Tuesday, February 25, 2014

SPC වංචාකාරු පරළොව ගියාද? යවලාද? හැංගිලාද?



මහනුවර ඓතිහාසික දළදා පෙරහැරේ නිළමේට අඳින බව කියන, රාජ්‍ය මුද්‍රණ නීති ගත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද මිළියන ගනනාවක වංචාවක් කර තිබේ. ඔහුගේ සහයක් අයි.එ්.ජි බංඩාර ගේ මරණය අභිරහසකි.
මීට පෙරද මෙම ජයම්පති බංඩාර හීන්කෙන්ද වංචා වලට හල්ව ඇති බවද ප‍්‍රකාශවේ. රාජපක්ෂ ආණ්ඩුවේ කෙහෙළිය රඹුක්වැල්ල යටතේ  රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පවතී.
රාජ්‍ය මුද්‍රණ නීති ගත රාජ්‍ය මුද්‍රණ නීති ගත ජයම්පති බංඩාර හීන්කෙන්ද ගේ සභාපති නිල කාමරයේ සිට අයි.එ්.ජි බංඩාර ගේ පෙරට දමා පවත්වාගෙන ගිය පාසල් ළමුන්ට පහසු මිළට පාසල් පොත් ලිපි ද්‍රව්‍යය සැපියිමේ ව්‍යාපෘතිය නමින් මෙම වංචාවන් සිදුකර තිබේ.
මෙම වංචාව හෙළි දරව් කරමින් පැමිණිලි කර සිටින්නේ මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත‍්‍රික් නියෝජිත තනතුරු වලින් පිදුම් ලැබු ව්‍යාපාරිකයෙකු වන ඉලංගකොන් මහතා සහ නිතිඥ වරයෙකු වන ප‍්‍රදීප් මහතාය. රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබු මේ දෙදෙනාම තරුණයින්ය.
මෙම මහා පරිමාණ වංචාව හා අයි.එ්.ජි බංඩාර ගේ අභිරහස් මරණය ගැන මෙම දෙදෙනා මිරිහාන පොලිස් විශේෂ අපරාධ වමර්ශණ එ්කකය වෙත පැමිණිලි කර තිබේ. එයට අමතරව ඔවුන් දෙදෙනා පොලිස්පති වරයාගේ අවධානය යොමු කරන්නේ මෙම වංචාව හා අයි.එ්.ජි බංඩාර ගේ අභිරහස් මරණය පිළිබඳව අපක්ෂපාති පරින්ෂණ පවත්වන ලෙසය.
2013 ඔක්තොබර් මස ලංකාදීප පුවත්පතේ පළවු දැන්වීම් වලට අනුව මොවුන් දේනා රාජ්‍ය මුද්‍රණ නීති ගත සංස්ථාවේ -දිස්ත‍්‍රික් අළෙවි නියෝජිත තනතුර සඳහා අයදුම් කර තිබේ.
එම අයදුමට අනුව කළ කැඳවීම මත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට හා හෝමාගම, හයිලෙවල් පාරේ, අංක 45/5 හි පිහිටි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංථාවේ ,ගබඩාවට ගොස්, අයි.ජී.එ්.බංඩාර හමුවී, රුපියල් ලක්ෂ දහය බැගින් තැම්පත් මුදල් සංස්ථාවට ගෙවා තිබේ.
