Thursday, March 21, 2019

රට යන්න ඉඩ දෙන්න. මට ද රටට ද සෙතක් වනු පිණිස පානදුර ප්‍රාදේශීය ලේකම් ගේ අවධනයට



පහත දැක්වෙන්නේ 35 හැවරිදි කුමාරි පානදුර ප්‍රාදේශීය ලේකම් ට ලියන ලද ලිපි යයි. 

වීදේශගත වීම සඳහා, පවුල් පසුබ්ම් වාර්තාව නිකුත් කරන ලෙසට කරන ඉල්ලීම.

කුමාරි අවු: 35 යි, විවාහක, දරුවන් 02 යි, රැකියාව: නිෂ්පාදන අංශය, --------------.
පානදුර. 

2019.03.19 වන දින දීය. 

ඉහත නම් සඳහන් මා, මීට මාස 06 කට පෙර, තෙවන වරටත්, විදෙස්ගත වීම සඳහා වර්තමානයේ අත්‍යාවශ්‍යය වී ඇති “පවුල් පසුබ්ම් වාර්තාව” ලබාගැනීම සඳහා අදාල පෝරමය, පානදුර ප්‍රාදේශීය ලෙක්ම්වරයා වෙත ඉදිරිපත් කළෙමි. 

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. එසේ ප්‍රතික්ෂේප කරන කරන ලද්දේ, මාගේ දියණියන් දෙදෙනාට රැකවරණය දීමට කෙනෙකු නැති බවට, පදනම් රහිත හේතු දක්වමින්ය.

මා එසේ ප්‍රකාශ කරන්නේ පහත දැක්වෙන හේතු මතය. 

(1) මා, වයස අවු: 4 සිට 18 දක්වා, හැදුනේ, මොරටුව, ළමා නිවාසයේ ය. 
සග ඒ කුඩා කාලයේදීම මාගේ පියා හා මව වෙන්ව, මාව, මවගේ මවට (ආච්චීට) බාර දී තිබින. ඔවුන්ට මාව හදාගන්න බැරිව, ළමා නිවාසයට බාර දී තිබින.
සසග අවු: 18 න් පසුව, මා පානදුර වලාන පිහිටි, ඇඟ`ඵම් කම්හලේ වැඩ කළෙමි.
සසසග එසේ වැඩ කරන අතර, ලසන්ත හමු වී, 2004.01.02 දින විවාහ විය. ඔහු ත්‍රීරෝද රථ රියදුරෙකි.
සඩග විවාහ වී පදිංචි වී සිටියේ, සැමියාගේ නිවසේය. එහි සැමියාගේ පියා හා කුඩම්මා ද විය. ලිපිනය : බෙක්කේගම, පානදුර.
ඩග විවාහ වී, මාස 02 ක් පමණ යන විට, සැමියා මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවෙක් හා සොරකම් වලට සම්බන්ධ අයෙකු බව දැනගත්තා.
ඩසග විටින් විට, පොලිස් අත්අඩංගුවට පත්වුනා.
ඩසසග මට, පළමු දරුවා ලැබෙන්න මාස 3 ක් පමණ තිබියදී, ඔහුව අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත වුනා.
ඩසසසග සැමියා බන්ධනාගාර ගත වීමෙන් පසුව මා, මවගේ නිවසට ගොස් නැවතුනා. එහි මව හා බාප්පා විය.
සංග 2004.09.21 මට පළමු දරුවා ලැබුනා. ඇයට දැන් වයස අවු: 15 කි.
ංග සැමියා වරින් වර, මෙම කාලය තුළ බන්ධනාගාරගත වුනා. 
ංසග 2006.02.13 වන දින දෙවෙනි දරුවා ලැබුනා. දැන් ඇගේ වයස අවු: 13 කි.
ංසසග මෙම කාල වකවානු තුළදී, සැමියා වරින් වර බන්ධනාගාර ගත වුනා. වෙනත් සම්බන්ධකම් ඇති කර ගත්තා. 
ංසසසග එමෙන්ම, මාව හා දරුවන් දෙන්නා රැක බලා ගැනීම සැමියාගේ මව හා පියා ගේ පවුලේ අය ප්‍රතික්ෂේප කළා.
ංසඩග මට, මාවත් දරුවන් දෙන්නාවත් රැක බලා ගැනීමට හැකියාවක් නැති වුනා.
ංඩග මා මාගේ අසරණකම, දුක්ගැනවිලි, මා විසින් අදහන ක්‍රිස්තියානි ධර්මයට අනුව,  මෙතෝදිස්ත දේවස්ථානයට ගොස් එහි, දේවගැති තුමාට කියා සිටියා.
ංඩසග මෙතෝදිස්ත දේවස්ථානය මැදිහත්ව, සමාගමට කරුණු කියා, මට ---- නිවාසයේ රැකවරණය ලබා දුන්නා. 
ංඩසසග 2008.12.11 දින, සැමියා, හිරෙන් නිදහස්ව පැමිණ මාව හා දරුවන් දෙන්නාව, ඉවත් කරගෙන දිවුලපිටියේ මාගේ ආච්චිගේ නිවසට ගෙන ගියා.
ංඩසසසග මේ අවස්ථාවේ සැමියා, සිය ඇබ්බැහැවීම් වලින් “නිදහස් වී” නැති බව තේරුම් ගත් බැවින් මා දරුවන් දෙන්නාව දිවුලපිටිය පිහිටි ළමා නිවාසයට ඇතුලත් කරනු ලැබුවා. ඒ 2008.12.24 දිනය.
ංසංග මෙ අතර, යලිත් වරක් සැමියාව අත්අඩංගුවට පත්ව, සිරගත කරනු ලැබීය. එවර ඔහුට වසර 5 කට අච්චු කරු ලැබීය.
ංංග මා යළිත් පානදුරයට පැමිණ ඇඟ`ඵම් කම්හලේ සේවයට බැඳී වැඩ කරන ලදි.
ංංසග 2009 මැයි මසදී, විදෙස් රැකියාවකට සවුදි අරාබියට යන ලදි.
ංංසසග 2011 පෙබරවාරි මස නැවත මෙරටට පැමිණ, දරුවන් දෙන්නා, මාගේ බාරයට ලබාගන්නා ලදි. එසේ දරුවන් ලබාගෙන පදිංචි වූයේ සැමියාගේ පියා ළඟ ජීවත් විය.
ංංසසසග 2011 ජුනි මාසයේ නැවත විදෙස් ගත වූවා. එවර ගියේ ක්වේට් රාජ්‍යයට.
ංංසඩග 2017 වන තුරු මා ක්වේට් රටේ සේවය කළ අතර, බාල දරුවා, සැමියාගේ පියා හා කුඩම්මා ළඟ හැදුනු අතර, වැඩමහල් දරුවා හැදුනේ සැමියාගේ අයියා හා සැමියාගේ නංගී ළඟය.
ංංඩග සැමියා හිරෙන් නිදහස් වී පැමිණි පසු ඔහු වෙනත් ස්ත්‍රියක් සමග ජීවත්වීමට පටන්ගෙන තිබින.
ංංඩසග 2017 මෙරටට පැමිණීමෙන් පසුව මා වැඩිමහල් දරුවා හා සැමියාගේ අයියා සමග පානදුර, බ්ලොක් ගල් වැඩපොළේ නැවතී, වැඩ කරමින් ජීවත් වුනා. බාල දරුවා අප හා එක්වීමට කැමත්තක් දැක්වූයේ නැහැ.
ංංඩසසග 2018 පෙබරවාරි මස, සැමියාගේ අයියා රිය අනතුරකට අවශ්‍ය වූ පසුව, ඔහු ආගිය අතක් නැති වුනා. මා හා දරුවා, යළිත් මාගේ සැමියාගේ මව ළඟ පදිංචියට ගියා.
ංංඩසසසග 2018 දෙසැම්බර් මස 11 දින හෝ ආසන්න දිනයක, සැමියා පැමිණ වැඩිමහල් දියණිය ව, ඔහු දැනට ජීවත් වන පවුලට රැගෙන ගියා. සැමියා දැනට ජීවත් වන්නේ, පානදුර,  මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ප්‍රකට තැනැත්තිය සමගය. 

