Thursday, January 9, 2014

මමත් යුනිෆෝම් එකක් දාගත්තා නම් ගහලා තමයි කථා කරන්නේ. එ්ක රාජ උස්නේ. චිවරධාරියෙක් මේ ප‍්‍රකාශය කරන්නේ මෘග පොලිස්කාරයෙකු බේරාගන්න, අන්ත අසරණ දායෙකුට.



තෙලිකඩ පොලීසියට ඔත්තු සපයන, කප්පන් ලබාදෙමින් බාලවයස්කාර දරුවන් අපයෝජනය කරන බවට පුද්ගලයෙකු ගේ අවශ්‍යතාවයට තෙලිකඩ පොලීසියේ ඉන්දික නැමැති නිලධාරියාගේ පහරදීමට ලක්ව අද අන්ධයෙකු බවට පත්ව සිටින බුස්සේ හතලිස් අට හැවරිදි සුමිත් කොරළ යුක්තිය ඉටුවේය යන අපේක්ෂාවෙන් ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට සහ පොලිස්පති වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලට ඔබ සැම අවධානය යොමු කරමු.

‘‘ 2013.12.01 දින, තෙලිකඩ පොලිසියෙන් උදේ 9 -9.30 පමණ, තෙලිකඩ පොලිසියේ ඉංදික නැමැති නිලධාරියා ඇතු`ඵ 5 දෙනෙක් පමණ මාගේ නිවසට පැමිණීයා. කෝ කෝසල කියා කෑගැසුවා. මා ඔවුන් ළඟට යනකොට ඉංදික නැමැති නිලධාරියා මාගේ ෂර්ට් කොළරයෙන් අල්ලා බෙල්ලටයි, පිටටයි ගැහුව්වා. මාගේ වම් ඇසේ ලෙන්ස් එකක් දමා තිබුනේ. ඔහු මගේ එම ඇසට ද ගැහුව්වා. ලෙන්ස් එක කැඞී ගියා. පහරදීම් නිසා මගේ පාදයක් ද තුවාල වුනා.
ගහන්න හේතුව ලෙස ප‍්‍රකාශ කළේ - මා මගේ දරුවන්ට පහර දී වධහිංසා කරන බවට අසල්වැසියන් පැමිණිලි කර ඇති බව යි.

පසුව මාවත් දරුවන් තුන් දෙනාවත් පොලිසියට ගෙනගිහින් දරුවන්ව අක්කට බාර දුන්නා.දහවල් 12ට පමණ මාව කරාපිටිය රෝහලට ගෙන ගියා. කරාපිටිය රෝහලේ 32 වාට්ටුවේ නවත්වා ගත්තා. ඇහේ තිබුනු ලෙන්ස් එකේ කැබලි ඉවත්කර ප‍්‍රතිකාර කලා. දින 06ක් රෝහල් ගතව සිටියා. රෝහල් පොලිසිය කටඋත්තර ගත්තා. අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කලා.අද වන තුරුත් කකුලේ තුවාලය තිබෙනවා.

මේ සම්බන්ධයෙන් 2013.12.12 දින මා - ගාල්ල නියෝජ්‍ය පොලිස්පති වරයා වෙත පැමිණිලි කලා. එතැනින් මාව ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී වෙත යොමු කලා.එදිනම සවස මා ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී වෙත ගියා. එදින මාගෙන් විස්තර ඇසුවා පමණයි.පසු දින එනම් 2013.12.13 දින මාගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තා.මේ දක්වා පහරදීම අදාලව පියවරක් ගත්තේ නැහැ. මට දිගින් දිගටම තෙලිකඩ පොලිසියේ ඉංදිකට විරුද්ධව කරන  ලද  පැමිණිලි ඉවත් කරන ලෙසට බලපෑම් ආවා.පසුව දිනක් තෙලිකඩ පොලිසියේ මට පහර දුන් ඉංදික නැමැති නිලධාරියා, ඔහුට විරුද්ධව ඇල්පිටියේ දැමූ පැමිණිල්ල ඉවත්කර ගන්න එන්න කිව්වා. මා එය ප‍්‍රතික්ෂේප කලා.පසුව මගේ ගෙදරට පොලිස් කාන්තාවන් 2කු පැමිණ දරුවන් තිදෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත්තා.පසුව නැවතත් නිලධාරියෙක් පැමිණ මට විරුද්ධව පැමිණිල්ලක් ඇතිබව පවසා එය විභාගය සඳහා 2013.12.29 දින පොලිසියට පැමිණෙන ලෙසට දන්වා ගොස් තිබුනා.ගමේ ලයනල් නැමැති පොලිසියට ඔත්තු සපයන පුද්ගලයා පැමිණ පැමිණිල්ල ඉවත්කර ගන්නා ලෙසට බලපෑම් කලා.

