Wednesday, February 5, 2014

ජාතිවාදයට එරෙහිව රාහුල් හා කේජ් රිවාල් එක්වෙයි.


දිල්ලියේ ප්‍රසිද්ධ වෙළපොලකදී ඉන්දියාවේ අරුනාචලම් ප්‍රාන්තයේ විසි හැවිරිදි සිසුවෙකු වූ නිඩෝ ටනීඅම් ට පහර දී මරා දමන ලදි.
මෙම ඝාතන පිළිබව දිල්ලි නුවර පොලීසිය ක්‍රියාත්මක නොවීය. අන්ත දූෂිත පොලීසියක් බවට නම් දරා සිටින දිල්ලි පොලිසියට එරෙහිව දිල්ලි සරසවි සිසුන් වීදි බැස විරෝධය පළ කලහ.
අරුනාචලම් ප්‍රාන්ත ජනයාගේ හැඩරුව අනුව, ඔවුන් විශේෂයෙන් හුනා ගැනීමට හැකිය.  මෙම තත්ත්වය නිසා දිල්ලි නුවරදී තමන්ට කෙනෙහිලිකම් වලට මුහුණපාන්නට සිදුවන බව අරුනාචලම් ප්‍රාන්ත සිසුවෝ ප්‍රකාශ කරති. ඔවුන්  නිරන්තරයෙන් පහර කෑම් වලට ගොදුරු වෙති.
නිඩෝ ටනීඅම් ට පහර දීම සිදු වූයේ ජනවාරි 29වන දිනය. නමුත් පහර දීම අදාලව දිල්ලි පොලීසිය අනුගමනය කළේ අපරාධකරැවන් රැකිමට බවට චොදනා එල්ල විය.
මෙම මරා දැමීමට එරෙහිව හා දිල්ලි පොලීසියේ දූෂණයට එරෙහිව දිල්ලි නුවර පැවති සිසු විරෝධතා රැලියට ඉන්දීය කොන්ග්‍රස් උප නායක රාහුල් ගාන්ධි එක් විය. මෙම වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂක වශයෙන් රාහුල් ගාන්ධි කොන්ග්‍රස් පක්ෂයෙන් නම් කරනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.
මේ අතර, ඉන්දියාවේ අල්ලසට හා දූෂණයට එරෙහිව ගොඩනැගූ දිල්ලි නුවර බලය අත්ප්ත කර ගැනීමට සමත් වූ ආම් අඩ්මි (Aam Aadmi Party -AAP)  පක්ෂයේ නායක, දිල්ලි මහ ඇමති අරවින්ද කේජ්රිවාල් ද, සිසුන් සමග උපවාසයට එක්වීය.
ඊසාන දිග ඉන්දියවේ ජනයා දිල්ලියෙදි වෙනස්කම් වලට භාජනය වන බවට නැගෙන චෝදනා පිළිබ අදහස් දක්වන මනිපුර් ක්‍රියාකාරිනායක් මේ සම්බන්ධයේන් කොන්ග්‍රස් උප නායක රාහුල් ගාන්ධිගේ හා දිල්ලි මහා ඇමති කේජ්රිවාල් ගේ අවධානය කැවා තිබේ.

No comments:

Post a Comment