Monday, January 13, 2014

ගංජා ගැහැව්වාට කමක් නැත. තහනම ඉවත් කරණු.


රසායනික සංයෝග 400ක් ඇති බවට සොයාගෙන ඇතිඖෂධීය ගුණයෙන් සපිරි ගංජා ලොව පුරාම තම රටවල දේශිය වෙදකමට යොදා ගන්නට පටන් ගත්තේ කවදාද යන්න කීමට නොහැක.
අපේ දේශිය වෙදකමේ හා ආයුර්වේදයේ ගංජා අත්‍යාවශ්‍ය වටිනා ඖෂධයකි. මේ වනවිට බටහිරි ඖෂධ වලටද ගංජා යොදා ගනී.
ගංජා බීමද අපට මෙන්ම ලොවටම ආගන්තුක නැත. ගංජා සරුවට වැවෙන්නේ ලංකාව ඇතුලූ ආසියාතික රටවල හා ලතින් ඇමෙරිකානු රටවලය. බටහිර රටවල ඉතා ප‍්‍රචලිත පානයකි ගංජා. ගංජා නිපදවන රටවල් නීති විරෝධි ක‍්‍රම මගින් බටහිර රට වලට ගංජා යැවීම ඉතා ලාභදායි ව්‍යාපාරයකි.
මැතක් වනතුරු සියලූම රටවලලංකාවේ මෙන්ම ගංජා පානයඅලෙවියප‍්‍රවාහණය හා වගාව නීති විරෝධිය. ගංජා වීෂ හා අන්තරාදායක ඖෂධ ගණයට අයත්ය. ලංකාවේ මෙන්ම ලොවම විනොදාස් වාදය සඳහා ගංජා බීමතහනම මගින් පාලනය කිරිමට නොහැකිවිය. තහනම මගින් දුෂණය වර්ධනය විය. වනාන්තර ආශ‍්‍රිතව වැවෙන ගංජා සංවිධානාතමක ව වගා කිරිමප‍්‍රවාහණය හා අලෙවිය ‘‘පාතාලය’’ බාර ගන්නා ලදි. එයට දේශපාලකයින්පොලීසියරේගුව හවුල් විය.
එක් පැත්තකින් විද්‍යාඥයින් ගංජා පැලෑටියේ ඖෂධීය ගුණ පර්යේෂණ වලට භාජනය කළේය. බටහිර ඖෂධ නිපදීවීමට යොද ගැනීම ඇරඹුයේ. තවත් පැත්තකින් සමාජ විද්‍යාඥයින් ගංජා බීමේ ආදිනව පරික්ෂණ වලට බඳුන් කළේය. කුඩුසිගරට් සහ මද්‍යාසාර මෙන් ගංජා සිරුරට අහිතකර නැති බව මේ වනවිට පර්යේෂන වලින් තහවුරුව තිබේ. සමහර රෝග වලක්වා ගැනීමටද ඉවහල් වේ.
එමෙන්ම ගංජා වගාව හා අලෙවිය නීතියානුකුල කිරිම මගින් විශාල ආදායමක් රජයට උපයා ගැනීමට හැකිවේ. ගංජා ඇල්ලීම සඳහා යොදවන පොලීසිය අත්‍යාවශ්‍ය අපරාධ මර්දන කටයුතු වලට යෙදවීමට ඉඩ ලැබේ. දුෂණය විශාල ප‍්‍රමාණයකින් අඩුවන අතර පාතාල ක‍්‍රියාකාරකම්ද අඩුවේ.
මෙම පසුබිම යටතේ ගංජා ලඟ තබා ගැනීම අදාල නීති ලිහිල් කිරිමට ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් පියවර ගත්තේය. ලතින් ඇමෙරිකානු රාජ්‍යයක්වන උරුගුවේ රාජ්‍ය ගංජා නීති්‍යානු කරමින් ආදර්ශයක් ලබා දිමට පුරෝගාමී විය. මේ වනවිට ගංජා තිති්‍යානුකුල කිරිම පිළිබඳ සාකචජාවන් බොහෝ රටවල ආරම්භවී තිබේ.
