Tuesday, January 28, 2014

පොලිස් අපරාධ නවත් වන්න - මිරිදිය ධීවරයෙකු ගේ ඉල්ලීමක්


රෑට ඇවිල්ලා ඉබ්බෝ කඩලා ඔරුව අරගෙන යනවා. පන්න විනාශ කරනවා. පොලීසියට ගියාම තිත්ත කුණුහරප කියමින් බනිනවා. බොරු නඩු දානවා කියලා තර්ජනය කරනවා.
වසර 20ක කාලයක සිට මිරිදිය ධීවර කර්මාන්ත යේ නියැලි සිටින 53න් හැවරිදි සිව් දරු පියෙනු වන නන්දසිරි  පානදුර දකුණ පොලීසිය මාස කිහිපයක සිට තම ජිවිකාව කරන ඔරුව’ තමාට නොදන්වා ඉබ්බන් කඩා,දැල් පන්න විනාශ වන පරිදි තැන් තැන් වල දමාඑ් ගැන විමසීමේ දි සිදුකරන තර්ජන සම්බන්ධයෙන්  ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස්පති වෙත කරන ලද ලිඛිතව පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
‘‘ මා අවුරුදු 20 ක සිට - රැුකියා වශයෙන් මිරිදිය මසුන් ඇල්ලීම සිදු කරනු ලබන අතරමා මා`ඵ ඇල්ලමීව සිදු කරන්න් බොල්ගොඩ ඟගේය.
මීට මාස 04කට පමණ පෙර සිට - මා රැුකියාව සඳහා යොදා ගන්නා ඔරුව පානදුර පොලිසියේ නිලධාරින් විසින් ඔරුවට දමා තිබෙන ඉබ්බන් කඩා දමා ගෙන යනු ලබයි.
මා රැකියාව නිමකර- “හෝටලේ වත්ත නැමැති වත්තේ ඔරුවට ‘ඉබ්බන් දමා´ ගාල්කරන අතරමාගේ ආම්පන්න ද ඔරුව තුලම දමා තැබීම මා දිනපතාම සිදුකරන්න කි.
මා උදෑසන රැුකියාව ආරම්භ කිරීමට යාමේදීමාගේ ඔරුව ගාල් කරන තැන නොමැති අතරමා වෙහෙස වී ඔරුව සොයා ගත යුතුය. ආම්පන්න ද තැනින් තැන තිබී මා අහුලාගත යුතුය.
එ් අතර දින කිහිපයක්ම පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් මාගේ නිවසට පැමිණ, ”නන්දසිරි කියන්නේ උඹද” කියා ද අසා, ”පොඞ්ඩක් එන්න යන්න” කියා ඔරුව තිබෙන තැනට ගෙන යනු ලබයි. එ් අවස්ථාවේදී ඔරුවේ ඉබ්බා නැති බව පෙනී යාමේදී මා එ් පිළිඳව ඔවුන්ගෙන් ප‍්‍රශ්ණ කිරීමේදීමට අසභ්‍ය වචනයෙන් බැණවැදීමා සමිත නැමැත්තා සමග කසිප්පු පෙරන බවට චෝදනා කරමට ව්‍යාජ නඩු පවරන බවට තර්ජණය කරනු ලබයි. මට එරෙහිව පෙත්සම් ඇති බවද පවසයි.
මොවුන් මාගේ ඔරුවේ ඉබ්බන් කඩා ඔරුව ගෙනගොස්ඉන් අනතුරුව මාගේ නිවසට පැමිණි බව මට තේරුම් ගියේ එවිටය.
පානදුරවලාන දුෂණ මර්ධන එ්කකයේ නිලධාරීන් මාගේ නිවසට පැමිණ මාගෙන් යතුර ඉල්ලාගෙනමාගේ කැමැත්ත ඇතිව නීති විරෝධීව මත් පැන් ඇල්ලීමට යයි. එ් අනුව 2014.01.22 දිනද දුෂන මර්ධන එ්කකයේ නිලධාරීන් මාගෙන් යතුර ඉල්ලාගෙන ගොස්නැවත පැමිණ කීවේ පානදුර පොලිසියෙන් ඉබ්බන් කඩා යතුරු ගෙන ගොස් ඇති බවයි.’’
ඔහු ඉල්ලා සිටින්නේ පානදුර දකුණ පොලිසියේ නිලධාරින්ගේ නීති විරෝධී ක‍්‍රියාවන් වලට විරුද්ධව නීතිමය පියවර ගෙන අවුරුදු 20ක් පුරා කරගෙන ආ රෑකියාව බාධාවකින් හිරිහැරයකින් තොරව කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසටපානදුර දකුණ පොලිසියේ එම නිලධාරින්ගෙන් නීති විරෝධී ක‍්‍රියාව නවත්වාලීමට පියවර ගන්නා ලෙසටඅදාල නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට සහ ආරක්ෂාව සලසන ලෙසටය.

No comments:

Post a Comment