Tuesday, March 5, 2019

පොලිස් කාරයින්ගෙන් සල්ලි ගත්තු මහ ‘ප.... යා’ ට පොලිස්කාරයෝ පහර දෙයි.



 කුලි වැඩ කරන දයානන්ද 51 හැවරිදි දෙරු පියෙක්. 2019.03.01 දින, ඔහු බුලත්සිංහල පොලිසිය ළඟට ගියේ ඒ අසල සිටි කාන්තාවක ගෙන් තමන්ට ලැබිය යුතු මුදලක් ඉල්ලා ගන්න.

එසේ සිටින විට බුලත්සිංහල පොලිසියේ කොස්තාපල් තරංග එතැනට උඹ ඇප තියන්නද ආවේ, උඹ ආපු බව දන්නවානම් ඇප දෙන්නේ නැහැ කයන විටම මෝටර් රථයකින් බුලත්සිංහල පොලිසියේ උ.පො.ප.උපුල් හා කොස්තාපල් ශ්‍රිමාල් යන අය එතනට පැමිණ තිබේ. කොස්තාපල් තරංග, උ.පො.ප.උපුල් ට පෙන්වා, “සර් මේ ඉන්නේ අපෙන් රු: 25,000/= ගත්ත එකාගේ මහ ප----යා” කියා තිබේ. හෙඳටම බිලා හිටපු උ.පො.ප.උපුල්, “පොලිස් කාරයින්ගෙන් සල්ලි ගන්නවාදැයි” කියමින්, දයානනද ගේ හිසට, අසල කාණුවට වාටෙනකම්ම ඔහුට  අතින් පහර දි තිබේ. 
පහර කැ ඔහු පසුදින රොහල් ගතව ඇත. 2019.02.03 දින රෝහල් පොලිසිය කටඋත්තර ලබා ගෙන, අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පරික්ෂා කිරිමෙන් අනතුරුව ටිකට් කප ඇත. 
ඔහ් ට මෙසේ පහර දීමට හේතුව වි ඇත්තේ, 2018.09.01 දින රාත්‍රිියේ ඔහුගේ පුතා වන හර්ෂ ප්‍රියංකරව, බුලත්සිංහල පොලිසියේ උ.පො.ප.උපුල්, පො.කො.තරංග, පො.කො. ශ්‍රීමාල් , උ.පො.ප.අංජන හා තවත් නිලධාරියකු විසින් අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස වධහිංසා පමුණුවීමෙන් පසුව රුපියල් 25,000/= ක මුදලක් ලබා දී සිද්ධිය සමථ වීම ය. 

ඔහු  මානව හිමිකම් කොමිෂන් සභාවෙන් හා පොලිස්පතගෙන්  ඉල්ලා සිටින්නේ, අමානුෂික ලෙස පහර දුන්, බුලත්සිංහල පොලිසියේ - උ.පො.ප.උපුල්, කොස්තාපල් තරංග හා කොස්තාපල් ශ්‍රිමාල් යන නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය. 


No comments:

Post a Comment