Friday, January 3, 2014

බිලා, ලයිසන් නැතිව දෙන්නෙක්ව පිටි පස්සේ තියන් ඇවිත් වෙට්ටු දාලා හප්පපු එකා ගෙදර. පදවපු එකා සාක්ෂිකරු. පිටිපස්සේ ආපු එකාට නඩු.


පසුගිය වසරේ ඔක්තෝබර් මස පස්වෙනිදා යටවත්ත පොලිස් වසමට අයත් මාතලාපිටියට ආසන්නව යතුරු පැදි දෙකක් හැප්පි අනතුරට පත්විය. අසල්වැසියන් වහාම තුවාල කරුවන්නව යටවත්ත රජයේ රෝහලට පිටත් කර හරිනු ලැබීය. එකම පාර්ශවයකටවත් පොලීසියට යෑමට අවශ්‍යතාවයක් නොවීය. එ් නිසා අසල්වැසියන් යතුරු පැදි දෙක පාරෙන් ඉවත් කර, අසල කඩයක මිදුලකට දමන ලදි.

අනතුර ගැන දැන ගත් යටවත්ත පොලීසිය රාත‍්‍රියේ පැමිණ යතුරු පැදි දෙක පොලීසියට ගෙන ගියේය. පසුදින තමන් ගත් යතුරු පැදිය පොලීසියට ගෙන ගොස් ඇති බව දැන ගැනීමෙන් පසුව යතුරු පැදි අයිතිකරු සමග යටවත්ත පොලීසියට ගිය අජිත් ගුණරත්නට පොලීසිය කියා සිටියේ තමනට් නඩු ඔනෑ බවත් එ් නිසා නඩු දාන බවත්ය.
පොලීසිය අනතුර ගැන මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. එ් පොලීසියට ගොස් යුක්තිය කථා කළ අජිත්ව චුදිතයා කරමින්ය.

යටවත්ත පොලීසියේ මේ නිහීන ක‍්‍රියාව ගැන 18 හැවරිදි, මහවෙල, පදිංචි අජිත් ගුණරත්න මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිපති හා පොලිස්පති වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල පහත පළකරමු. අවධානය යොමු කරන්න. මෙය ඔබටද විය හැකිය.
‘‘2013.10.05 වන දින, මා සහ අසංක නුවන් තිලකරත්න, ප.ව. 2.30 ට පමණ, ෙදාඹවෙල සිට මාතලාපිටිය දක්වා ගමන් ආරම්භ කළා.
අප ගමන් ගත්තේ, නන්දික ඇල්ලේපොලට අයත්, හොන්ඩා සුපර් කැබ් (මේට්*- 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදියෙන්.
මා පසුපස ගමන් ගත් අතර, යතුරුපැදිය පැදවූයේ අසංක නුවන් තිලකරත්නය. මාතලාපිටිය, ගලහේන හංදිය අසලදී, දකුණු පසින්, අප ඉදිරියට ගමන් ගත් යතුරුපැදිය, අප යතුරු පැදිය ආසන්නයටම පැමිණ, අපව හරස් කරන ලදි.

අපට යතුරුපැදිය නවත්වාගත නොහැකිවිය. අප යතුරුපැදිය ඔවුන් පැමිණි යතුරුපැදියේ ගැටින. බජාජ් ඩිස්කවරි 135 සී.සිී. වර්ගයට අයත් ක්‍ඡු උී 9042 දරන නවීන යතුරුපැදියේ තිදෙනෙක් ගමන් කරමින් සිටියා.මේ තිදෙනාටම හෙල්මට් තිබුණේ නෑ. යතුරුපැදි ගැටීම නිසා, අප ගමන් ගත් යතුරුපැදිය පැදවූ අසංක නුවන් තිලකරත්නට තුවාල වුනා. බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදිය පැදවූ වඩුගෙදර ජගත් පුෂ්පකුමාරටද තුවාල වුනා. මගේ වම් කකුලේ දණහිසට පහළින් සීරීමක් වුනා.

අසල සිටි අය එක්ව, මාවත්, අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව, ත‍්‍රීරෝද රථයකට නංවා යටවත්ත රජයේ රෝහලට පිටත් කළා.
යටවත්ත රජයේ රෝහලේදී අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව වාට්ටුවට ඇතුළත් කළා. මට තුවාලය පිරිසිදුකොට බෙහෙත් වර්ගයක් ගැල්වූවා. මගේ කකුල සීරිලා විතරයි තිබුනේ. අසංක නුවන් තිලකරත්නට හා ජගත් පුෂ්ප කුමාරට ප‍්‍රතිකාර කළා.මා රෝහලේම රැුඳී සිටියා. නිවෙස්වල අය පැමිණෙන තෙක්. එ් අතර බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදියේ ගමන් ගත් අනෙක් දෙන්නාද වෙනත් ත‍්‍රී රෝද රථයකින් රෝහලට පැමිණියා. නමුත් ඔවුන්ට තුවාල සිදු වී තිබුනේ නෑ.

