Tuesday, April 9, 2019

පොලීසියෙන් දීපු හොර ටෙම්පරියෙන් කොන්දොස්තර ඩ්‍රයිවර් වෙලා ලු .


රියදුරු බලපත්‍ර නැති පුද්ගලයින්ට, බස් දුවන්න, කූඨ ලෙස සකස් කරපු “ටෙම්පරි” පොලීසියෙන්ම ලබා ගන්න පු`ඵවන්. 

මේ ජාවාරම හෙළිවන්නේ පසුගියදා, මොරටුව, කටුබැද්ද බස් ලොරි ගැටුමකින් ය. බසයේ හිමිකාරිය කියන්නේ, නවත්වා තිබූ බසයේ, පිටුපසින් පැමිණි ලොරිය හප්පා ඇති බවයි. අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වාඇති මොරටුව රථවාහන පොලීසිය, අනතුරට භාජනය වූ බස් රථයේ ඊනියා “රියදුරු” ව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව කූඪ ලෙස සකස් කළ “ටෙම්පරියක්” භාවිතා කර, රියදුරු ලෙසට බසය ධාවනය කිරිමය.

බස් රථයේ හිමිකාරිය, ප්‍රකාශ කරන්නේ මොරටුව රථවාහන අංශයේ ස්ථානාධිපති තමාගෙන් රු: 20,000/- ක අල්ලසක් ඉල්ලා සිටිය බවත්, නොදුන්න නිසා රියදුරු වෙනුවට කොන්fදාස්තරට විරුද්ධව චෝදනා නගා, උසාවි දමන ලද බවය.

කොන්fදාස්තර සතුව, ඔහුගේ නමින් “ටෙම්පරියක්” තිබූ බව පිළිගන්නා ඇය එය නිකුත් කර ඇත්තේ ගල්කිස්ස පොලීසියෙන් බව ද කියා සිටී.

ඇයගේ තර්කය වන්නේ, පොලීසියෙන් දෙන “ටෙම්පරි” හොරද, නැද්ද යන්න නිශ්චය කිරීමට තමන්ට නොහැකි බවයි.

තම කොන්fදාස්තර අත තිබූ “ටෙම්පරිය” කුඨ ලෙස සකස් කරන ලද එකක් නම්, එයට වගකිව යුතු ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන, උසාවියට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද ඇය කියා සිටී.

මොරටුව පොලීසිය, අනතුරට පත්වූ තම බස් රථයේ රියදුරු ලෙසට කොන්fදාස්තර ආදේශ කිරීම නිසා, අලාභය අය කර ගැනීමට නොහැකි වී ඇති බවද ඇය වැඩි දුරටත් කියා සිටී.

මෙම බස් රථය පානදුර -  පිටකොටුව ධාවනය වන බස් රථයකි.

ඇය මේ පිළිබඳව පොලිස්පතිට හා නීතිය හා සාමය පිළිබඳ අමත්‍යාංශයේ ලේකම් ට පැමිණිලි කර ඇත.

No comments:

Post a Comment