Friday, January 3, 2014

මා.හි.කො. ලොක්කෝ අද ජනාධිපති රාජපක්ෂ හමුවන්නේ තම තමන්ගේ බොක්ක බේරා ගනීමටයි.



දැන ගන්නට ලැබී තිබෙන කරුණු අනුව මෙම අරමුණේ ප්‍රධාන හා එකම අරමුණ දැනට සිටින සභාපතිගේ, කොමසාරිස් වරැන්ගේ ධුර කාලය තවත් අවුරුද්දකට දීර්ඝ කර ගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව, වැටුප් හා දිමනා ලබමින් ධුරයේ රැඳි සිටින අතිරේක ලේකම් වරයාගේ සේවය නිත්‍යානුකුල කරවා ගැනීමයි.
ජනාධිපති රාජපක්ෂ වත්මන් කොමසාරිස් වරු පත්කළේ මානව හිමිකම් කොමිසන් සභා පනතේ නිර්නායකයන් බාල්දු කරමින්ය. දුෂිත ඉතිහාසයකට උරුම කියන මෙම ඊනියා මහත්වරු යටතේ මා.හි.කොමිසම, මානව හිමිකම් නොව දුෂණය ආරක්ෂාකරන හා වැඩි දියුණු කරන ‘‘කොමිසමක්” බවට පත්ව තිබේ.
පහළම සේවකයාගේ සිට සභාපති දක්වා මහජන මුදල්, එක්සත් ජාතීන්ගේ අරමුදල් හා ආධාර ලබාදෙන ආයතන වල ආධාර අයථා ආකාරයට පරිහරණය කරමින්, වංචා කරමින් සිටින ආකාරය හෙළි දරව් කිරිමට පියවර ගන්නා බව අවධාරණය කරමින්, රට ගොස් තිබෙන අත පැහැදිලි කරන තබත් එක් නිදසුනක් පමණක් බව සටහන් කරමින් නවතිමු.

No comments:

Post a Comment