Saturday, February 1, 2014

තට්ටම් වලට ගැහුව්වේ ‘‘වල්ලපට්ටා” පොල්ලකින්.


ගහන්න ඉස්සෙල්ලා‍ ඇහුව්වේ - උඹ මේ ‘පොල්ලේ´ වටිනාකම කීයද දන්නවදැයි කියාය. ජයා රූපය ගන්නා ලද්දේ දින 08කට පසුවය.

රුවන් කුමාර පවසන අන්දමට - 2014.01.19 දින, බණ්ඩාරගම පොලිසිය, තම නිවසට පොලිස් බල්ලෙකු ඇදගෙන ඇවිත් තිබේ.
මේ වෙලාවේ නිවසේ කිසිවකු සිට නැත. දොර කඩා ගෙට ඇතුලුවූ පොලිසිය, අස්සක් මුල්ලක් නෑර සොයා ගොස් තිබේ. ඉන් පසු රුවන් කුමාරට පොලිසියට එන ලෙසට දැනුම් දී ගොස් තිබේ.

මේ වන විට බොරු නඩු පහකට පටලවා තිබෙන රුවන් කුමාර - ඉහත සිද්ධිය පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීමෙන් පසුව, ඔවුන්  දෙන ලද උපදෙස් අනුව 2014.01.24 දින බණ්ඩාරගම පොලිසියට බාර විය.

පොලිසියට බාර වූ රුවන් කුමාරට වධ දුන් පොලිසිය, පසුදින සොරකමකට සැකකරුවකු කර - රක්ෂිත බන්ධණාගාර ගත කරනු ලැබීය. මේ නිසා දින පහක් කඵතර බන්ධණාගාරයේ ගත කිරීමට ඔහුට සිදු විය.

බොරු නඩු දැමීම, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කල පැමිණිලි කෙරෙහි අවධානය යොමු කරමු.

‘‘ පොලිස්පති හා මානව හිමිකම් කොමිසම දෙන ලද උපදෙස් අනුව මා පොලිසියට ගියේ මාගේ බිරිඳ හා බිරිඳගේ මල්ලී සමග. මා පොලිසිය තුලට යනවාත් සමගබණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති මට කතා කලා.
ඔහු කඩපු කඬේ බඩු දීපන් කිව්වා’. මම කිව්වා - මම කඩ කැඩුවේ නැහැ කියා.
ඔහු - මොකද යකෝ නැත්තේ උඹලාගේ ගෙදරට බල්ලා ගියා කිව්වා. එවිට එතැනට සාජන් රණවීර ආවා. ස්ථානාධීපතිවරයා මට,බලපන් පොලිසියේ ඉස්සරහා කඬේ කඩලා තියෙන්නේඅපිට ලැජ්ජාවේ බෑ” කිව්වා.
තෝ තමයි කඬේ කැඩුවේදැන් ඒ.එස්.පී මහත්තයාට කියන්නේ මොනවාද” යයි කියා කිව්වා.
මම ඔහුට කිව්වා, ”මහත්තයෝ පොලිසිය ඉස්සරහාට තියෙන කඩ දෙක කැඩුවේ මුර කුටියකුත් තිබියදී” කියා.
එවිට සාජන් රණවීර තොගේ ගෙදරට බල්ලා ආවේ මොකද, ? උඹට නින්ද ගිය වෙලාවට ගෑනි එක්ක හැමිණෙන එකාද දන්නේ නෑ කඬේ කැඩුවේ කියා.
ඉන් පසු මාව කූඩුවට දැම්මා.
පස්වරු 3.45 ට මාව කූඩුවෙන් එළියට ගත්තා. එසේ මාව කූඩුවෙන් එළියට ගත්තේ සාජන් රණවීර හා අපරාධ අංශයේ ප‍්‍රධානියා.
ඔවුන් දෙන්නා මාවපොලිසියේ පිටුපස්සේ කාමරය ඉදිරි පස ඉස්තෝප්පුවට ගෙන ගියා. එතනදී මාගෙන් බඩු දෙනවාද කියා අපරාධ අංශයේ ප‍්‍රධානියා ඇහුව්වා. මම ප‍්‍රකාශ කලා මම කඩය කැඩුවේ නෑ කියා.
එවිට ඔහු, ”උඹෙන් බඩු ගන්න හැටි අපි දන්නවා” කියා කිව්වා.

