Monday, February 24, 2014

මිලියන 35 ක දේපල ලියාගෙන මරලා පුච්චන්න හැදුවා.


ජනාධිපති විමර්ශන අංශයේ ඒ.එස්.පී වරයෙකු බව කියන රුවන් ගුණසේකර හා ඔහුගේ දෙවන බිරිඳ, නීතඥවරියක් වන නිර්මලී යසශ්‍රී තම සැමියාගේ මරණයට වගකිව යුතු බව ප්‍රකාශ කරන බිරි, ඒ සහා නාගොඩ මහා රෝහ‍ලේ හා වාද්දූව පොලීසියේ සහය ලබාගත් බවට ද චෝදනා කරයි.
පසුගිය 2014.02.13 වන දින නාගොඩ මහා රෝහලේදී මිය යන ලද කුමාරසිරි මදුරප්පෙරුම ගේ බිරි වන නන්දනී පෙරේරා, පොලිස්පති වෙත ලිඛිතව පැමිණිලි කරමින් මේ මරණය පිළිබව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටී.
2013 ඔක්තෝබර් මස, සැමියාගේ වැඩිමහල් සොහොයුරිය හා ඇගේ දියණිය නීතිඥවරියක් වන නිර්මලී යසශ්‍රී, සිය නිවසට පැමිණ ඇත.
නිර්මලී යසශ්‍රීගේ සැමියා, ජනාධිපති විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරය. මේ දෙදෙනො අතර ඇති වූ පවුල් ආරවුලක් නිසා, මෙම දෙපල සොහොයුරාගේ පිහිට පතාගෙන ඇවිත් තිබේ.
මෙම දෙදෙනා, නිවසේ රැී සිටීමට ගන්නා උත්සාහයට ඇය විරුද්ධ වී ඇත. මේ තත්ත්වය තුළ ඇය හා සැමියා අතර අමනාපකම් වර්ධනය වීම නිසා, මොවුන් පිට යනකම් ඇය තම පුතා ළට ගොස් තිබේ.
එයින් පසුව මිලියන 35 ක් පමණ වන සැමියාට අයත් නිශ්චල හා චංචල දේපල නීතිඥ නිර්මලී යසශ්‍රී ලියාගෙන තිබේ.
මිය ගිය අයගේ එකම පුතාට වත්, බිම් අඟලක් නොදී, සියල්ල මැය ලියාගෙන ඇති බව බිරිඳ වැඩිදුරටත් කියා සිටී.
මෙයින් පසුව, 2014.02.12 වන දින හදිසියේ අසනීප වූ තම සැමියාව, තමාට නොදන්වා නාගොඩ මහ රෝහලට ඇතුලත් කර තිබේ. එසේ කර ඇත්තේ ඒ.එස්.පී. රුවන් ගුණසේකරය බව ඇය කියා සිටී.
පසු දින, දැඩි සත්කාර ඒකකය තුළ ඔහු මිය ගොස් තිබේ. රෝහල් ආරංචි මාර්ග ඇයට පවසා ඇත්තේ නීතිඥවරියක් හා පොලීසිය පැමිණ, අයිතිවාසිකම් කියා, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව දේහය රැගෙන ගිය බවයි.
ඉතා ටික වේලාවකින් දේහය, නාගොඩ රෝහල ඉදිරිපිට ලයනල් මල් ශාලාවට බාරදී, සිරුර එම්බාම් කරවා, නිවසට ගෙනවිත් තිබේ. මෙහිදී නාගොඩ රෝහලේ දී මිය ගිය තම සැමියා පිළිබ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බව කියා සිටී. මේ පිළිබව ආරංචිය ලැබුණ වහාම සියලු තොරතුරු 119 ට දැන්වුව ද ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ වාද්දූව පොලීසියට දැනුම් දෙන ලෙසටය.
වාද්දූව පොලීසිය පැමිණිල්ල ලියා ගැනීම වෙනුවට කර ඇත්තේ ඇයව දැඩි අපහසුතාවයට පත් කිරීමය.
එයින් අනතුරුව ඇය පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ, සියලු කරුණු හෙලි කර තිබේ.
එයින් අනතුරුව, 2014.02.15 වන දින, පානදුර පොලිස් අධිකාරී කාර්යාලය අධිකරණයට කරුණු වාර්තා කර, විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් වාද්දූව පොදු සුසාන භූමියේ ආදාහනාගාරය අභියසදී, මෘත දේහය අත්අඩංගුවට ගෙන පානදුර මූලික රෝහලට ගෙනවිත් භාර දි තිබේ.
පානදුර මූලික රෝහලේ සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී කිසිදු කරුණක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පවසන ඇය පවසන්නේ, සිරුර මල් ශාලාවේ තබාගෙන සිරුර අභ්‍යන්තර කොටස් සියල්ලම ඉවත් කරවා තිබෙන බවයි.
එයින් අනතුරුව ජනාධිපති විමර්ශන ඒකකයේ ඒ.එස්.පී රැවන් ගුණසේකර හා නීතිඥ නිර්මලී යසශ්‍රී සියලු බලතල උපයෝගී කර ගෙන, වාද්දූව පොලීසියේ පූර්ණ අනුග්‍රහය ඇතිව සැමියා ගේ දේහය ආදාහනය කර අපරාධය වසන් කිරීමට සැලසුම් කර තිබූ බවයි.
පානදුර සහකාර පොලිස් අධිකාරී ගේ මැදිහත්වීම නිසා දේහය ආදාහනය කර අපරාධය වසන් කර දැමීමට දැරු උත්සාහය අවසාන මොහෙතේ වලක්වා ලූ අතර, දේහයේ අයිතිය ද ඇයට හිමි වූ බව සහන් කරයි.

ඇය පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටින්නේ බලපෑම් වලට යටත් නොවී සැමියාගේ මරණය ගැන අපක්ෂපාති පරික්ෂණයක් නොපමාව පැවැත්වීමට පියවර ගන්නා ලෙසටයි.

No comments:

Post a Comment