Thursday, February 6, 2014

ගෙන්නලා ගහලා බොරු නඩුවක් දැම්මා.


බල්ලොත් එක්ක නිදා ගත්තාම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියලා කතාවක් තියෙනවා. මට දැන් ඒක අවබෝධ වෙලා තියෙන්නේ.
2014.01.16 දින මට, මගේ ජංගම දුරකතනයට මතුගම පොලීසියේ අපරාධ අංශයේ පො.ප. රවීන්ද්‍ර කතා කළා.
ඔහු මට කිව්වා, වරෙන් අපි දැන් ඉන්නේ උඹලාගේ වාඩිය ළ, එතන මුරකාරයත් ඉන්නවා පනිවුඩයක් තියෙනවා කියන්න කියලා.
වාඩිය තියෙන්නේ ඇලෙන් එහා පැත්තේ. මම එගොඩ වෙලා වාඩියට ගියා. නමුත් හිටියේ නෑ.
මම වත්තේ ස්ටෝරුව ළට ගියා. එතැන පොලිස් ජීප් එක තිබුණා. පිටත් වෙලා යන්න හිටියේ. මුරකාරයාගෙන් ඇහැව්වා ඇයි වාඩියට ගියේ කියලා. මුරකාරයා පොලිස් නිලධාරීන්ට මාව පෙන්වා, මෙයා අහනවා වාඩියට ගියේ මොකද කියා.
එවිට ස්ථානාධිපති ප්‍ර.පො.ප. පද්මලාල් හා පො.ප. රවීන්ද්‍ර ජීප් එකෙන් බැහැලා මා ළට ආවා.
ප්‍ර.පො.ප. පද්මලාල් මගේ බෙල්ලේ තිබුන චේන් එකෙන් ඇදලා කඩා ගත්තා.
ඒ චේන් එකෙන් මට ගැහැව්වා. බෙල්ලෙන් අල්ලා ජීප් එකට තද කළා. නැගපන් කැ...යා ජීප් එකේ පිටුපස දොරෙන් ඇතුළට තල්ලු කළා.
පොලීසියට ගෙනිහිල්ලා, පහුවෙනිදා උසාවියට දැම්මා. මම පොලිස් නිලධාරීන් ඉදිරියේ මුරකරුට ගහන්න ගියා කියලා.
මම මේ පොලිස් නිලධාරීන් අුරනවා. ඒ ගොල්ලන්ට ඩීසල් අරන් දෙනවා. වාඩියටත් එනවා.
මට හිතා ගන්න බෑ මොකද වුනේ කියලා.
මෙසේ ප්‍රකාශ කරන්නේ -  වැලිපැන්නේ පදිංචි කරුවකු වන, ගොවිතැන් බත් කරන, 30 හැවිරිදි මනෝජ් කුමාරය. ඔහු දෙදරු පියෙකි.
මේ සිද්ධිය පිළිබව ඔහු මානව හිමිකම් කොමිෂමට හා පොලීසියට පැමිණිලි කරන ලදි. ඒ යුක්තිය ඉටු වේය යන අපේක්ෂාවෙනි.

No comments:

Post a Comment