ලංකාවේ ගංජා (Cannabis sativa) සරුවට වැවේ. එය දේශිය ඖෂධ පැලෑටියකි. නීතියට අනුව බලපත‍්‍රයක් රහිතව ගංජා ලඟ තබා ගැනීමප‍්‍රවාහණයවිකිණීම හා වගා කිරිම තහනම්ය. මෙම තනම අපට ගෙනාවේ සුද්දන් (අධිරාජ්‍යවාදින්) බව දන්නේ කී දෙනාද!
මෙම නීතිය අද වන විට ශ‍්‍රි ලංකාවේ පොලසිය උපයෝගි කර ගන්නේ අසරණයින්ට බොරු නඩු දමා ආණඩුවට මුදල් හම්බකර දෙන ජාවාරමක් බවට පත්කරඑ් අතර තම සාක්කුවට නිත්‍යයානු කුලව මුදලක් එකතු කර ගැනීමට හා ඉතා පහසුවෙන් පගාව ගැනීමටය. අපද ගංජා තහනම ගැන සිති බැලිය යුතුය.
වාර්තා වී තිබෙන පරිදි ගංජා තහනම ඉවත් කළ යුතු බවට ප්‍රථම යෝජනාව ඉදිරිපත් වි ඇත්තේ ඇමෙරිකාවෙනි. ඒ 1970 La Guardia පුවත් පතයි. ශ්‍රි ලංකාවේ 1973 දි ශ්‍රි ලංකාවේ රාසායනික විද්‍යා ආයතනය මගින්  ‘‘ ගංජා“ පිළිබව සංවිධානය කරන ලද සාකචඡාව අද ඉතිහාසයට එක්ව ඇති බව පවසන්නේ රට ගොස් තිබෙන අත ගැන සිතා බලන්නටය.
මෙම සාකච්ඡාවේ මුලසුන හෙබවුයේ Dr. Ramakrishna (සභාපති), Dr. Kottagoda (Pharamacology), Dr. Para(?) Chandrasoma (Psychiatry), Dr. Chandre Dharmawardana (Chemistry), and the Government Analyst (Mr. Nithkunanathan) යන විද්වතුන්ය.
මෙම සාකච්ඡාවේ දි වෛද්‍ය කොදාගොඩ සහ වෛද්‍ය චන්ද්‍රසෝම දැඩි ගංජා විරෝධි ස්ථාවරයක් ගෙන කථා කළ අතර, රසායනික විද්‍යාඥ ආචාර්ය චන්ද්‍රා ධර්මවර්ධන ඉතා පැහිදිලව පෙන්වා දුන්නේ රජය සමස්ථ සමාජයට අහිතකර, විනාශකාරි සිගරට් අලෙවියට  ඉඩ දෙමින් අධික ලාභ උපදවන අතර, ඉතා අඩු හානිදායක  ‘ගංජා´තහනමට උනන්දු වන බවයි.
මෙම සාකච්ඡා වට එක්ව සිංහල වෙද මහතෙකු ‘ගංජා´ සිංහල වෙදකමට අත්‍යාවශ්‍ය, ගුණදායි ඖෂධයක් බවයි. ඔහු - ගංජා- තහනම ඉවත් කළ යුතු බව තරයේ කියා සිටින ලදි.

අදට ද වැදගත් වන සිදුවීමක් මෙම සාකච්ඡා වෙදි සිදුවිය, එනම් සාකච්ඡාවට එක්ව සිටි  පාර්ලිමේතු මංත්‍රි මහින්ද රාජපක්ෂ, පොලීසිය සමග එක්ව - ගංජා - පැලෑටි දෙකක් සභාවට ඉදිරි පත් කිරිමය. එම ගංජා පෑලිටි අප ගෙවත්තේ වවන දාස මල් ගස් වලට සමාන විය.

No comments:

Post a Comment