Tuesday, October 24, 2017

අපරාධකාරයින් අල්ලන්න මරණ සහතිකය අරන් වරෙන් - එගොඩ උයන පොලිසිය -



අපරාධකරුවන් පොලිසිය හා ඇයි හොඳයි කම් පවත්වන්නේ නම්, අපරාධය කොතරම් බරපතල පුවත්, නීතිය ක‍්‍රියාමත්මක කරන්නේ නැත. එවිට ජනයාට ඉතිරිව ඇත්තේ පාරට බැස උද්ඝෝෂණය කිරීමටය.

මෙම මස 20 වන දින පස්වරුවේ, පානදුර අලූත් පාලම අසල, එගොඩඋයන පොලිසියට එරෙහිව මෝදර වැසියන් උද්ඝෝෂණය කළේ- අපරාධකරුවන් ආරක්ෂා කිරීමට පියවර ගත් නිසාය.

21 හැවිරිදි, එක් දරු පියෙක් මෙම මස 22 ගියේ, පහර කෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප‍්‍රථිකාර ලබමින් සිටියදීය.

ඔහුගේ 18 හැවිරිදි බිරිඳ, එගොඩඋයන පොලිසියේ අපරාධ සම්බන්ධයෙන්,  පූජිත ජයසුන්දර මයා - පොලිස්පති, ජාතික පොලිස් කොමිෂන් සභාව හා මානව හිමිකම් කොමිෂන් සභාව අමතන ලද ලිපිය පහත දක්වමු. කාරණය පැහැදිළි වනු ඇත.

‘‘ එගොඩඋයන පොලිසියේ නිලධාරීන් අල්ලස් ලබාගෙන - මිනීමැරුමක් සිදුකල, අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ක‍්‍රියා කිරීම.

දර්ශනී ප‍්‍රියංගිකා ප‍්‍රනාන්දු, අවු: 18යි, විවාහක, දරුවන් 01යි - වයස අවුරුදු 1 1/2යි.
ලිපිනය : 215/5, ජයලත් පෙදෙස, මෝදර, මොරටුව. 0754047402
2017.10.24 දිනදීය.

මාගේ සැමියා වන කුලකුලසූරියගේ නුවන් චාමර පෙරේරා, (අවු: 21 යි, රැුකියාව: වාහන පේන්ට් කිරීම* 2017 ඔක්: 05 දින පහර කෑමට ලක්ව, 2017 ඔක්: 21 දින, මිය යන ලදි.

2017 ඔක්: 05 වන දින, රාත‍්‍රී 10 ට පමණ, මොරටුව, ජෝශප් පෙදෙසේ දී, මාගේ සැමියාට හතර දෙනෙකු එක්ව, පොලූවලින් අතින් පයින් පහර දෙන ලදි.

පහරදීමේ ප‍්‍රථිඵලයෙන් බිම වැටී සිටි සැමියාව, ඔහුගේ මල්ලී විසින් පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇත. මේ පිළිබඳව ඔවුන් එගොඩ උයන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් ඇත.

පොලිසියේදී, පැමිණිලි බාර ගැනීම ප‍්‍රමාද කරමින්, අපරාධය කරන ලද අයව අත්අඩංගුවට නොගෙන, පරීක්ෂණ නොකර සිටින්නේ, අපරාධකරුවන්ගේ හිතවතෙකුවන, දේශපාලනයේ නියුතු, ලී මෝල් හිමියෙකු වන රෝහිත නැමැත්තාගෙන් අල්ලස් ලබාගෙනය.

මාගේ ඥතීන්ගේ බලපෑම් මත, පසුදින - 06 වනදා, පහර දුන් අයගෙන් තුන්දෙනෙකුව, මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එ් සමග, මාගේ සැමියාගේ මල්ලීව හා මස්සිනාවද, අත්අඩංගුවට ගෙන, උසාවියට ඉදිරිපත් කලා. 

