් මා වෙත එවන ලද දෙවරක් නොව කිහිප වරක් සිතන්න” හිසින් යුතු ලිපිය හා බැඳේ.
(1) මාව රක්ෂණය කරනු ලැබුවේ AVIVA NDB  නම්න් වන රක්ෂණ සමාගමයි.  එම රක්ෂණ ඔප්පුවේ අංකය IL 201002460212 විය.

නමුත් ඔබගේ ලිපිය එවා ඇත්තේ AIA  රක්ෂණ සමාගම නමින්ය. තවද ඔප්පු අංකය 12460212 ලෙස සඳහන් වේ.

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.

(2) ඔබගේ ලිපියේ සඳහන් පරිදි මට දෙවරක් සිතන්නට දෙයක් නැත.

මා නැවත සුව කළ නොහැකි ස්නායු ආබාධයකින් ඔත්පල වී ඇත.

ඒ බව මාවිස්තරාත්මකව 2013.12.09 දාතමින්මා රක්ෂණය වූ සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් ජීවන රක්ෂණ)අවීවා එන්.ඞී.බී. රක්ෂණ සමාගම, 75, කුමාරන් රත්නම් මාවතකොළඹ 02. ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දුන්නා.

එමෙන්ම 2013.12.24 දාතමින් හිමිකම් කළමනාකාරජීවිත AIA ඉන්ෂුවරන්ස් ලංකා වෙත එවනු ලැබුවා. එම ලිපි ලැබෙන්නට ඇතැයි සිතමි.

කෙසේ වෙතත්එම ලිපි වල ජායා පිටපත්ඔබගේ දැන ගැනීම සඳහා අමුනා ඇත.

(3) මට කිසිදු රැුකියාවක් කළ නොහැකි බව වෛද්‍ය සහතික මගින් තහවුරු කර තිබේ.

(4) මා රක්ෂණය කරන විට ඔබගේ නියෝජිතයන් මට ප‍්‍රකාශ කළේ,

(අ) හදිසියේ මා මිය ගියහොත්මාගේ පවුලේ අයට රුපියල් ලක්ෂ හතක් ලැබෙන බවද,

(ආ) ඔත්පල වුවහොත්ඔප්පුවේ සම්පූර්ණ වටිනාකමරු: 381,600/- ලැබෙන බවද,

(ඈ) රෝහල්ගත වීමකදීදිනකට රු: 800/-  බැගින් ගෙවන බවත්ය.

(5) ඒ අනුවඑකී ප‍්‍රකාශනයන් විශ්වාස කළ මාමසකට 2120/- බැගින් ගෙවනවසර 15 කදීකල් ඉකුත්වන ජීවනාලෝක රක්ෂණය ලබා ගතිමි.

(6) 2010.06.01 දින සිටමාසිකව නියමිත, 2120/-  ගෙව්වෙමි.

(7) 2013.07.29 දින අන්තිම වාරිකය ගෙව්වෙමි.

එනම් මා වාරික 42 ක් ගෙවා තිබේ. මු`ඵ මුදල රු: 89040/- කි.

(8) එසේ තිබිය දී 2013 අගෝස්තු මස හිටි හැටියේමමාගේ පාද පණ නැතිවෙන්නට විය. මා එ් පිළිබඳව වෙදකම් කළද සුව නොවීය. අසාධ්‍ය වීම නිසා මා රත්නපුර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

(9) මෙම තත්ත්වය තුළ මට 2013 අගෝස්තු මාසයේ වාරිකය ගෙවීමට නොහැකි විය.

එතැන් පටන් මට රැුකියාවක් කර ගත නොහැකි තත්ත්වයට පත්වීම නිසා කිසිදු ආදායමක් නොමැති විය.

(10) මේ අවස්ථාවේදීමඔබගේ රක්ෂණ නියෝජිතවරිය වන අයි.බී. චන්ද්‍රලතා මහත්මියට දැනුම් දුන්නෙමි.

(11) මෙම තත්ත්වය තුළ මාරෝහල්ගත වීමේ ප‍්‍රතිලාභය හා  සම්පූර්ණ ඔත්පල වීම නිසානියත රක්ෂණ ප‍්‍රතිලාභ ඉල්ලා සිටියෙමි.

(12) මේ වන විටදින 08 ක් රෝහල්ගතව සිටි මා හටදින 07 කට රෝහල්ගත වීමේ ප‍්‍රතිලාභය ගෙවන ලදි. (රු: 5600/- මුදලක්)

(13) මට හිමිස්නායු රෝගයකින් පසු කලෙක ඔත්පල වීම නිසා රක්ෂණ ප‍්‍රතිලාභය නොගෙවාමට ඔබ උපදෙස් දුන්නේ රක්ෂණය ‘‘පවාරණය” කරන ලෙසටය.

(14) මේ උපසේ සම්පූර්ණයෙන්ම වැරදිය. එය මා ප‍්‍රතික්ෂේප කරමි.

මා නැවත ඉල්ලා සිටින්නේ,
පොරොන්දු වූ පරිදිමට හිමිමු`ඵ ඔප්පුවේ වටිනාකම වන රු: 3,81,600/- 
(රුපියල් තුන් ලක්ෂ අසූ එක් දහස් හයසියය) නොපමාව ගෙවීමට පියවර ගන්නා ලෙසටයි.
කඩිනමින් පිළිතුරක් එවන ලෙස ඉල්ලමි.

මෙයට

යූ. තිලකරත්න

No comments:

Post a Comment