Saturday, June 23, 2012

හොරණ හිමිනමකට පොලූවලින් ගහලා



Vijitha Weeresinghe
හොරණ හිමිනමකට පොලූවලින් ගහලා

ශ‍්‍රි ලංකාවේ දුෂිතම ආයතනය වන පොලිසිය හා එක්ව අපේ රටේ පුවත් පත් වාර්තා කරුවන් සිය පාඨකයින්ව මුලා කරන ආකාරය මොනවට පැහැදිලි කරන විජිත කුමාර වීරසිංහ යන්ගේ විවෘත ලිපිය මෙසේ ඔබ අතට පත්කරන්නේ පත්ලරවල පළවන ප‍්‍රවෘති සත්‍ය බවට විශ්වාස කරන බොහෝ පිරිසක් අප අතර සිටිනා බැවිනි. ජනසංසදය 81/2, ආතර් වි දියෙස් මාවත පානදුර 038 22 35191
හොරණ හිමිනමකට පොලූවලින් ගහලා
විජිත කුමාර වීරසිංහයන්ගේ - විවෘත ලිපිය

-------------------------------------------------------------------------------------------------------------------------------------
විජිත කුමාර වීරසිංහ
         අංක 29, වවුළුගල ජනපදය,
 මුණගම,
 හොරණ.
 2012. 06. 02

සියලූම දෙනාගේ අවධානය සඳහා

මාධ්‍යවේදීන්, පුවත්පත් වාර්තාකරුවන්, මාධ්‍ය ආයතන ලොක්කන්, ආණ්ඩුව හා බණකියන ඇත්තන්, නිතර දෙවේලේ මුමුණන වදනකි, ”මාධ්‍ය සදාචාරය”. එ් හා සමානව මාධ්‍ය නිදහස ගැන ද දෙසති.
මා මෙම කාරණය ඉදිරිපත් කරන්නේ මේ දෙගොල්ලන්ටමය.
සිද්ධිය
2012. 01. 05 වන දින මා, මාගේ පුතා වන රොෂාන් ප‍්‍රදීප් වීරසිංහව හොරණ පොලීසියට ඉදිරිපත් කළෙමි. වෙනත් ආකාරයට කියනවා නම්, බාර කළෙමි. එ් ඔහුට විරුද්ධව තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.
ඔහුට විරුද්ධව, වජිරබුද්ධි නම් වූ හිමිනමකට පහරදීම යන චෝදනාවට නඩුවක් පවරනු ලැබීය. එහි අංකය 72598 වේ.
ඔහුට තවත් නඩුවක් ඉදිරිපත් කළේය. එ් ගංජා මිලි ග‍්‍රෑම් 1800 ක් මුදලට විකිණීම හා ගංජා මිලි ග‍්‍රෑම් 7200 ක් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේය. එම නඩුවේ අංකය 73068 වේ.
මා ඔබ සැමට ඉදිරිපත් කරන්නේ පොලීසියට බාර දුන්න මගේ පුතාව දින තුනක් නීති විරෝධීව රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ බොරු චෝදනා යටතේ නඩු පැවරීම ගැන නම් නොවේ.
ජාතික පුවත්පතක් බව කියන, ආණ්ඩුවේ අයිතිය තිබෙන ලේක්හවුස් ආයතනය පල කරන දිනමිණපත‍්‍රයේ එකී සිද්ධිය අදාළව 2012. 01. 01 දින හෝ ආසන්න දිනයක හොරණ, මුණගම, වවුළුගල වත්තේ පන්සලක් හදාගෙන සිටින වජිරබුද්ධි නම් වූ හිමිනමකට පහරදීමට මාගේ පුතාව සැක කර ඇති බව පලකර තිබිණ.
මාගේ පුතාව සොයාගෙන කිහිප වතාවක් හොරණ පොලීසිය පැමිණීම නිසා, නීතිඥ තුෂාර ගුණරත්න මයාගේ උපදෙස් මත, 2012. 01. 05 වන දින හොරණ පොලීසියේ සැරයන්වරයෙකු වූ සතරසිංහට බාර කළෙමි.
2012. 01. 05 වන දින හොරණ පොලීසියට බාරදුන් මාගේ පුතාව, දින තුනක් නීති විරෝධී ලෙසට පොලීසියේ රඳවා තබාගෙන සිට, 2012. 01. 08 වන දින හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධිය අදාළව පළවූ පුවත දිනමිණ පුවත්පතට, හොරණ මධ්‍යම විශේෂ - චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා විසින් සපයා, 2012. 01. 07 වන දින පල කළ පුවත
හොරණ හිමිනමකට පොලූවලින් ගහලා
හොරණ මධ්‍යම විශේෂ - චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා
හොරණ වවුළුගල ජනපදයේ බෝධිරාජාරාමයේ වැඩවෙසෙන දිග්වැල්ලේ වජිරබුද්ධි හිමියන්ට විහාරස්ථානයේදී පසුගිය 01 වනදා ජනපදයේම පදිංචිකරුවෙකු විසින් අමානුෂික ලෙස පොලූවලින් කකුල්වලට, මුහුණට හා පිටට පහර දී බරපතළ ලෙස තුවාල සිදුකොට ඇත.
කටේ දත් හතරක් ගැලවී ඇති අතර කකුල්වලට ගසන ලද පොලූ පහරවල්වලින් කකුලේ අස්ථි කැඞී ඇත. පිටපිට සිදුකර ඇති පහරවල් සංඛ්‍යාව ගණනය කළ නොහැකි තත්ත්වයේ පවතින අතර හිමිනම හොරණ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
සැකකරු සැඟවී සිටියදී දින පහකට පසු ගම්වාසීන්ගේ ද සහාය ඇතිව (5 දා*  ඕවිටිගල කැලෑවක සිට හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටී.
සැකකරු ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන්නෙකු බව පවසයි.
පානදුර පොලිස් අධිකාරී එච්. එම්. ධර්මසේන සහ හොරණ සහකාර පොලිස් අධිකාරී සමන් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පිට හොරණ මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික නවරත්න මහතා වැඩිදුරටත් පොලිස් පරික්ෂණ මෙහෙයවයි.