එදින, එගොඩ උයන පොලිසිය අධිකරණයට කියා සිටියේ, මාගේ සැමියාට සු`ඵ තුවාල සිදුව ඇති බවයි. එ් නිසා, ඔවුන්ට ඇප ලබා දුන්නා. 

2017.10.07 වන දින, පානදුර මූලික රෝහල මගින්, සැමියාට ලෙඩක් නැති බව පවසා, ටිකට් කපන ලදි. නිවසට පැමිණි ඔහු රාත‍්‍රියේ තදට ඔලූව රිදෙන බව පවසමින් කෑගසන්නට පටන් ගත්තා. අට වෙනිදාත් ගෙදර කෑගසමින් සිටි නිසා, නව වෙනිදා නැවත පානදුර මූලික රෝහලට ගෙන ගියා. 

එදින සැමියාව කොළඹ ජාතික රෝහලට මාරු කලා. එදිනම නැවත පානදුර මූලික රෝහලට ගෙන ආවා. 9 වාට්ටුවන ඇතුලත් කලා. 12 වෙනිදා අලූයම නැවත කොළඹ ජාතික රෝහලට ගෙන ගියා. ඔහුව දැඩි සත්කාර එ්කකයට ඇතුලත් කලා. 

2017.10.16 වන දින, සැමියාගේ ආච්චී වන එච්.ඊනට් ප‍්‍රනාන්දු, නීතිඥ අතපත්තු මයා මගින්, අධීකරණයට රෝගියාගේ තත්වය දැනුම් දුන්නා. 

සැකකරුවන්ව 2017.10.20 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කලා. 

2017.10.20 වන දින, පොලිසිය විසින්, අපරාධය කරන ලද අයව බේරා ගැනීම සඳහා අධිකරණයට කරුණු වසන් කලා. අපරාධකරුවන් බේරා ගැනීමට ක‍්‍රියා කලා. නැවත අපරාධකරුවන්ව ඇප මත මුදා හැරියා.

එ් පිළිබඳව විමසීමට මා හා ඥතීන් එගොඩ උයන පොලිසියට ගොස් කරුණු විමසුවා. එහි සිටි සම්පත් නැමැති උ.පො.ප. හා සේනාධීර යන කොස්තාපල් අපට කිව්වා මරණ සහිකය අරන් එන්න කියා.

එ් අතර ස්ථානාධිපති අනිල් පැමිණියා. ඔහු පැය 3ක් ඇතුලත අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වුනා.

අපි එදින දහවල් 12.00 පමණ සිට සවස 3.00 වනතුරු පොලිසියේ රැුඳී සිටියා. නමුත් අත්අඩංගුවට ග්තතේ නැහැ.

එ් නිසා, එදන (20* අපි, මොරටුව - පානදුර අලූත් පාලම අසල උද්ඝෝෂණයක් කලා. එසේ කරන විට ගල්කිස්ස පොලිස් අධිකාරී පැමිණ, නීතිය ක‍්‍රියාත්මක කරන බවට පොරොන්දු වුනා. එ් අනුව අප සියලූම දෙනා විසිර ගියා. 

දින 2කට පසුව, 2017.10.22 - සැමියා, ජාතික රෝහලේ දැඩි සත්කාර එ්කකයේදී මිය ගියා.

මා ඉල්ලා සිටින්නේ, මාගේ  සැමියාට පහර දී, මරා දමන ලද අපරාධකරුවන් වන, මොරටුව, ජෝෂප් පෙදෙසෙහි පදිංචි - මල්ෂික, ජනිත්, ජනිතු හා ඉෂානි ෂෙහාරා යන අපරාධකරුවන් බේරා 
බේරා ගැනීමට ක‍්‍රියාකරන ලද එගොඩ උයන පොලිසියේ හිටපු ස්ථානාධිපති අනිල්, උ.පො.ප.සම්පත් හා පො.කො.සේනාධීර ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටද, අපහට ආරක්ෂාව සලසන ලෙසටද ඉල්ලා සිටිමි.

මෙයට, අ.ක/ දර්ශනී ප‍්‍රියංගිකා ප‍්‍රනාන්දු

No comments:

Post a Comment