28 දින පොලිස් නිලධාරීන් විටින් විට පැමිණ මාව සොයා තිබුනා.28 දින සවස ලයනල් නැමැත්තා පැමිණ පොලිසියට යන්න  ඕනා නැහැ, ගලතොට පංසලට විභාගය සඳහා 29 දින එන්න කියා පැවසුවා.
2013.12.29 දින ගලතොට විහාරයට ගියා. ඉංදික නැමැති නිලධාරියා ඇතු`ඵ නිලධාරීන් කිහිප දෙනෙක් පැමිණියා. එහිදී හාමුදුරුවන් - කෝසල කියන්නේ අහිංසක මිනිහෙක් කියා, පොලිසියට බැණවැදී, පසුව මට කිව්වා පොලිසිය ඔහොම තමයි, මමත් පොලිස් යුනිෆෝම් එකක් ඇඳලා හිටියානම් මමත් ගහලා තමයි කතා කරන්නේ, එ්ක තමයි රාජ ඌෂ්නේ, දැන් ඉන්න එවුන් වැඩක් නැහැ, පොලිසියෙ ඉන්නේ කොලූ චව්වො, කිසිම වැඩකට නැහැ, දෙයක් දැක්කත් අහක බලන් ඉන්නවා කියා පැවසුවා.එහිදී තෙලිකඩ පොලිසියේ ඉංදික නැමැති නිලධාරියා මට ලෙන්ස් එක දාගන්න කියා රු: 6000/=ක් දුන්නා.

ඊට පසුවදා පොලිසියෙන් නිලධාරීන් දෙන්නෙක් ඇවිත්, උදේ 8 - 9 විතර තෙලිකඩ පොලිසියට ගෙනගියා.එතැනින් ජීප් රථයෙන් ඇල්පිටිය ස.පො.අධිකාරී කාර්යාලයට ගෙන ගියා. දුවත් මා සමග ගියා.එහිදී ඉංදික නැමැති නිලධාරියා මට රු:100/=ක් දී තේ බොන්න කිව්වා.පැය 2ක් පමණ පොලිස් අධිකාරි කාර්යාලයේ අපව රස්තියාදු කලා. පසුව පොලිස් කාන්තාවක් විසින් කොළ 2කට මගෙන් අත්සන් ගත්තා. අත්සන් ගත්තේ කුමකටද යන්න තේරුම් කර දුන්නේ නැහැ.පසුව මාවත්, දුවවත් ජීප් රථයෙන් ගෙදර ගෙනියන්න පිටත් වුනා. අතර මගදී බත් පාර්ෂල් 3ක් අරන් දුන්නා. තෙලිකඩ පොලිසිය ලඟදී ඉංදික නැමැති නිලධාරියා බැස්සා. අපව ගෙදරට ගෙනහින් දැම්මා.මට මෙසේ පහර දීමට හේතුව වූයේ - පොලිසිය සමග කිට්ටු සම්බන්ධකම් පවත්වන නන්දන නැමැත්තා විසින් ප‍්‍රදේශයේ පාසල් දරුවන් එකතුකර, මුදල් ඔට්ටුවට විවිධාකාර සූදුවල යොදවයි. ඬේ කාඞ් හා හෙඞ් ගැසීම් සිදුකරනු ලබයි.මාගේ ළමයිනුත් එ්වාට යොදවා ගැනීම නිසා, මා එම පුද්ගලයාට දෝෂා රෝපනය කිරීම මෙයට හේතුව බව විශ්වාස කරමි.

මොහු පොලිසිය සමග එකතුව, මා දරුවන්ට හිංසා කරන බවට මට එරෙහිව ව්‍යාජ පැමිණිලිකර ඇත.
මෙම සිද්ධියෙන් පසුව, තෙලිකඩ පොලිසියේ නන්දන නැමැති පුද්ගලයා යොදවා, මට විරුද්ධව ව්‍යාජ පැමිණිලි ලියවාගෙන ඇති බවද දැන ගන්නට තිබේ.මා මේ පිළිබඳව පැමිණිලි කිරීමට මාතර මානව හිමිකම් කොමිෂන් සභාවට (ප‍්‍රදේශිය කාර්යාලයට ගිය විට (2014.01.06 දින) එහි ප‍්‍රධාන නිලධාරියා මගෙන් විස්තර අසා, රු: 6000/=ක් අරගෙන නේද ඉන්නේ, තව කීයක් හරි ඉල්ලගෙන නිකන් ඉන්න කියාපැවසුවා.’’සටහන:- ඇස් පෙන්නේ නැති මෙම මිනිසාට මානව හිමිකම් කොමිසමේ මාතර ප‍්‍රාදේශිය සම්බන්ධිකාරක පොරමයක් දිලා තියෙනවා පුරවලා දෙන්න කියා. මෙම සම්බන්ධිකාරක වරයා වංචනික අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පත්වීම ගත් අයෙකු බව ඔප්පු වි තිබෙන බවද වාර්තා වේ.

පහර දීම නිසා, ඇස් පෙනීම නැති වි තිබෙන මේ මිනිසා අද ආබාධිතයෙකි.මෙම අපරාධය කල තෙලිකඩ පොලිසියේ ඉංදික නැමැති නිලධාරියාට එරෙහිව මේ දක්වා කිසිදු නීතිමය හා විනායනුකූල පියවරක් ගෙන නැති අතර ඔහු බේරා ගැනිම පොලිස් ලොක්කන්ගේ උත්සහය වී ඇත. මේ කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක්ද ඉදිරි පත්ව තිබේ.

No comments:

Post a Comment