Thursday, February 27, 2014

පොලිස් අපරාධකාරයින්ට දඩුවම් නැහැ.


අසරණයින් අල්ලා, දස වධ දී බොරු නඩු දාන පොලිස් කාරයින්ට - රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ රැකවරණය, ආශිර්වාදය හිමි වෙලා. රටේ නීතිය මෙම පොලිස් කාරයින් භියක් සැකයක් නැතිව උල්ලංඝණය කරන්නේ, නීතිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක නොවන බවට තිබෙන සහතිකය නිසාය.

මීගල්ලැව පොලිසියේ උප පොලිස් පරීක්ෂක අබේරත්න, සැරයන් වරුන් වන 24326 සෝමදාස, 31189 වීරසූරිය හා 31194 ලයනල්, වැඩ නිමකර නිවස බලා ගමන් කරමින් සිටි උපාලිව අත්අඩංගුවට ගෙන වධ දී, වෙළදසැලක සිදුවූවායයි කියන සොරකමකට සම්බන්ධ කර නඩු පැවරුවේ 2011දීය.

නීතියට අනුකූලව පොලිසිය, උපාලිව අධිකරණයට ඉදිරිපත් කරන්න පෙර, මීගල්ලෑව රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා හමුවට පත්කළේ අධිකරණ වෛද්‍ය පෝරමය සමග. නීතිය පමණක් නොව, වෛද්‍යවරයකු විසින් අනුගමනය කළයුතු ආචාර ධර්ම පවා උල්ලංඝණය කරමින්, පොලිසියේ නරුම ආශාවන්ට ඉඩ දෙමින්, කිසිම පරීක්ෂාවක් නොකර, කිසිදු පරික්ෂාවකින් හෝ ප්‍රකාශය සටහන් කිරිමක් හෝ නොකර, පොලිසියට උපාලිව බාර දුන්නේය.

පොලිසිය උපාලිව අධිකරණයට ගෙන ගොස් ඉදිරිපත් කරනු ලැබීය. නීතියට අනුව - උපාලි වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරිය, උපාලිට පොලිසිය පහර දුන්න බව ප්‍රකාශ කලා. නමුත් අධිකරණයද පියවරක් ගත්තේ නෑ. ඇප නියම කරන කලද, කොන්දේසි සපුරාලන්න නොහැකිවීම නිසා දවස් හතරක් වාරියපොල බන්ධනාගාරයේ ගතකරන්නට උපාලිට සිදුවුනා.

බන්ධණාගාරයද, වෛද්‍යවරයා හා අධිකරණය අනුගමනය කරමින්, පොලිසිය පහරදීම පිළිබද ප්‍රකාශ ලියා ගත්තේ නැත. ප්‍රතිකාර දුන්නේ නැත.

නඩුවාර ගණනකින් පසුව, චෝදනා ඔප්පු කරන්නට තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකි වූ නිසා, අධිකරණය උපාලිව මුදාහැරියා. ඒ නැවත අවශ්‍ය වුනොත් යලි නඩු පවරන බවට සහතිකයක්ද එක්කය.

උපාලි මීගලෑව පොලිසියේ ඉහත සදහන් පොලිස් කාරයින් සිදුකල අපරාධය ගැන- අදාල අයට පැමිණිලි කලා. මානව හිමිකම් කොමිෂන් සභාව, උපාලිගේ පැමිණිල්ල සටහන් කරන ලද විමර්ශණය අනුව ඉහත නම් සදහන් පොලිස් කාරයින් - උපාලිගේ මූලික අයිතීන් උල්ලංඝණය කර තිබෙන බවට නිගමනය කරනු ලැබුවා. ඒ 2014 පෙබරවාරි 10ය.

ඒ අනුව ඉහත පොලිස් කාරයින් එක් අයෙකු රු: 5000/= බැගින්, රු: 20,000/=ක වන්දියක් ගෙවිය යුතු බවද තීරණය කලා.මේ නිර්දේශය පොලිස්පතිටද යවලා තියෙනවා.

නමුත් 2011 මැයි මස සිදුවූ මෙම අපරාධයට සම්බන්ධ පොලිස් කාරයින්ට එරෙහිව කිසිම විනය පරීක්ෂණයක්, නීතියට අනුව නඩු පැවරීමක් සිදු කරලා නැහැ. උපාලි - සිංහල බෞද්ධ තරුණයෙකි.

අදාල වීඩියෝව-

No comments:

Post a Comment