Wednesday, February 5, 2014

මැන්ඩෙලා ගේ බූදලය බෙදයි.


පවුම් මිලියන 2.5 ක් වන නෙල්සන් මැන්ඩෙලාගේ බූදලය පාර්ශව තුනක් අතර බෙදා දීමට නියමිතය.
නෙල්සන්  මැන්ඩෙලාගේ අන්තිම කැමති පත්‍රයට අනුකූලවසිය පවුලට, දකුණු අප්‍රිකාවේ වත්මන් පාලක අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට (ANC) හා ප්‍ර‍‍ෙද්ශයේ පාසල් හා ඔහුගේ සේවකයින් අතර බූදලය බෙදී යනු ඇත.
නෙල්සන් මැන්ඩෙලාගේ බූදලයට ජොහැන්ස්බර්ග් නුවර සුපිරි නිවස, ඔහුගේ උපන් ප්‍රෙද්ශයේ ගොවිපල හා නිවාස, ඔහුගේ ප්‍රකාශන වල කතෘ භාගයන් අයත්ය.

අන්තිම කැමති පත්‍රයට අනුව නෙල්සන් මැන්ඩෙලාගේ පවුලට අයත් කොටස තිහකට අධික මුණූපුරු මිණිපිරියන් හා ඔවුන්ගේ දරුවන් අතර බෙදී යනු ඇත. මැන්ඩෙලාගේ තෙවන බිරි වන ග්‍රේෂියා මැචෙල් බූදලයට අයිතිය ඉල්ලා නොසිටීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment