Monday, June 18, 2012

පයාගල පොලොසියට එරෙහි මුලික අයිතිවාසිකම් (SC/FR 127/12) නඩුවට අවසර


පයාගල පොලොසියට එරෙහි මුලික අයිතිවාසිකම් (SC/FR 127/12) නඩුවට අවසර
ලෙව්වන්දුව විතානගේ සමීර සම්පත්, වයස අවු: 24 යි, ලිපිනය: කටුකුරුඳුගහ ලන්ද, පොතුවිල, පයාගල.
2012. 01. 27 වන දින ප.ව. 12.30 පමණ සමීර කටුකුරුන්ද පොලට බඩු විකිණීමට යටෙදාළ බසයෙන් යමින් සිටියදී පයාගල පොඩි ගේට්ටුව හංදියේදී බසයට නැගි පයාගල පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා සමීරව අත්අඩංගුවට ගන්නා ලදි.
එතැන් සිට පයාගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පත්මකුමාර ඇතුළු නිලධාරින් 5 දෙනෙකු සමීරව කෲර හා අමානුෂික ලෙස වධහිංසාවට පත් කරන ලදි. සමීරව සිය මව බැලීමට ගිය අවස්ථාවේදී ඇයට සමීරව පෙන්වා නොමැති අතර, ඇය විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි කරන ලදි. ඉන් පසුව සමීරව පෙන්වා සිටියද එ් වන විට සමීරට පහරදී සමීර අසනීප තත්වයෙන් සිටි අතර, සමීරගේ මවට ඔහු සමග කතා කිරීමට අවස්ථාවක් දී නැත.
පසුදින උදේ ජනසංසදයට පැමිණි සමීරගේ මව, නැවතත් මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති කළුතර හා පොලිස් අධිකාරී කළුතර වෙත පැමිණිලි කරන ලදි. ඉන්පසුවද දිගින් දිගටම මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් එ්කකයට සමීරගේ මව පැමිණිලි කරන ලදි. පසුදින රාත‍්‍රී 8.15 පමණ සමීරව පොලිස් අත්අඩංගුවෙන් මුදාහරින ලදි.
අදාළ වගඋත්තරකරුවන් සමීරට තර්ජනයට කරමින් ප‍්‍රකාශ කර සිටියේ මානව හිමිකම් නොයන ලෙසත්, රෝහල්ගත නොවන ලෙසත්ය. නමුත් සමීරගේ මව පසුදිනම පානදුර මූලික රෝහලට සමීරව ඇතුළත් කරන ලදි. එහිදී දින 3 ක් සමීර වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්නා ලදි. රෝහල් පොලිසිය ද කටඋත්තරයක් නොගෙන පයාගල පොලීසියට එ් පිළිබඳව දැනුම්දී පයාගල පොලීසිය මගින් සමීරගේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත. රෝහලෙන් නික්ම ගිය පසු සමීරට තම නිවසේ ජීවත් වීමටද තම රැුකියාව කරගෙන යාමටද නොහැකි විය. එදින සිට පොලීසිය නැවත නැවතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි අතර, එදින සිට සමීර වෙනත් ප‍්‍රදේශයකට ගොස් ජීවත් විය.
මේ සම්බන්ධව සමීර ජනසංසදයේ සහාය ඇතිව 2012. 03. 20 වන දින මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදි. එම නඩුවට 2012. 06. 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නඩුව ගෙන යාමට අවසර ලබාදෙන ලදි. මෙම නඩුව සඳහා රජයේ නීතිඥවරයා විසින් විරෝධතාවයක් දැක්වූවද සමීර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවමාන මහතා සිය කරුණු පැහැදිළිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1*, 13(1*, 13(2*, 13(5* සඳහා අවසර ලබාදෙන ලදි.
සති හතරක් තුල ඇඳඉහපත ඇතුලූ අදාල ලෙඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වෛද්‍ය අධිකාරිවරයට නොතිසි නිකුත් කරන ලෙසටද නියෝග කළේය
නිතිඥ සුමාලිකා සුරියආරච්චි මිය ගේ උපදෙස් මත නිතිඥ පුලස්ති හේවමාන මහතා පෙනිසිටි මෙම පෙත්සමට අවසර දෙන ලද්දේ අගවිනුසුරු ශිරාණි බන්ඩාරනායක, විනිසුරු සත්‍යා හෙට්ටිගේ හා විනුසුරු ඩෙප් සමන්විත විනිසුරු මණඩලයෙනි.
youtube link:-  http://youtu.be/qE4kTmkwArc

1 comment: