Sunday, February 16, 2014

මානව හිමිකම් කොමිෂමේ මාසික කුලිය රු: 2,250,000.00 යි


ආණ්ඩුවේ මුල් තක්සේරුව රු: 1,750,000.00 යි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවත්වාගෙන යෑම සදහා කාර්යාල කුලිය වශයෙන් මාසකට වැය කරන මුදල රුපියල් විසි දෙලක්ෂ පන් දහසකි.
මෙම කාර්යාල ගොඩනැගිල්ල තක්සේරු දෙපාර්තමේන්තුව විසින් - ගණනය කරන ලද මාසික කුලිය රුපියල් දහහත්ලක්ෂ පනස් දහසකි. නමුත් මානව හිමිකම් කොමිෂම, තක්සේරු දෙපාර්තමේන්තුවෙන් කරන ලද විශේෂ ඉල්ලීම සලකා බලා - කොමිෂම යෝජනා කල රුපියල් විසි දෙලක්ෂ පන්දහසක්, ලෙසට තක්සේරු කර තිබේ. මෙය මුල් තක්සේරුවට වඩා රුපියල් ලක්ෂ පහක වැඩිවීමකි.
මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම හා අදාලව යම් අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට බැලූ බැල්මට පෙණෙන කරුණකි.
කොමිෂන් සභාවේ අක්‍රමිකතා හා දූෂණ රැසක් මේ වන විට හෙළි වෙමින් පවතී. වින්දිතයින්ට, අපරාධකරුවන් හා එක්ව කරන අසාධාරණ කෙනෙහිලි වලට අමතරව, මහා පරිමාන මුදල් වංචා සහ පරිපාලන අක්‍රමිකතා රැසක් සිදුවේ.
මහින්ද චින්තනයට අනුව මානව හිමිකම් කොමිෂමේ කොමසාරිස් වරුන්ගේ හා ඉහළයින්ගේ කෙරුවාවන් - ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මේ එහි පළමුවැන්නයි.

No comments:

Post a Comment