මෙම පසුබිම යටතේ මා හට, පවුල් පසුබ්ම් වාර්තාව ලබාදීමට ගැට`ඵ ඇතිකරන, පළමු දරුවා පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට ඔබ උපදෙස් මත ඉල්ලීමක් කරන්නට පානදුර දකුණ පොලීසියට ගිය විට, ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ “විදෙස්ගත වීම” ට අදාල වාර්තා තමන්ට දිය නොහැකි බවයි.

කෙසේ නමුත් මාගේ ඉල්ලීම පරිදි වාර්තාවක් දීමට, දරුවා බැලීමට ඉඩ නොදෙන බව ට පැමිණිල්ලක් ලියවා ගන්නා ලදි.

ඒ පැමිණිල්ල පදනම් කරගෙන ඔබගේ විදේශ රැකියා නිලධාරිනි, එච්. නිරංජලා ප්‍රියදර්ශනී පීරිස් මිය අමතා ලිපියක් නිකුත් කරන ලදි.

නමුත් ඇය කියා සිටින්නේ එම ලිපිය ප්‍රමාණවත් නැති බවයි.

නමුත් පොලීසිය වෙනත් වාර්තාවක් ලබාදීම ප්‍රතික්ෂේප කරයි. ඔබ විදෙස් රැකියා නිලධාරිනී එච්. නිරංජලා ප්‍රියදර්ශනී පීරිස් මිය, පියා ජීවත් වන ක`ඵදෑවල ප්‍රදේශයට ස්ථාන පරීක්ෂාවකට යෑමට නොහැකි බවද කියා සිටී.

මා ජීවත් වන්නේ, පෙර සඳහන් කළ පරිදි කම්කරු රැකියාවක් කරමින් ය. මා හට රැකියාවක් නොකර දරුවෙක් බලාගෙන ජීවත් වීමට ක්‍රමයක් නැත. 

මට, උපදෙස්, අනුශාසනා දෙන අය මාගේ තත්ත්වය ගැන, සවන් දෙන්නටවත් සූදානම් නැත.

මා ඉල්ලා සිටින්නේ,

යථාර්තවාදීව සලකා බලා මට විදෙස්ගත වීමට ඉඩ ලබාදෙන ලෙසටය.

එවිට මට, මාගේ ජීවිතය හදාගන්නට, උත්සාහ ගත හැක. එමගින් රටට සෙතක් වනු ඇත. ඒ මා උපයන විදේශ විනිමය මගින්ය.

පානදුර දකුණ පොලීසිය ලබාදී ඇති වාර්තාව පදනම් කරගෙන මට විදෙස්ගත වීමට ඉඩ සලසා දෙන ලෙසට ඉල්ලමි. (එම ලිපියේ ඡායා පිටපත අමුණා ඇත)

මෙයට,
කුමාරි 

පිටපත්:

01. ලේකම්
    විදේශ කටයුතු අමාත්‍යාංශය
    ජනරජ ගොඩනැගිල්ල
    කොළඹ 01

02. සභාපති
    ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය
    427/14, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
    කොස්වත්ත,  බත්තරමුල්ල







No comments:

Post a Comment