අයි.ජී.එ්.බංඩාර සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද සමග සභාපති නිල කාමරය තුල එකට සිටිමින් මෙම ගණුදෙනු සිදු කර තිබේ. එම ගණුදෙනු සඳහා ලදුපත් නිකුත් කර ඇත. එවාට සංස්ථාව වෙනුවෙන් අත්සන් කර ඇත්තේ අයි.ජී.එ්.බංඩාර හා ඉහත ගබඩාවවේ සිටි අයි.ජී.එ්.බංඩාරගේ සහයක ජයරත්න නැමති අයයි.
තැම්පත් මුදල් ලබාදීමෙන් අනතුරුව එක් අයෙකුට එම අවස්ථාවේ දීම ඔවුන් රුපියල් එක්ලක්ෂ හතිලිස් අටදහස් හාරසිය හතයි සත විසිපහක් පොත් හා ලිපි ද්‍රව්‍යය නිකුත් කර තිබේ. අනෙක් තැනැත්තාට ප‍්‍රමාදවී  රුපියල් දෙලක්ෂ පනස් දහස් හාරසිය පනස් නවයක් වටිනා පොත් ලබා දි තිබේ.
එයින් පසුව, 2013.11.06 දින එක් අයෙකු ගේ සේවක මණ්ඩලයේ 04 කු, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට කැඳවා එහි සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්දගේ නිල කාමරයේදි පුහුණුවක් ද ලබා දි ඇත. එය සිදු කර ඇත්තේ් අයි.ජී.එ්.බංඩාරය.
පත්වීම් ලිපි ලබා නො දිමත් අලෙවිය අදාලව ලබා දීමට පොරොන්දු වු පහසුකම් ලබා නොදීමත් නිසා ඔවුන් සිය නියෝජිත තනතුරු අත හරින බව සංස්ථාවට දන්නවා තැම්පත් මුදල් ආපුසු ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් ඔවුන් සංස්ථාවේ සාමාන්‍යාධිකාරිට හා අළෙවි කළමණාකරු තිලක් පෙරේරාට ද දැනුම් දි ඇත. තැම්පත් මුදල් ආපුසු ලබාදීම ප‍්‍රමාද වන වීට ඔවුන් නැවත නැවත එ් හා සම්බන්ධව සාමාන්‍යාධිකාරිට හා අළෙවි කළමණාකරු තිලක් පෙරේරාට සහා සභාපති, ජයම්පති බංඩාර හීන්කෙන්දව දැනුවත්ව කර තිබේ.
එක් අවස්ථාවක සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද ඔවුන් ඉදිරිපිට දීම තැන්පත් මුදල ආපසු ගෙවන ලෙසට අයි.ජී.එ්.බංඩාරට  උපදෙස් දි, ඉන්පසු අයි.ජී.ඒ.බංඩාරව ඔහු ගේ් ( සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද ගේ* නිල රථයට නංවාගෙන රැුගෙන ගොස් තිබේ.
මේ අතර එක් අයෙකුට 2013.12.30 දින තැන්පත් මුදල ආපසු ගෙවන බවට ට අයි.ජී.ඒ.බංඩාර පොරොන්දු වී තිබේ. නමුත් එදින 2014.01.20 දින මුදල් දෙන බවට පොරොන්දු වී තිබේ. එදින ද මුදල් ලබා නොදුන්  අයි. ජි. එ් බංඩාර එම මුදල 2014.02.13 දෙන බවට පොරොන්දු විය.

