Tuesday, January 10, 2012

නීතිඥවරයා හා එක්ව පොලීසියට බාරදුන්න පුතාට ගංජා දලා අධිකරණයට ඉදිරිපත් කරලා.


එම තරුණයාගේ පියා 

චිවරධාරියෙකුට පහර දිම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනිමට සිටි තරණයෙකුව නිතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට බාරදිමෙන් පසුව දින හතරක්  නීතිවිරොධිව රදවා තබාගෙන අධිකරණට ඉදිරිපත් කර ඇත්තේ ගංජා ජාවාරම් කිරිමේ චොදනාවක් ද සමගය. එ් අතර එම තරුණයාගේ මව ප‍්‍රාණ ඇපයට ගෙන තිබේ.

පෙදරේරුවකු වන හොරණ,  අංක 29, වවුළුගල ජනපදය, මුණගම,  පදිංචි, එම තරුණයාගේ පියා තිදරු පියෙක් වන 50 හැවරිදි විජිත කුමාර වීරසිංහය. ඔහු  2012. 01. 09 වන දින මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, නීතිපති, පොලිස් නීති කොට්ඨාශය ඇතුලූ වගකිවයුත්තන්ට ලිඛිත පැමිණිල්ක් කරමින් කියා සිටියේ, පෙදරේරුවකු වන වයස අවු: 26 ක් වන අවිවාහක රොෂාන් ප‍්‍රදීප් වීරිසිංහ වන තම පුතා චිවරධාරියෙකු සමග 2012. 01. 01 වන දින ආරවුලක් ඇතිකරගෙන තිබු බවත් ඒ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවක් ඔහුව සොයා පොලිසිය නිවසට පැමිණි බවයි.

එසේ පැමිණි එක් දිනක් ඔහුගේ ජංගම දුරකථනයද ඔවුන් ගෙන යන ලද බවයි.  

2012. 01. 03 වන දින රාත‍්‍රියේ හොරණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ අවු:11 වන බාල දරුවාට අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කර, උදේට පොලීසියට එන ලෙස දන්වා තම යතුරු පැදිය පාරට ගෙන ගොස් නැවත එතන දමා යන ලද බවයි. 

පසුදින උදේ තම බිරිඳ පොලීසියට ගියවිට ඇයව අත්අඩංගුවට ගෙන ප‍්‍රාණ ඇපකරුවකු වශයෙන් රදවා තබාගෙන සිටි බවද කියා සිටි. ඔහු එදින නීතිඥ තුෂාර ගුණරත්න මහතා මගින් හොරණ පොලීසියේ සතරසිංහ යන අයට පුතාව බාරදුන් බව පවසයි. 

පොලිසියට නිතිඥ මහතා ඉදිරිපිට බාරදුන්න පුතාව අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ දින හතරකට පසුව ගංජා ජාවාරම් කිරිමේ චොදනාවක් ද සමගය.

අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථවේ නිතිඥ මහතා බාරදුන්න පුද්ලගයා සතුව ගංජා තිබුනේ කෙසේද යන ප‍්‍රශණය නගා ඇත. නමුත් අධිකරණය ඔහුව රිමාණ්ඞ් බාරයට පත්කර ඇත.

පොලිසියට නිතිඥ මහතකු මගින් බාරදුන්න තම පුතාව නීති විරෝධී ලෙසට දින හතරක්  රඳවා තබාගෙන, ව්‍යාජ නඩු පැවරූ, හොරණ පොලීසියේ ස්ථානාධිපතිවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාටත්, සතරසිංහ නිලධාරියා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට විජිත කුමාර වීරසිංහ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි. 

මත්පැන් හා මත්ද්‍රව්‍ය වැරදි මුලික කරගෙන ව්‍යාජ චොදනා මත අධිරණයට ඉදිරිපත් රිමාණ්ඞ් බාරයට පත් කිරිමේ දුෂිත පොලිස් ක‍්‍රියා පිළිවෙත අද දක්වාම අබාධිතව ක‍්‍රියාත්මක කිරිම ආණිඩුවේ අභිප‍්‍රායකි. මෙම තත්වය තවමත් බොහේ දෙනෙකු වටහා නොගෙන සිටිම අනාගත පරපුරේ අභාගියක්. 

1 comment:

  1. නඩුත් හාමුදුරුවන්ගේ ... බඩුත් හාමුදුරුවන්ගේ... :/

    ReplyDelete