Wednesday, January 29, 2014

පොලිස් අපරාධ කරුවන්ට - ඉහළ නිලධාරීන්ගේ රැකවරණය



නීති විරෝධීව අත් අඩංගුවට ගෙන රදවා තැබීම ගැන පොලිස්පති පරීක්ෂණ ප්‍රෝඩාවක්. දොඩංගොඩ පදිංචිකරුවකු වන දයාරත්න මහතාව, හා ඔහුගේ සේවක පිරිසව නීති විරෝධීව අත් අඩංගු වට ගෙන, කඵතර උතුර පොලිසියට ගෙනගොස් රදවා තබා ගන්නේ, එවකට එම පොලිස් ස්ථානයේ සේවය කල පද්මසිරි නැමැති උප පොලිස් පරීක්ෂක වරයාය.


2011.11.30 දින සිදුකල මෙම නීති විරෝධී ක්‍රියාව ගැන දයාරත්න මහතා, මානව හිමිකම් කොමිෂමට කල පැමිණිල්ල අදාලව - නිර්දේශය 2013.12.31 දාතමින් නිකුත් කරනු ලබනවා.


එම නිර්දේශයට අනුව, දයාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම හා රදවා තබා ගැනීම නීති විරෝධී බවත්, එමගින් ඒ මහතා ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් - මානව හිමිකම් කොමිෂන් සභාව - නිගමනය කරනු ලබනවා.


එම නිර්දේශයේ පැහැදිලිව ස්දහන් කරනවා කලුතර උතුර පොලිසියේ එවකට සේවය කල උප පොලිස් පරීක්ෂක පද්මසිරි, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන, පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝග උල්ලංගනය කර ඇති බව.


එමෙන්ම ඔහු කොමිෂම ඉදිරියේ අසත්‍ය ප්‍රකාශද කර තිබෙනවා.

නිර්දේශය අනුව, උ.පො.ප.පද්මසිරි වන්දි වශයෙන් දයාරත්න මහතාට රු: 5000/= ක් ගෙවිය යුතුයි. නමුත් එය මේ දක්වාම ගෙවා නැහැ.


මෙහිදී අවධානය යොමු කල යුතු විශෞෂ කරුණක් ඇත. දයාරත්න මහතා විසින් මෙම කාරණය අදාලව පොලිස්පතිට කරන ලද පැමිණීල්ලට කිසිදු පියවරක් ගෙන නොමැති බව.

එමෙන්ම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක වරයෙකු කරන අපරාධ වලට, නීති විරෝධී වැඩවලට - ස්ථානාධිපතිවරයා වගකිව යුතු බව.

එම පොලිස් ස්ථානය බාර කොට්ඨාශයේ පොලිස් අධිකාරී හා අවසාන වශයෙන් පොලිස්පති වගකිව යුතු බව.


නමුත් අද පොලිස් කාරයින්ගේ අපරාධ හා නීති විරෝධී ක්‍රියා පිළිබද මහජනයාගේ පැමිණිලි පරීක්ෂා කරවන්නැයි බාර දෙන අදාල පොලිසිය බාර පොලිස් අධිකාරීවරයා කරන්නේ තමා බාරයේ තිබෙන පොලිසියේ නිලධාරීන් වරදක්, අපරාධයක්, විනය විරෝධී ක්‍රියාවක් නොකල බවට - ව්‍යාජ කරුණු ඇතුලත් වාර්තාවක් පොලිස්පතිට යැවීමයි. පොලිස්පතිඑය හිස් මුදුනින් පිළිගෙන - පැමිණිල්ල කුණූගොඩට දැමීමයි.


මෙය ෙවනස් කල යුතුයි.

අවම වශයෙන්, මානව හිමිකම් කොමිෂම සිය නිර්දේශය, පොලිස්පතිටද යවා තිබේ. ඒය පදනම් කරගෙන එවකට කඵතර උතුර පොලිසියේ සේවය කල උ.පො.ප.පද්මසිරි ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගෙනථ ඒ බව දයාරත්න මහතාට දැන්වීමට ෙපාලිස්පති වරයා නීති ගරුක විය යුතුයි.

No comments:

Post a Comment