සාජන් රණවීර අත තිබු වල්ලපට්ටා පොල්ල පෙන්නා උඹ දන්නවාද මේකේ වටිනාකම කීයද කියා’ මගෙන් ඇහැව්වා.
ඔහුසාජන් රණවීර අත තිබූ වල්ලපට්ට පොල්ල අරන්මට අත් උස්සාපන්හැරිලා ජනේලයේ ග‍්‍රිල් එක අල්ලා ගනින්” කියා තට්ටම් වලට පොල්ලෙන් ගැහුව්වා.
ඔහු මට බඩු දීපන්” කියමින් ගැහුව්වා. එසේ පහරදීමෙන් පසුවසාජන් රණවීර එ් ආකාරයටම මට ගැහුව්වා.
ඔවුන් මාරුවෙන් මාරුවට පැය 1/2 ක් විතර තියාගෙන මට ගැහුව්වා.
නැවත කූඩුවට දැම්මා.
එ් අතරමාගේ බිරිඳපානදුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් මට පහර දෙන බව ප‍්‍රකාශ කර තිබුනා.
එ් අවස්ථාවේමසහකාර පොලිස් අධිකාරී කාර්යාලයෙන් බණ්ඩාරගම පොලිසියට කතා කර තිබුනා.

එයින් පසු ස්ථානාධිපති කූඩුව ළඟට ඇවිල්ලාමගෙන් ඇහුව්වා තොගේ ගෑණිඑ්.එස්.පී ළඟට මගුලේ ගියාද” කියා යන්න ගියා.
රාත‍්‍රී 9.05 ට නැවත අපරාධ අංශයේ ස්ථානාධිපති හා සාජන් රණවීර මාව කූඩුවෙන් එළියට අරගත්තා.
එ් අවස්ථාවේ ඔහුඅපරාධ අංශයේ ස්ථානාධිපති මාගේ කණට පාරවල් දෙකක් ගැහුව්වා.
එසේ පහරදී - රංජන් කියන්නේ කව්ද” කියා මගෙන් ඇහුව්වා. මම කිව්වා නැන්දාගේ පුතා” කියා. උඹලාගේ ගෙදරට ඌ යනවා එනවාද” කියා ඇහුව්වා.
මම කිව්වා මීට අවුරුදු තුනකට පෙර නම් ආවාදැන් එන්නේ නෑ” කියා. නැවත කූඩුවට දැම්මා.
පසුදින උදේ 10.00ට විතර මාව කූඩුවෙන් එළියට අරගෙනප‍්‍රකාශ ලියා මගේ ඇගිලි සලකුණු ගත්තා.
අපරාධ අංශයේ ස්ථානාධිපති මට කිව්වා - උඹ ඇපයක් අරන් ආවත් මට පේන්න පාරේ යන්න එන්න එපා” යයි කිව්වා.
උඹට ගංජා හරිකුඩු හරිබෝම්බයක් හරි දානවාදකින දකින සැරේට උඹව අරන් ඇවිත් නඩු දානවා කිව්වා.
මේ පැත්තේ මොන කඩය කැඩුවත් උඹව සැක පිට අරන් ඇවිත් තියාගන්නවාපොලිස්පති කතා කරලා කිව්වත් අපි තියාගන්නවා යයි කිව්වා.
ඊට පසුවප:ව:2.00 ට පමණමාව වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කලා. මට කිසිවක් කීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. මාව රක්ෂිත බන්ධනාගාර ගත කලා.
බන්ධනාගාරයේදීමාමට පහර දුන්න බව ප‍්‍රකාශ කලා. පසුදින මාව වෛද්‍යවරයාට ඉදිරිපත් කලා. වෛද්‍යවරයාට මා පහරදුන්න බව ප‍්‍රකාශ කලා. වෛද්‍යවරයා මාව පරීක්ෂා කලා.

2014.01.30 දින පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට මාව ඉදිරිපත් කලා. එහිදී මට රු: 7500/=ක මුදල් ඇපරු: 30,000/= බැගින් ශරීර ඇප02ක් හා සෑම මසකම අන්තිම ඉරිදා- බණ්ඩාරගම පොලිසියට ඉදිරිපත් විය යුතු බව නියම කරමුදා හැරියා. මීලඟ නඩු දිනය 2014.03.20වේ.

රුවන් කුමාර මානව හිමිකම් කොමිෂම හා පොලිස්පති වෙත කරන ලද පැමිණිල්ල මගින් ඉල්ලා සිටින්නේ,

බණ්ඩාරගම පොලිසියේස්ථානාධිපති අපරාධ අංශයේ ස්ථානාධිපති හා සාජන් රණවීර යන අය විසින්ඔහුව ව්‍යාජ චෝදනා නගා අත්අඩංගුවට ගැනීම, ඔහුට වධ හිංසා පැමිණවීම,  නීති විරෝධීව ඇගිලි සලකුණු ලබා ගැනීම සහ ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම මගින් සිය මූලික අයිතීන් උල්ලංඝණය කිරීම හා අදාලව නිසි නීතිමය පියවර ගන්නා ලෙසටය.

No comments:

Post a Comment