2014.02.11 දින, මුදල් ගැන සිහිපත් කල විට ස්ථිර වශයෙන්ම - පොරොන්දු වූ පරිදි 2014.02.13 එම මුදල් ලබා දෙන බවට ප‍්‍රකාශ කර ඇත.
2014.02.13 දින ඔහු අයි. ජි. එ් බංඩාර ව දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකිවු නිසා, අයි.ජි.එ්. බංඩාරගේ සහයක ඇමතුමක් දුන්න විට ඔහු කියා ඇත්තේ පෙර දින එනම් 2014.02.12 දින අයි.ජී.ඒ.බංඩාර මිය ගිය බවය.
ඔම පුවත, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ කළමණාකරු තිලක් පෙරේරා සනාථ කර   අයි.ජී.ඒ.බංඩාර මිය ගියත්, මුදල් ආපසු ගැනීමට ප‍්‍රශ්ණයක් නැති බව පවසා ඇත. ඉන් පසුව  සාමාන්‍යාධිකාරීට  කතා කළ විට කියා ඇත්තේ අයි.ජී.ඒ.බංඩාර සංස්ථා සෙවකයෙකු නොවන බවත් ඔහු ගෙන් සංස්ථාවටද රුපියල් ලක්ෂ 50ක් අය වෙන්න තිබෙන බවත්ය.
මෙම පසුබිම යටතේ මොවුන් මිරිහාන පොලිස් විශේෂ අපරාධ එ්කකයට ගොස් පැමිණීලි කර තිබේ. එම එ්කකයේ පො.ප. සුනිල් ශාන්ත ඒ අවස්ථාවේ දිම හෝමාගම, හයිලෙවල් පාරේ, අංක 45/5 හි පිහිටි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංථාවේ ගබඩාවේ ජයරත්න රත්නායක නැමැති අයට දුරකථනයෙන් කතාකර 2014.02.17 උදේ 10.00 ට මිරිහාන පොලිස් විශේෂ අපරාධ එ්කකයට පැමිණෙන ලෙසට දැන්වුවද ඔහු, ජයරත්න පැමිණියේ නැත.
එදින (2014.02.17* පො.ප.සුනිල් ශාන්ත, පො.කො.ගජනායකට ම් පිළිබඳව පරීක්ෂන කරන්න පවරනු ලැබීය. ඔහු, පො.කො.ගජනායක එක් අයෙකුගේ වාහනයෙන්්, රාජ්‍ය නීතිගත සංස්ථාවට ගිය ද රාජ්‍ය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා , ඇතුලූවීමට ඉඩ දීම ප‍්‍රතික්ෂේප කර තිබේ. එ් අවස්ථාවේ පො.කො.ගජනායක, සාමාන්‍යාධිකාර වරයාට උසාවි නියෝගයක් අරන් එන බව කීවිට අළෙවි කළමණාකරු තිලක් පෙරේරාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවසර දී තිබේ.
අළෙවි කළමණාකරු තිලක් පෙරේරා පොලීසියට ප‍්‍රකාශයක් දෙමින් කියා තිබුනේ අයි.ජී.ඒ.බංඩාර, සංස්ථාවෙ සේවකයකු නොවන බවයි. නමුත් ප‍්‍රශණ කිරමේදි හා පොත්පත් පරික්ෂා කිරිමේදි  අයි.ජී.ඒ.බංඩාර සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද ගේ ලේකම් වශයෙන් කටයුතු කළ අයෙකු බවද, ඔහු විශේෂ ව්‍යාපෘතියක් වු ‘පාසල් ළමුන්ට සහන මිළට පොත් ලබාදිමේ  රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ විශේෂ ව්‍යාපෘතිය’ බාරව කටයුතු කරන ලද බවද හෙළි දරුව් කර තිබේ.
එම විශේෂ ව්‍යාපෘතියට බඳවා ගන්නා ලද දිස්ත‍්‍රික නියෝජිතයින් ගෙන් හා ප‍්‍රාදේශිය නියෝජිතයින්ගෙන් මෙසේ තැන්පත් මුදල් අයකිරීම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වන ජයම්පති බංඩාර හීන්කෙන්ද ගේ නිල කාමරයේ සිටිමින්, අයි.ජී.එ්.බංඩාර සිදුකරන ලද බවද තහවුරු වී තිබේ.
අයි.ජී.එ්.බංඩාර ව මැදිහත් කරු කරගෙන  මිළියන ගණනක් මුදල් වංචා කර, එම මුදල් තැම්පත් කරුවන් ආපසු ලබා ගැනීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වන ජයම්පති බංඩාර හීන්කෙන්ද ප‍්‍රමුඛ වගකිව යුතු ඉහළ නිලධාරින්ට බලපෑම් කරන විට ඉතාමත් අභිරහස් අන්දමට 2014.02.12 වන දින අයි.ජේ.එ්.බංඩාර මියගොස් තිබේ.
මේ පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ වමර්ශණ එ්කකය , අයි.ජේ.එ්.බංඩාර ගේ සහයක රත්නායක මුදියන්සේලාගේ ජයරත්න අත්අඩංගුවට ගෙන, 2014.02.19 වන දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහරිනු ලැබීය.
තැම්පත් කරුවන් ප‍්‍රකාශ කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද, ප‍්‍රමුඛ සංස්ථා ප‍්‍රධානින් අභිරහස් ලෙසට මිය ගිය බවට ප‍්‍රකාශ කරන අයි.ජේ.එ්.බංඩාර මගින්, වංචාකාරීව ලබාගෙන තිබෙන මුදල රුපියල් ලක්ෂ සියයකට වැඩි බවයිි.
මේ අතර, මෙම වංචාව අදාලව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත මුදාහල රත්නායක මුදියන්සේලාගේ ජයරත්න නැමැති අයට, මෙම  වංචාව හා අදාලව තොරතුරු හෙලිකල හොත් මරා දමන බවට තර්ජණ ලැබෙන බවද වාර්තා වි තිබේ.
මෙම වංචාව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද විසින්ම කර තිබෙන බවත්, මෙයට එම සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේද සම්බන්ධ බවත් ඉතා පැහැදිලි බවට්  කරුණු  දක්වන තැම්පත් කරුවන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද මීට පෙර මුල්‍ය වංචා කර ඇති පුද්ගලයෙකු බවට වාර්ථා තිබෙන බවද කියා සිටී.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය යටතේ පවතින අතර එය බාර ඇමති වරයා කෙහෙළිය රඹුක්වැල්ල බවද සඳහන් කළ යුතුවේ.

අැත්ත වශෙයන් ෙමම බංඩාර ෙග් මිය යෑම අභිරහසකි.

No comments:

Post a Comment