Wednesday, February 12, 2014

පංච නාම, IRC චීවරධාරියාට වරෙන්තු.


බලපිටියේ සුමනතිස්ස, වැලිතර සුමනතිස්ස,කලුවා දේවගේ වසන්ත හෙවත් කලුවා, දේවගේ වසන්ත යන නම් වලින් පෙනී සිටින, මතුගම ප්‍රා‍ෙද්ශිය සභාවේ නියෝජිතයෙකු වන චීවරධාරි බොන්තුපිටියේ නාගතිස්ස යන මොහු, රාජපක්ෂ ආණ්ඩුවේ අති ප්‍රබල ආධාරකරුවකු වන අතර ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ගේ කිට්ටු සමීපතයකු වන බව ප්‍රකටය
2006 දක්වා සිමෙන්ති සංස්ථාවේ අධ්‍යක්ෂ වරයෙකු වශයේන් සිටි මෙම චීවරධාරියා, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වශයෙන් ලේඛන ගතවී තිබෙව අයෙකු බව, එනම් අයි.ආර්.සී. කාරයෙකු බව, පොලීසිය ප්‍රකාශ කර තිබේ.
මෙම චීවරධාරියා, හැත්තෑ හත් හැවිරිදි ස්වාමීන් වහන්සේ නමක් අක්ෂි කාචයක් සහා එකතු කරන ලද රුපියල් 21,000 ක මුදල පැහැර ගැනීම සම්බන්ධයෙන් පානදුර අධිකරණයේ පවතින නඩුවේ විත්තිකරුවේ. ඇප මත සිටින මොහු 2014.02.10 දින නඩුවට ඉදිරිපත් නොවීම නිසා, අත්අඩංගුවට ගෙන අධිකරණයට කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.
මතුගම, අගලවත්ත ආසන වල ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම සමග ප්‍රසිද්ධියේ සැරිසරන බව ප්‍රකාශ කරන අගතියට පත් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ මෙම අපරාධකරුට රාජපක්ෂ ආණ්ඩුව සහය පළ කරන තිස්තුන් කෝටියේම රැකවරණය හිමිව ඇතැයි කියන්නේ, අප රටේ සිටින මහනායක ත්‍රිත්වය මෙවන් දේ ගැන කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කරමින්ය.
මෙම අයි.ආර්.සී. නාමධාරී චීවරධාරියා හා අදාල නඩු සම්බන්ධයෙන් විස්තර බලාපොරොත්තු වන්න. 

No comments:

Post a Comment