Wednesday, October 4, 2017

අලි පේමේගේ අභියෝගය ජ. පො. කොමිෂම පිළිගනී.



හැට හය හැවිරුදි පේ‍්‍රමදාස හේරත් ‘‘අලි පේමේ’’, විශ‍්‍රාමික ඇත්ගොව්වෙකි. ඔහු මත්පැන් පානය කරන අතර, තම පරිභෝජනයට මත්පැන් නිපදවා ගැනීමටද ක‍්‍රියාකර ඇති අයෙකි. එහෙත් පොලිසියට නඩු දීමට, පගාව දීමට හෝ බොරු නඩුවලට වැරදිකරු බව පිළිගැනීමට සූදානම් අයෙකු නොවේ.

2007, බදුරලිය පොලිසියේ එවකට සිටි ස්ථානාධිපති උදය කුමාර ඔහුට පවරන ලද බොරු නඩුවට, වැරදිකරු බව පිළිගත්තේ නැත. නඩු විභාගයේදී, පොලිසිය ඉදිරිපත් නොවී, අධිකරණය මග හරින ලදි. වසර නවයකට පසුව, පැමිණීල්ල (පොලිසිය* උනන්දු නැත යන තර්කය මත, ප්‍රේමදාසව නඩුවෙන් මුදාහරින ලදි.

පේ‍්‍රමදස නීතිය හොඳින් දන්නා කෙනෙකි. එ් නිසා ඔහු තමාට බොරු නඩු දැමීම ගැන පොලිස් කොමිෂමට ලිවීය. සුපුරුදු පරිදි පොලිස් කොමිෂම, පොලිසිය දෙන ලද උත්තරය, පේ‍්‍රමදාසට දැන්වීය.

ප්‍රේමදාස එයට ලියන ලද පිළිතුර හා ඉන් අනතුරුව කොමිෂම, බදුරලිය පොලිසියට ලියන ලද ලිපිය පහත දක්වමු.

මානව හිමිකම් ‘‘වගන්ති වලට’’ සීමාවූ දෙයක් නොවේ. එය භාවිතයට ගතයුතු එකකි. 

මෙය ආදර්ශයට ගැනීම සඳහාය.


එම්.කේ.පේ‍්‍රමදාස,
තරුණ ගොවි ජනපදය,
කෙළින් කන්ද,
අගලවත්ත.
2017.08.31

එ්.ජී.ධර්මදාස,
අධ්‍යක්ෂ (මහජන පැමිණිලි*,
බස්නාහිර පළාත,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
අංක 09 ගොඩනැගිල්ල,
ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

මහත්මයාණෙනි,

බදුරලිය පොලිසිය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු ගොනු කර දිගු කාලීනව පීඩාවට පත් කිරීම.

ඔබගේ අංක භඡුක්‍රැුඡුක්‍ෂෘරැුඋඡුරැු380රැු2016 හා 2017.09.22 දින ලිපිය හා බැඳ්.

මේ සමග මට විරුද්ධව පවරන ලද අංක 1568 දරන, 2017.09.22 වාර්තාවේ ජායාස්ථ පිටපත එවමි.

එ් අනුව - කඩිනම් පියවර ගැනීමට ඔබට හැකිවනු ඇත.

මට පමණක් නොව, පගාව නොදෙන හා නඩු නොදෙන පුද්ගලයින්ට නඩු පවරමින් පොලිසිය කරන, නීච පහත් ක‍්‍රියාවන් නැවැත්වීමට හා මෙම නඩුව පැවරූ නිලධාරින්ට එරෙහිව විනය පියවර ගෙන මට දැනුම් දෙන මෙන් ඉල්ලමි.

වන්දි නියම කිරීමට ඔබ කොමිෂමට බලයක් නොමැති බවද මා දනිමි.

මෙයට,

අ.ක/එම්.කේ.පේ‍්‍රමදාස.


---------------------------------------------------------------------------------


එම්.කේ.පේ‍්‍රමදාස,
තරුණ ගොවි ජනපදය,
කෙළින් කන්ද,
අගලවත්ත.
2017.08.31

සභාපතිනිය,
මානව හිමිකම් කොමිෂන් සභාව,
අංක 14, ආර්.එ්.ද මැල් මාවත,
කොළඹ 04.

නීිති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන
ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු අංක 15682 දරන නඩුවට අදාලව, 2017.09.22 වන දින තීන්දුව අනුව බව කාරුණිකව සලකන්න.

එම තීන්දු ප‍්‍රකාශයේ ඡුායාස්ථ පිටපත අමුණා ඇත.

වසර දහයක් පුරා, බොරු නඩුවකට මා ශාරීරිකව හා මානසිකව පීඩාවට පත්කරන ලද බදුරලිය පොලිසිය විසින් මාගේ මූලික අයිතීන් උල්ලංගණය කිරීමට අදාල සිද්ධිය සැකෙවින් පහත දක්වමි.

1. 2007 ජූනි 27 වන දින බදුරලිය පොලිසිය විසින් මා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ”ගෝඩා ඩ‍්‍රෑම්ස් 1920 ක් ලඟ තබා ගැනීම” යටතේ නඩු පවරන ලදි.

2. මෙම නඩුවෙන් වසර නවයකට (09* පසුව, 2016 ජූනි 03 වන දන මා මුදා හරින ලද්දේ - පැමිණිල්ල උන්නදු නැති බව ප‍්‍රකාශයට පත් කරමින්ය.

3. පොලිසිය වංචනිකව, කූඨ ලෙස, බලය උපයෝගී කරගෙන, නඩු විභාගය මග හරිමින්, නඩුවෙන් ”මුදාහැරිමට” පියවර ගත්තේ, නඩු විභාගයට මුහුණ දුන්නා නම්, පොලිසියේ වංචාව, නීති විරෝධී ක‍්‍රියාව හෙළිවී, මා නිෙදාස් කොට නිදහස් වීම වැළැක්වීමටය.

4. නඩුවකින් නිෙදාස් කොට නිදහස් නොවීම හේතුවෙන්, වසරක් තුල එම නඩුව පැවරීමට, පොලිසියට තිබෙන බලය උපයෝගී කරගෙන, නැවත එම චෝදනාව යටතේම නඩු පවරා, පීඩාවට පත් කිරීම ශ‍්‍රී ලංකා පොලිසියේ ”ධාර්මික” පිළිවෙතයි.

5. එ් අනුව යමින්, එම චෝදනාවට යලිත් වරක් නඩුවක් පැවරීය. එහි තීන්දුව 2017.09.22 වන දින ලබාදෙන ලදි. එදින මා යළිත් මුදාහරිනු ලැබීය.

මේ අනුව, මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, ව්‍යාජ නඩු පැවරීම මගින්, මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳ විමර්ශණය කර, මෙම අපරාධය සිදුකල එවක බදුරලිය පොලිසියේ ස්ථානාධිපති උයද කුමාර ට එරෙහිව නිර්දේශයක් නිකුත් කරන ලෙසට ඉල්ලමි.

මෙයට,

අ.ක/එම්.කේ.පේ‍්‍රමදාස.

No comments:

Post a Comment