Thursday, February 6, 2014

බල්ලන් පර ලොව යවන ජාත්‍යන්තර කෙළි.



 ශීත ඔලිම්පික්   පැවැත්වෙන සෝචි නුවර හා ඒ අවට සැරි සරන බල්ලන් වහාම ඉවත් කිරීමට තීරණය කරන ලද - රුසියානු ආණ්ඩුව ඒ සහා කොන්ත්‍රාත්තුව එරට සමාගමකට බාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය ය නායක සමුළුවට පෙර කොළඹ නගරයේ ගැවසුණු සිය ගණනක් බල්ලන් අල්ලා අතුරුදහන් කරවීමට පියවර ගත්තේ කොළඹ මහ නගර සභාවයි.
සියලු සතුන් නිදුක් වෙත්වා! සුවපත් වේවා කියමින් බල්ලන් අල්ලා මරා දැමූ ශ්‍රී ලංකාව ආදර්ශයට ගනිමින් දෝ රුසියාව සෝචි නුවර බල්ලන් සංහාරය ආරම්භ කර ඇත්තේ එරට සත්ත්ව හිංසනයට එරෙහි සංවිධාන වල බලවත් විරෝධය නොතකාය.
කොළඹ මහ නගර සභාව මෙන්ම රුසියානු බලු සංහාර සමාගම කියන්නේ, අල්ලන බල්ලන් අනාථාගාර වලට යවනු ලැබූ බවයි. නමුත් එම අනාථාගාර තියෙන්නේ කොහේදැයි කිසිවෙකුත් නොදනී.
සීත සෘතු ඔලිම්පික් පැවැත්වෙන්නේ රුසියාවේ  සෝචි නුවරය. මෙම මස 7 සිට 23 දක්වා පැවැත්වෙන මෙම ඔලිම්පික් තරාවලිය මෙතෙක් පැවති සියලුම ඔලිම්පික් තර වලට වඩා වැඩි වියදමක් දරා ඇති තරාවලිය බවට පත්ව තිබේ. මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 51 ක් වැය කර ඇත. සෝචි නුවර හා අවට යටිතල පහසුකම් නවීකරණය කර  තිබෙන අතර මේ නිසා සිදුව තිබෙන පරිසර දුෂණය මිළ කළ නොහැකිව තිබේ.
එමෙන්ම මහා පරිමාණ දූෂණ වංචා සිදුවූ තිබෙන බවට චෝදනා එල්ල වි තිබේ.
රුසියාවේ සමලිංගික විරෝධිය, ප්රජාතන්ත්‍රීය විරෝධි ප්‍රතිපත්ති නිසා මෙම තරාවලිය වර්ජනය කළ යුතු බවට බටහිර වලින් නැගුන හට හා රුසියානු මුස්ලිම් කල්ලි වල තර්ජනයට රුසියානු ජනාධිපති පුටින්ට මුහුණ දීමට සිදු විය.
මෙම තර්ජනයට මුහුණ දුන් රුසියානු ජනාධිපති පූටින්, සමලිංගිකයින්ට සෝචි තහනම් නැති බව ප්‍රකාශ කළ අතර මතභේදයට ලක්ව තිබූ “පුසි රයට්” සාමාජිකාවන්ට හා “ග්‍රීන්පීස් ” සාමාජිකයින්ටද, දේශපාලන සිරකරුවන් ගණනාවකටද සමාව දී නිදහස් කරනු ලැබීය.
වසර කිහිපයක සිට සෝචි නුවර සංවර්ධන කටයුතු වල නිරතවු සේවකයින් ගේ සුරතලුන් බවට පත්ව සිටි බව කියන මෙම බල්ලන් විනාශ කර දැමීම වළක්වන්න අවිහිංසාවාදීන් කොතෙකුත් උත්සහ ගත්තද ‘සෝචි නුවර බල්ලන්ට, කොළඹ බල්ලන්ට මුහුණපාන්නට සිදුවූ ඉරණමට මුහුණ දෙන්නට සිදුවනු නොඅනුමානය.

No comments:

Post a Comment