Thursday, March 28, 2019

හැප්පිච්ච එකාට නඩු ! හප්පපු එකා පොලිස් රියදුරු !! රථය පොලිස් Accountant ගේ !!! ගියේ ගෑනියෙක් හා ළමයෙක් !!!!



ඇට කුඩු වී ඔත්පලව සිටින විසිහය හැවිරිදි තරුණයාට, රිය අනතුරකදී උසාවියෙන් නියම කරන ක්ෂණික වන්දිය වත් දීලා නෑ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ යුනිලීවර් සමාගමේ සේවකයකු වන දුමිදු පසන් මධුසංඛ ජයසූරිය යන අයය.

2018.10.19 වන දින, සිදු වූ මේ අනතුරින් අදටත් නැගිට ගන්න බැරිව, එකතැන්ව සිටින මොහුට, යුක්තිය ඉටු නොවන්නේ මන්ද?

ඔහුගේ පියා ප්‍රේමරත්න ජයසූරිය, පොලිස්පතිට, ජාතික පොලිස් කොමිෂන් සභාවට  හා මානව හිමිකම් කොමිෂමට කර තිබෙන පැමිණිල්ලෙන් සියලු කරුණු පැහැදිලි වේ.


පොලිස් ප්‍රධානියා, පොලිස් රියදුරුව, වාහනය, සම්බන්ධ අපරාධය වසන් කරන්න 
උසාවියට බොරු කියයි. තොරතුරු සඟවයි. වරෙන්තුව ක්‍රියාත්මක නොකරයි.

ප්‍රේමරත්න ජයසූරිය, අවු: 66 යි, විවාහක, දැවන් 04 යි, විශ්‍රාමික, ලිපිනය: ------  හෝමාගම.  
2019.03.27 වන දින දීය.

දුමිදු පසන් මධුසංඛ ජයසූරිය, අවු: 26 යි, අවිවාහක, මාගේ පුතා වේ.

2018.10.19 වන දින, උදේ 10.53 ට පමණ, මාගේ පුතා රාජකාරිය කරන අතර තුර, පිළියන්දල, කොළඹ, හොරණ ප්‍රධාන මාර්ගයේ, ජාලියගොඩ හංදියේදී රිය අනතුරකට භාජනය විය.

ඔහු ගමන් ගත් BCY 8537 යතුරුපැදියේ පිටුපසින් පැමිණි, GI 8360 දරන නිසාන් සනි වර්ගයේ මෝටර් රථය හප්පා තිබේ.

එම අනතුර අවට CCTV කැමරාවල පැහැදිළිව සටහන්ව තිබේ.

බරපතල ලෙස තුවාල වූ මාගේ පුතාව, එම වාහනයෙන්ම, එම රියදුරා විසින් පිළියන්දල රෝහලට ගෙන ගොස් තිබේ.

පිළියන්දල රෝහලෙන්, එදින, ඒ අවස්ථාවේදීම, පුතාව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කරනු ලැබීය.

මෙම රිය අනතුර පිළිබඳව, පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති විසින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අංක බී.ආර්. 2001/18 යටතේ 2018.10.23 දින නඩුවක් ගොනු කරනු ලැබීය.

එම නඩුවට අනුව, අපරාධය සිදුකර ඇත්තේ මාගේ පුතා ය. මාගේ පුතාට මෝටර් වාහන පනත යටතේ 149 (1), 151 (3) 234 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරද කර ඇති බවට චෝදනා කර ඇත.

පිළියන්දල පොලීසියේ ස්ථානාධිපතිවරයා මේ ආකාරයට අමූලික බොරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, රිය අනතුර සිදුකළ රියදුරා හා එම රථය හා අදාලව සිදුව ඇති නීති විරෝධී අපරාධමය ක්‍රියාවන් වසන් කිරීමට බව ප්‍රකාශ කරමි.

මා එසේ ප්‍රකාශ කිරීමට හේතු පහත දක්වා සිටිමි.

