Thursday, January 23, 2014

බ්‍රිතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් අත්අඩංගුවට.



ඉරාකයේදී, බ්‍රිතාන්‍ය හමුදා විසින් සිදු කරන ලද යුද්ධ අපරාධ වලට වගකිව යුතු එවක අගමැති ටෝනි බ්ලෙයාර්ව සුපිරි ආපන ශාලාවක් තුල දී අත්අඩංගුවට ගනු ලැබීය.
එසේ අත්අඩංගුවට ගත්තේ, එම ආපන ශාලාවේ අවන්හල් සේවක ගාර්ෂියා විසින්ය. බ්ලෙයාර් අත්අඩංගුවට ගෙන හේග් නුවර යුද්ධ අපරාධ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ගෙන යන ප්‍රචාරයන් පිළිබව හො අවධානයෙන් පසු වූ ගාර්ෂියා, මේ සුපිරි අවන්හලේ මත්පැන් කලවම් කිරීමට වඩා යමක් කළ යුතු බවට සිතන් සිටි අයෙකි.
හිටපු අගමැති බ්ලෙයාර් පවුලේ සාමාජිකයින් හා මිත්‍රවරු පිරිවරා අවන්හලට ඇතුලු වනු දුටු ගාර්ෂියා සිය බලාපොරොත්තුව ක්‍රියාවට නැංවීය.
මත්පැන් කලවම් කිරීම නතර කල ඔහු,  ටෝනී බ්ලෙයාර් ළට ගොස්, උරහිස මත අත තබා, ඉරාකයේ යුද්ධ අපරාධ සම්බන්ධයෙන් මා රටවැසියෙකු වශයෙන් ඔබ අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කොට, පොලීසියට යෑමට අඩ ගැසුවේය.
ටෝනි බ්ලෙයාර්, ගර්ෂියා සමග කතාවට වැටී සිරියාව ගැන ප්‍රශ්න කරන්නට විය.
මේ අතර ටෝනි බ්ලෙයාර්ගේ පුතා අවන්හලේ ආරක්ෂකයින් කැවීමට පියවර ගත් විට, ගාර්ෂියා එතනින් මාරු වී, අවන්හලෙන් ද පිටවිය.
මේ පිළිබව ටෝනි බ්ලෙයාර්ගේ ප්‍රකාශකයා කියා ඇත්තේ කිසිම ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ කියාය.
ගාර්ෂියා මාධ්‍යයට පැවසුවේ රටවැසියෙකු වශයෙන් තමා හිටපු අගමැති අත්අඩංගුවට ගන්නට ඉදිරිපත් වූයේ, ඉරාකයේ යුද්ධ අපරාධ පිළිබව ප්‍රශ්නය අමතක කර දැමීම වැලැක්වීමට බවය.
හේග් යුද්ධ අපරාධ අධිකරණය නාසින්ට හා අප්‍රිකාවේ ගෝත්‍ර නායකයින්ට සීමා නොවිය යුතු බවද ඔහු පවසා තිබේ.
යුද්ධ අපරාධ වලට වගකිය යුත්තන්ට නිදහසේ සිටීමට ඉඩදිය යුතු නැත. සෑම රටකම රටවැසියන්ගේ වගකීමකි.

No comments:

Post a Comment