එයින් පසුව, ජගත් පුෂ්ප කුමාරගේ පපුව රිදෙනවා කියා, බලයෙන් ටිකට් කපාගෙන, මාතලේ දිසා රෝහලට යන බව පවසා, රෝහලෙන් පිටවුනා.මා පසුව දැන ගත්තා, යතුරුපැදි දෙකම, අසල්වැසියන් පාරෙන් ඉවත් කර, අසල කඩයක මිදුලේ තබන ලද බව.ජගත් පුෂ්ප කුමාර, ටිකට් කපාගෙන ගිය පසු, අසංක නුවන් තිලකරත්නද, රෝහලේ ඉන්න බෑ කියා, කැමැත්තෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා.ජගත් පුෂ්ප කුමාර මත්පැන් බීලා සිටින බව අපට රෝහලේ හෙදියන් ප‍්‍රකාශ කළා.
පසු දින, 2013.10.06 වන දින උදේ 8.00 ට පමණ, මා නන්දික ඇල්ලේපොල සමග අනතුර සිදු වූ ස්ථානයට ගියා. එහිදී, අසල්වැසියන් අපට ප‍්‍රකාශ කළා රාත‍්‍රී 11.00 ට විතර, යටවත්ත පොලීසියෙන් පැමිණ, යතුරුපැදි දෙක ගෙන ගිය බව.

එ් අනුව නන්දික ඇල්ලේපොලත් මමත් යටවත්ත පොලීසියට ගියා.
අප යන විට යතුරුපැදි දෙක පොලීසියේ තිබුණා. මේ පිළිබඳව අප විමසා සිටි විට, පො.කො.28135 දිසානායක, ප‍්‍රකාශ කළා, අපිට කෝල් එකක් ඇවිල්ලා තමයි ගියේ, අපි යතුරුපැදි දෙක ජීප් එකේ දාගෙන ආවා. තමුසෙලාට විරුද්ධව නඩු දානවා යැයි කිව්වා.
ඔහු විස්තර අසා, අපට කිව්වා යතුරුපැදිය පදවාගෙන ගිය, තුවාල ලැබූ අසංක නුවන් සමග මට පොලීසියට පැමිණෙන ලෙසට.දින දෙකකට පමණ පසුව මා අසංක නුවන් තිලකරත්න සමග පොලීසියට ගියා.
එදින මාගෙන් හා අසංක නුවන් තිලකරත්නගෙන්, ප‍්‍රකාශ ගත්තා.
එ් අතර අප දෙන්නාගෙන් රියදුරු බලපත‍්‍ර තියෙන්නේ කාටදැයි විමසූවා. අසංක නුවන් තිලකරත්නට රියදුරු බලපත‍්‍රයක් තිබුණේ නැහැ.
මට පුහුණුවීම් කාලයට නිකුත් කරන තාවකාලික බලපත‍්‍රය තියෙන බව ප‍්‍රකාශ කලා.

එය පොලීසියට බාරගෙන තාවකාලික බලපත‍්‍රයක් දුන්නා.
එයින් පසුව නුඹලාට නඩු දානවා, දැන්නුවාම උසාවියට වරෙන් කිව්වා. 2013.10.29 වන දින මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණෙන ලෙසට මට දුරකථනයෙන් දැනුම් දුන්නා.එ් අනුව මම හා අසංක නුවන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගියා.එ් අවස්ථාවේ මා දැන ගත්තා, අනතුරට පත් යතුරුපැදිය, පැදවූවේ මා බව සඳහන් කරමින් මට විරුද්ධව බොරු චෝදනා නගා නඩුවක් පවරා ඇති බව.

මම එ් චෝදනා වලට නිවැරදි කරු බව ප‍්‍රකාශ කළා.
නඩු වාර්තාව අනුව මට විරුද්ධව චෝදනා 04 ක් නගා තිබෙනවා.
මේ අතර මා දැනගත්තා, වැරදි පැත්තෙන් හෙල්මට් නොමැතිව, බීමත්ව, තිදෙනෙකු සමග පැමිණි ජගත් පුෂ්ප කුමාරට විරුද්ධව කිසිදු නඩුවක් පවරා නොමැති බව.එමෙන්ම ජගත් පුෂ්ප කුමාර පැදවූ ඩිස්කවරි 135 සී.පී. වර්ගයට අයත් ක්‍ඡු උී. 9342 දරන නවීන යතුරුපැදිය පොලීසියෙන් මුදාහැර ඇති බව.

එහෙත්, අසංක නුවන් තිලකරත්න පැදවූ නන්දික ඇල්ලේපොලට අයත් පැරණි හොන්ඩා සුපර් කැබ් - 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදිය මුදාහරින්නේ නැතිව පොලීසියේ තබාගෙන සිටින බව.
මේ ආකාරයට, යටවත්ත පොලීසිය වරදකරුවන් නිර්දෝෂී පුද්ගලයින් කර, අසරණයින්ට වරදට ගොදුරු වූවන්ට ව්‍යාජ චෝදනා නගා අධිකරණය හමුවට පමුණුවා වධහිංසාවට පත්කරන බව ප‍්‍රකාශ කරමි.
ජගත් පුෂ්ප කුමාර නැමති අය හා ඔහුගේ පවුලේ උදවිය, පොලීසිය සමග අයථා ගණුදෙනුවක් ඇති බව ප‍්‍රකාශ වේ. සත්‍ය නොදනිමි.’’

ඔහු සිය පැමි’ල්ල මගින්  ඉල්ලා සිටින්නේ,

1* ව්‍යාජ චෝදනා නගා නඩු පැරීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද,
යටවත්ත පොලිස් ස්ථානාධිපති උ.පො.ප. වික‍්‍රමරත්න, පො.කො. 28135 දිසානායක, පො.කො.36317 සුනිල්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට,

2* මෙම ව්‍යාජ නඩුව ඉවත් කරන ලෙසට හා

3* අප පැදවූ, නීති විරෝධීව පොලීසිය රඳවා තබාගෙන සිටින යතුරුපැදිය නොපමාව මුදා හරින ලෙසටය.

No comments:

Post a Comment