Thursday, January 23, 2014

සුන්නත රැක ගන්න ඊශ්‍රායලය චිත්‍රපටයක් හදයි.



ඉතා කුඩා අවධියේ පිරිමි ළමුන් සුන්නත් කිරීම යුදෙව් ජාතිකයින්ගේ හා මුස්ලිම් ආගමිකයින්ගේ චාරිත්‍රයකි.

මෙම චාරිත්‍රය මගින්, ළමුන්ගේ අයිතීන් උල්ලංඝණය කරනු ලබන බව හා බරපතල සෞඛ්‍ය ගැටඵ ඇති කරන බව විශේෂඥවරුන්ගේ මතයයි.

කුඩා අවධියේ සිදු කරන මෙම සුන්නත් කිරීම, පිරිමි දරුවන්ගේ යහපත උදෙසා තහනම් කල යුතු බවට යුරෝපයේ පිළිගැනීම වුවද, මෙතෙක් එය නීතිගත කර නොමැත.

සුන්නත තහනම් කිරීම වලක්වා ගැනීම සදහා යුදෙව් රාජ්‍ය වන ඊශ්‍රායලය හා මුස්ලිම්වරුන් කියා සිටියේ, මෙම නීතිය ගෙන එන ලැබුවහොත්, යුදෙව් ජාතිකයින්ට හා මුස්ලිම් ජාතිකයින්ට යුරෝපයේ ජීවත්වීමට නොහැකි වන බවයි.

අන්තවාදී යුදෙව්වන් හා මුස්ලිම් ආගමිකයින් නිර්වින්දනය කර, සෞඛ්‍ය ආරක්ෂිතව සිදුකරන සුන්නතට විරුද්ධ වෙති.

ඊශ්‍රායලය සුන්නත රැකගැනීමේ නිපදවන ලද චිත්‍රපටය මගින් - සුන්නත් කිරීමෙන් සිදුවන වාසි කියා පාන අතර, එමගින් ඒඩ්ස් වැළැකෙන බවට ද මිත්‍යා මතයක් පතුරුවයි.

ආගම හා සංස්කෘතිය නාමයෙන් සිදුකරන ළමා අයිතීන් හා ස්ත්‍රී අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව නැගී සිටිය යුතුව ඇත.

No comments:

Post a Comment