Sunday, January 26, 2014

මමත් ගංජා ගහලා තියෙනවා - ඔබාමා පිළිගනි.


තරුණ කාළේ මමත් ගංජා බිලා තියෙනවා. ගංජ- සිගරට්මත් පැන් තරම් ශරිරයට අහිතකර නෑ.
ඇමෙරිකා ජනාධිපති ඔබාමා තවදුරටත් කියා සිටිනනේ ගංජා බොන මධ්‍යම පංතිකයින්ව පොලීසිය අල්ලන්නේ නැති බව හා අල්ලන්නේ දුප්පත් තරුණයින්ව බවයි.
ගංජා තහනම ඉවත් කිරිම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් ආරම්භව තිබෙන විවාදයට එක්වෙමින් මෙම අදහස් ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ප‍්‍රකාශ කර තිබුනේ නිව්යෝකර් සඟරාවටය.
ඇමෙරිකාවේ ප‍්‍රාන්ත දෙකක දැටමත් ගංජා තහනම ඉවත් කර ඇත. ප‍්‍රාන්ත 21ක ගංජා තහනම පොතට සිමා කර තිබේ.
ගංජා වැවීම,ප‍්‍රවාහනය,අලෙවිය හා පානය නිත්‍යානුකුල කරන ලද ලොව ප‍්‍රථම රාජ්‍යය උරුගුවේ රාජ්‍යය යි.
ශ‍්‍රි ලංකාවේ ස්වාභාවිකව වැවෙන ගංජා’ අන්තරාදායක ඖෂධයකි. එය දේශිය වෙදකමට අත්‍යවශ්‍යය ඖෂධ පැලෑටියකි. බලපත‍්‍ර රහිතව ගංජා තබා ගැනීමවිකිණීම හා ප‍්‍රවාහනය තහනම්ය. 
මෙම තත්වය උපයෝගි කරගෙන බොරු නඩු දැමිම සඳහා ගංජා’ තහනම යොදා ගැනිම ඉතා සුලබය. පොලීසය මෙම බොරු නඩු දමන්නේනඩු’ කීමට සල්ලි නැති දුප්පතුන් තොරාය.
මෙම රටවල ගංජා’ වැවෙනනේ් නැත. ගංජා’ ගෙන්වීම තහනම්ය. එහෙත් විනොදාස්වාදය සඳහා ගංජා’ පානය කරන්නන් අඩුවක් නැත. මෙම ත්ත්වය තුල ගංජා වලට ඉඩ දීම කොරෙහි සැලකිල්ල යොමුව තිබේ. මේ වන විට ගංජා ආශ‍්‍රිත ඖෂධ අලෙවියට බොහෝ බටහිර රටවල් ඉඩදිතිබේ.

සිගරට් හා මත්පැන් තරම් හානිදායක නොවන ගංජා’ නිත්‍යානු කුල කිරිම තුල පාතාලයට’ ඇදි යන විශාල මුදල බදු’ වශයෙන් රජයට හිමි කරගත හැකිවන අතර පොලිස් දුෂණද අවම වන බව විද්වතුන් ගේ මතයයි. 

No comments:

Post a Comment