මෙම වාර්තාවේ කොතනකවත් මාගේ පුතාගේ නම සඳහන් නැත. එහෙත් මෙහි සඳහන් කරන්නේ මගේ පුතා ගැනය.
හොරණ, මුණගම, වවුළුගල වත්තේ පන්සලක් සාදාගෙන, එහි සිටි වජිරබුද්ධි නමැති චීවරධාරියාට යමෙකු පහරදීම නිසා ඔහු හොරණ රෝහලේ - රෝහල්ගතව සිටි බව ද නිවැරදිය.
මුලින් සඳහන් කළ පරිදි, එම සිද්ධියට සැකකර තිබුණේ මගේ පුතාවය. සිද්ධියට අදාළව හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ,, වාර්තාවේ මාගේ පුතාගේ නම සඳහන් වේ. එ් අනුව පෙර කී පරිදි මා මාගේ පුතාව හොරණ පොලීසියට 2012. 01. 05 වන දින බාරදෙන ලදි.
බාරදීම පිළිබඳව කිසිවක් සඳහන් නොකරන වාර්තාකාරයා, ගම්මු හා පොලීසිය එක්ව
සැකකරුවෙකුඅල්ලා ගත් බව සඳහන් කර, නම නැතත් සිද්ධිය හා දිනය අනුව, එ් සඳහන් කරන්නේ මගේ පුතා ගැනය.
පහරදීමකින් තුවාල ලැබ රෝහල්ගතව සිටි චීවරධාරියෙකුගැන සඳහන් කර, එය පසුබිම් කරගෙන පොලීසිය හා එක්ව ගොතන ලද අමූලික බොරුවක්, ”දිනමිණපත‍්‍රය පල කළේ, දිනමිණ මෙන්ම අනෙකුත් පත්තර මේ ආකාරයෙන් පල කරන පුවත් පිළිබඳව කිසිවෙකු විසින් ප‍්‍රශ්න නොකරතියි යන, ”සාම්ප‍්‍රදායානුකූලව පිළිගත්මතයේ සිටය.
 ඕනෑම බොරුවක් ලියා පල කොට, මුදලක් ලබාගෙන, පොලීසිය තෘප්තිමත් කිරීම මේ ඊනියා මාධ්‍යකාරයින්ගේ ජීවත්වීමවී ඇත.
2012. 01. 05 වන දින මා පුතාව පොලීසියට බාරදීම විකෘති කර, පල කරන ලද තත්වය මත ද එකී දිනමිණ වාර්තාව, අධිකරණය ඉදිරියේදී ප‍්‍රශ්න විය. එ් 2012. 01. 05 දින පොලීසියට බාරදුන් පුතාව 2012. 01. 07 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීම හා ඔහුට නගා තිබූ ගංජා විකිණීම හා ළඟ තබා ගැනීම යන බොරු චෝදනා සම්බන්ධයෙනි.
මේ කාරණය පිළිබඳව, අධිකරණයේ නියෝග පරිදි, හොරණ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පරික්ෂණයක් ආරම්භ කළේය.
එ් පරික්ෂණයේදී පුවත, දිනමිණට යොමු කළ හොරණ මධ්‍යම විශේෂ  - චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා එකී පරික්ෂණයේදී, හොරණ සහකාර පොලිස් අධිකාරීවරයා කෙරෙහි අවධානය යොමු කර සිටිමි. හොඳින් කියවන්න.
හොරණ මධ්‍යම විශේෂ - චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා ගේ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත 2012. 02. 17 වන දින කරන ලද ප‍්‍රකාශය
සම්පූර්ණ නම :- ආමලාගේ ෙදාන් චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා. වයස අවු: 60 යි. සිංහල/බුද්ධාගම. විවාහකයි. රැුකියාව: මාධ්‍යවේදී ජා.හැ.අංකය : 513072465 ඪ. පදිංචිය : තලාව, හල්තොට. දුරකථන අංකය : 0729223505 මෙසේ කියා සිටියි.
මගේ ප‍්‍රකාශයක් ගැනීමට හේතුව 2012. 01. 07 වන දින දිනමිණ පුවත්පතෙහි මා විසින් පල කරන ලද හිමිනමකට පොලූවලින් ගහලායනුවෙන් සඳහන් ප‍්‍රවෘත්තිය බව පහදා දුන්නා. මා සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ හොරණ මධ්‍යම විශේෂ තනතුර යටතේ දැනට වසර 15 කට අධික කාලයක සිට ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරනවා. මගේ රැුකියාවේ ස්වභාවය හොරණ මැතිවරණ කොට්ඨාශය තුළ විවිධ ප‍්‍රදේශ වලින් සිදුවන සිදුවීම් වාර්තා කිරීමයි. එවැනි අවස්ථාවක් හැටියට මෙම ප‍්‍රවෘත්තිය පල කිරීම මම පිළිගන්නවා. හොරණ ප‍්‍රදේශයේ මම නිතර ගැවසෙන අතර, පසුගිය දිනක මට දැනගන්න ලැබුණා හොරණ වවුළුගල ජනපදයේ ස්වාමීන්වහන්සේ නමකට පහරදී හොරණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව. එ් අනුව මම හොරණ රෝහලට ගොස් සොයා බැලූවා. හොරණ රෝහලේ භික්ෂූ වාට්ටුවේ වජිරබුද්ධි හිමියන්, පුද්ගලයෙකු විසින් පහරදීම නිසා බරපතල ලෙස තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සිටියා. උන්වහන්සේට විශාල ලෙස පහරදීම සිදු කිරීමෙන් ඇවිදීමටවත් නොහැකිව සිටි අතර, කකුල් වල ඇට බිඳී ඇතත් තුවාල නිසා ප්ලාස්ටර් කිරීමට නොහැකි තත්වයෙන් සිටින බව කිව්වා. එම අවස්ථාවේ මට ඉතා සංවේගයක් ඇතිවුණා. උන්වහන්සේ අසල ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද, ඥතීන් හා ගම්වැසියන් යැයි හැඟුණු 20 ක් පමණ පිරිසක් ද අසල සිටියා. මෙම හිමිනමට වවුළුගල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු විසින් මෙම පහරදීම සිදුකළ බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවත් එතන සිටි අයගෙන් ප‍්‍රකාශ වුණා. තුවාල ලබා මෙම හිමි නම සිටි ආකාරය දුටු මා බෞද්ධාගම්කාරයෙක් වශයෙන් ඇතිවූ සිත් වේදනාවෙන් හා සිටි මානසිකත්වයෙන් මෙම ප‍්‍රවෘත්තිය සකස් කර පුවත්පත් ආයතනය වෙත ෆැක්ස් මගින් යැව්වා. නමුත් මෙම පුවත්පතෙහි සැකකරු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියි යනුවෙන් සඳහන් කළත් එම සැකකරු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටිනවා මා දුටුවේ නැහැ. මම එම ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කළේ හාමුදුරුවෝ අවට රැුස්ව සිටි පුද්ගලයින්ගේ කතාබහේදී ඔවුන්ගෙන් කියවුණු කරුණු මතයි. මෙම ස්වාමීන් වහන්සේට 2012. 01. 01 වන දින මෙම පහරදීම සිදුකර ඇති බවත්, අපරාධකරුව පොලීසියෙන් අත්අඩංගුවට නොගැනීම නිසා ස්වාමීන් වහන්සේලා හා ප‍්‍රදේශවාසීන් විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට ද අදහසින් සිටින බවට මාහට තොරතුරු ලැබුණු නිසා අපරාධය සිදුවූ දින සිට මේ සම්බන්ධයෙන් මා ද අවධානයෙන් සිටිය නමුත්, සැකකරුව පොලීසියෙන් අත්අඩංගුවට ගත් දිනයක් මම හරියටම දන්නේ නැහැ. මෙවැනි ප‍්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමේදී අවසන් ෙඡ්දයට පොලිස්ථානයට අදාළ කොට්ඨාශය හා දිස්ත‍්‍රික්ක බාර නිලධාරීන්ගේ හා ස්ථානාධිපතිගේ නම් යොදා යෙදීම සම්ප‍්‍රදායක් නිසා මෙහිද එය සඳහන් කළා. ඉහත චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා මහතාගේ ප‍්‍රකාශය සපොඅ. සමන් රත්නායක වන මම නැවත කියවා තේරුම්කර දුන්නා. කියවා බලා නිවැරදි බවට පිළිගෙන අත්සන් කළා. ඉහත චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා මහතාගේ ප‍්‍රකාශය සපො.අ. සමන් රත්නායක වන මම අවංකවත් නිවැරදිවත් කාපොසැ. 6104 අනෝජා ලබා යතුරුලියනය කරවා ලබාගත් බව මම මෙයින් සහතික කරමි.
මීළඟට කියවන්න,
දිනමිණ පුවත්පතේ ප‍්‍රවෘත්ති කතෘවරයාවූ, නලින් දිල්රුක්ෂ නමැති අය විසින් ස. පො. අධිකාරී වෙත 2012. 02. 17 වන දින කරන ලද ප‍්‍රකාශය.
සම්පූර්ණ නම :- විතානපතිරන්නැහැලාගේ නලින් දිල්රුක්ෂ. වයස අවු: 44 යි. සිංහල/බුද්ධාගම. විවාහකයි. රැුකියාව: ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කර්තෘ, දිනමිණ පුවත්පත. ජා.හැ.අංකය : 683060631 ඪ. පදිංචිය : නො.56, ”දිල්රුක්පල්මඩ, මීරිගම. පදිංචි පොලිස් වසම : මීරිගම. දුරකථන අංකය : 0777270034. මෙසේ කියා සිටියි.

මගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට හේතුව සපො.අ. තුමා විසින් මට පහදා දුන්නා. මම රැුකියාව වශයෙන් ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතෙහි ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කර්තෘ වශයෙන් සේවය කරනවා. අප පුවත්පතෙහි හොරණ මධ්‍යම විශේෂ වාර්තාකරු ලෙස සේවය කරන චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා මහතා අප ආයතනයේ අවුරුදු 16 ක් පමණ පළපුරුදු වාර්තාකරුවෙකි. මෙම මහතා විසින් මා වෙත යොමු කරන ලද ඉහත ප‍්‍රවෘත්තිය 2012. 01. 07 වන දින පුවත් පතට පල කිරීමට කටයුතු කළා. එම ප‍්‍රවෘත්තිය ඔහු සපයාගෙන ඇත්තේ ඔහුට ලද ආරංචි මාර්ග ඇසුරිණි. එම ප‍්‍රවෘත්තියේ කිසිදු තැනක සැකකරුවකුගේ අනන්‍යතාවය පිළිබඳ කිසිම සඳහනක් සිදුකොට නැත. සිද්ධිය පමණක් ප‍්‍රවෘත්තියට අදාළවී ඇත. මෙම ප‍්‍රවෘත්තිය මා අතට පත්වූ දිනය පිළිබඳ නිශ්චිත මතකයක් නැහැ. දිනකට වාර්තා කිරීමට ලැබෙන ප‍්‍රවෘත්ති 500 කට ආසන්න ප‍්‍රමාණයක් මා විසින් කියවනු ලබනවා. මට කීමට ඇත්තේ මෙපමණයි.  ඉහත නම සඳහන් ඩබ්ලිව්. පී. නලින් දිල්රුක්ෂ මහතාගේ ප‍්‍රකාශය සපො.අ. සමන් රත්නායක වන මම නැවත කියවා තේරුම්කර දුන්නා. කියවා බලා නිවැරදි බවට පිළිගෙන අත්සන් කළා. ඉහත ඩබ්ලිව්. පී. නලින් දිල්රුක්ෂ මහතාගේ ප‍්‍රකාශය සපො.අ. සමන් රත්නායක වන මම අවංකවත් නිවැරදිවත් කාපොසැ. 6104 අනෝජා ලවා යතුරුලියනය කරවා ලබාගත් බව මෙයින් සහතික කරමි.
මෙම ප‍්‍රකාශ දෙක පිළිබඳව ඔබ, මාධ්‍යයට සම්බන්ධ අය නිසා ඕවා ඔහොම තමයිකියා නිහඬ වන බව මම දනිමි.
නමුත් මට, මගේ පවුලට, මගේ ඥතීන්ට, හිතවතුන්ට හා මෙවන් කෲරකම් වලට පාත‍්‍ර වන, සිංහල බෞද්ධයින්ට ඕවා ඔහොම තමයිකියා කරබාගෙන සිටිය නොහැක.
මා මෙය ඔබට ලියන්නේ, කිසි දිනෙක ඔබගෙත් ඔබ පුවත්පත්වල මාධ්‍යකාරයින්ගේත් වාර්තාකාරයින්ගේත් සාධාරණය, යුක්තිය ලබාගෙන නම් නොවේ.
ඔබ දෙසන සදාචාරය”, ”මාධ්‍ය නිදහසගැන, ඔබේත් ආණ්ඩුවේත් වෙනසක් නැති බව එක් අයෙකු හෝ මෙය කියවා තේරුම් ගනීවිය යන විශ්වාසයෙනි.
දිනමිණ පුවත්පතේ මෙතෙක් පල කර ඇති ප‍්‍රවෘත්ති, අතේ රෝල් කරපුවා. අනුකම්පාවෙන් ලියපු පල් බොරු.
උඩ එකාගේ ඉඳලා පහළ එකා දක්වා පොලිස්කාරයින්ගේ නම් දාලා තියෙන්නේ බොරුවට, පක්කලිකමට.
මෙයට,
බොරු චෝදනා නගා පැවරූ නඩුවකට, මේ වන විට දවස් 143 ක් රිමාන්ඞ් භාරයේ සිටින පුතෙකු වෙනුවෙන්, පියා.
අත්සන් කළේ/ විජිත කුමාර වීරසිංහ
පියා
පිටපත් :
             බන්ධුල පද්මකුමාර මයා - සභාපති (ලේක්හවුස්)
             ප‍්‍රධාන කර්තෘ - දිනමිණ
             සිරි ගුණසිංහ මයා - ප‍්‍රධාන කර්තෘ, ලංකාදීප
             ප‍්‍රධාන කර්තෘ - දිවයින
             ප‍්‍රධාන කර්තෘ - අද
             ප‍්‍රධාන කර්තෘ - මව්බිම
             ප‍්‍රධාන කර්තෘ - රාවය
             ප‍්‍රධාන කර්තෘ - රිවිර
             ප‍්‍රධාන කර්තෘ - ලක්බිම
             සභාපති/ලේකම් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
             සභාපති/ලේකම් - වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය
             සභාපති/ලේකම් - ජාතික පුවත්පත් මණ්ඩලය
             ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය
             ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂම
             කර්තෘ සංසදය
             ජනමාධ්‍ය අංශය - කොළඹ විශ්ව විද්‍යාලය
             ජනමාධ්‍ය අංශය - ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
             ජනමාධ්‍ය අංශය - කැලණිය විශ්ව විද්‍යාලය
             ඩබ්. බී. ගනේගල මයා - ලේකම්, ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
             පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක
             පොලිස්පති


No comments:

Post a Comment