Wednesday, February 19, 2014

කොමා එනකොට - පිළිගැනීමේ ඩෙස්ක් එක හිස්ලු.



තමන් එන සෑම වේලාවකම "පිළිගැනීමේ කවුන්ටරය" හිස් බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ - කොමසාරිස් ආචාර්ය ප්‍රභාත් මහානාමහේවා, ඒ පිළිබදව පාලක මණ්ඩලයේ අවධානය යොමු කර සිටී.

දින දෙකක්, ප:ව: 2.30 සිට 3.30 දක්වා කිසිම නිලධාරිනියක් - පිළිගැනීමේ කවුන්ටරයේ නොසිටි බවට චෝදනා කරන ඔහු, කාර්ය මණ්ඩල සාමාජිකයින් කාර්යාල වේලාව තුල පිටව යන බවද කියා සිටියේය.

මේ පිළිබදව අදහස් දක්වන සේවකයින් කියා සිටින්නේ එක් පයක් කොමිෂමේ ද, අනෙක් පය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ ද තියාගෙන සිටින අතිරේක ලේකම් උදේට ඇිලි සලකුණු තියා කොමිෂමට ඇතුලුවී, ඉන්පසු පිටව ගොස් සවසට පැමිණ පිටවීමට ඇිල්ල තබා යන බවයි.

කාර්ය මණ්ඩල සේවකයින්ගේ පිටින් තබා, පාලක මණ්ඩලය කමිටුවේ තැබූ ආචාර්ය ප්‍රභාත් මහානාමහේවා ට මේ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා, මේ පිළිබදව ලේකම්වරියට එවන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නට නියම කර, ආරක්ෂක කුටියට වෙනම පොතක් තබා, කාර්ය මණෟඩල පිටවීම සටහන් කිරීමට පියවර ගන්නා ලෙසටද උපදෙස් දී ඇත.

අතීසාරයට අමුඩ ගැසීම - යන පැරණි කියමන සිහිපත් කරන මානව හිමිකම් කොමිෂම පිළිබද තතු දත් අය කියන්නේ - මෙම කොමිෂමේ වත්මන් ලේකම්වරිය, අතිරේක ලේකම් ගේ ගෝලයකු බවත්, මැයට පිළිගත් සම්ප්‍රදායන් කාර්යපටිපාටියන් උල්ලංගණය කරමින් පත්වීම ලබාදී ඇති බවත්ය.

මහින්ද චින්තනයේ පොල්මක්කාරයින් වන මානව හිමිකම් කොමිෂමේ - කොමාලා සහා ඉහළයින්ගේ කෙරුවාවන් හෙළිකරන තෙවැන්න මෙයයි.

තවත් බලපාපොරොත්තු වන්න.

No comments:

Post a Comment