Wednesday, February 5, 2014

පිළිකා රෝගී සංඛ්‍යාව 70% කින් වැඩිවනු ඇත.


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉදිරි වසර විස්ස තුළ පිළිකා රෝගීන් සංඛ්‍යාව සියයට 70 කින් වැඩිවනු ඇත.
දැනට වසරකට එක්වන මිලියන 14 ක් වූ පිළිකා රෝගීන් ගේ සංඛ්‍යාව, ඉදිරි වසර වලදී මිලියන 25 දක්වා වැඩි වන බවට ගණන් බලා තිබේ.
මෙය ඉදිරියේදී අඩු හා මධ්‍යම ආදායම් තත්ත්වයේ පසු වන රටවලට බරපතල ප්‍රශ්නයක් වන බවද  ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්නුම් කරයි.
පිළිකා රෝග මර්දනයට ඉතා වැදගත් වන්නේ සෑදීම වැලැක්වීම හා මුල් අවධියේ දැනගැනීමයි.
පිරිමින් අතර බහුල පෙනහළු පිළිකා (16.7% ) රෝගයෙන් මිය යන සංඛ්‍යාව 23.6% කි.
ස්ත්‍රීන් අතර බහුල පියයුරු පිළිකා (25.2% ) රෝගයෙන් මිය යන සංඛ්‍යාව 14.7 % කි. මෙය තරමක් පහත වැටී තිබේ.

පූර්ව හඳුනාගැනීම මෙන්ම, වැළැක්වීම සඳහා දුම්කොළ,මධ්‍යසාර හා පැනි බීම වර්ග භාවිතය අඩු කිරීම හා ශාරීරික අක්‍රියකාරිත්වය මෙන්ම තරබාරුව නැවැත්විය යුතුව තිබෙන බවද පෙන්වා දෙයි.

No comments:

Post a Comment