(1) මෙම GI 8360  දරන,  නිසාන් සනි වර්ගයේ මෝටර් රථය, පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වීම.

(2) එම නිල රථය පොලිස් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයෙකු වන රංදෙනිය නැමැත්තාගේ භාවිතයට වෙන් කර තිබීම.

(3) මෙම පොලිස් නිල රථය, එදින ධාවනය කළේ, පොලිස් කොස්තාපල් රියදුරු 80169 මනතුංග චන්ද්‍රකුමාර මනතුංග වීම. 

(4) 2018.10.19 වන දින උදේ 10.53 ට පමණ මෙම පොලිස් රිය, අනතුරට පවත්වන අවස්ථාවේ එහි, රියදුරුට අමතරව, කාන්තාවක් හා කුඩා ළමයෙකු ගමන් කරමින් සිටීම.

(5) මෙම රිය අනතුරෙන් සිරුරේ, මයිල් ගසකටවත් හානියක් නොවූ පොලිස් රියදුරු, 80169 මනතුංග චන්ද්‍රකුමාර මනතුංග තමන්ට හදවත් කැක්කුම ඇති බවට බොරු ප්‍රකාශයක් කර, පිළියන්දල රෝහලට ඇතුළත්ව දින 04 ක් නේවාසිකව සිටීම.

(6) මෙම ව්‍යාජ රෝහල්ගතවීම, පිළියන්දල පොලිස් ස්ථානාධිති විසින්, අධිකරණයට වාර්තා කර, අධිකරණය නොමග යැවීම.

මෙම පසුබිම යටතේ, බරපතල රිය අනතුරක් වසන් කර, අනතුරට පාත්‍ර වූ නිර්දෝෂී පුද්ගලයාට එරෙහිව නඩු පවරා ඔහුට එරෙහිව පොලිස් බලතල හා සම්බන්ධකම් යොදාගෙන, වරදකරු කර, අපරාධකරුවා නිදහස් කිරීමට උත්සාහ ගෙන තිබේ.

මා ඉල්ලා සිටින්නේ,

ඉහත සඳහන් කරුණු මත, 

(අ) රිය අනතුර සිදුකර, එම අනතුර වසන් කිරීමට පියවර ගැනීම,

(ආ) මෙම රිය අනතුරට අදාල පොලිස් නිල රිය, අයුතු ලෙස පරිහරණය කිරීම අදාල පරීක්ෂණ යටපත් කිරීම, මෙය රජයේ දේපළකි.

(ඇ) නිර්දෝෂී පුද්ගලයකු වරදකරු කිරීමට දරන උත්සාහය.

පිළිබඳ විධිමක් පරීක්ෂණ පවත්වා, සත්‍ය තොරතුරු අධිකරණයට වාර්තා කරන ලෙසට.

(ඈ) මෙම රිය අනතුර අදාල මාගේ පුතාට, නීති ප්‍රකාරව හිමි රුපියල් ලක්ෂයක වන්දිය ලබාදෙන ලෙසට.

(ඉ) මෙම රිය අනතුර නිසා, අදටත් ඔත්පලව සිටින මාගේ පුතාට අදාල වෛද්‍ය වාර්තා අධිකරණය මගින් ලබා ගන්නා ලෙසට.

(ඊ) රිය අනතුර අදාල CCTV දර්ශන රස පරීක්ෂක මගින් පරීක්ෂා කර වාර්තාව ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට.

(උ) අනතුර සිදුකළ පොලිස් රිය GI 8360  වලංගු මෝටර් රථ පරිපාලක විසින් කර තිබෙන නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීම.

(ඌ) අනතුර සිදුකළ රියදුරුට එරෙහි නීතිමය පියවර ගැනීම.

ඔබ පරීක්ෂණ පිළියන්දල පොලීසියෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට ය.

මෙයට,

ප්‍රේමරත්න ජයසූරිය




No comments:

Post a Comment