LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
*** වධ හිංසාවෙන් තොර ශ්‍රි ලංකාවක් || சித்திரவதை​யற்றதோர் || A Torture Free Sri Lanka ***

Friday, January 27, 2012

පොල්පිතිගම පොලීසියේ හිටපු ඕ.අයි.සී. විජේරත්නට වසර 2 ක සිර දඬුවමක්




හත් අවුරුදු පාසැල් සිසුවෙකුට පහරදුන් පොලිස් ස්ථානාධිපතිට බරපතල වැඩ ඇතිව දෙවසරක සිර දඬුවමක් සහ රුපියල් විසිපන්දහසක වන්දියක් ගෙවීමට නියම කරයි.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු මෙම දඬුවම නියම කළේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති විජේරත්නටය.

2003 වසරේ ජූලි 29 වන දින, සත් හැවිරිදි සුජිත් ප්‍රියන්තව අත්අඩංගුවට ගෙන වධහිංසා පවරනු ලැබීය.

2008 වසරේදී, හිටපු ස්ථානාධිපති විජේරත්නට එරෙහිව, 1994 අංක 24 දරන වධහිංසා පනත යටතේ, කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

එම නඩුවේ තීන්දුව, 2012 ජනවාරි 26 වන දින ලබාදෙමින්, පොල්පිතිගම හිටපු ස්ථානාධිපතිවරයාට විරුද්ධව බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, රු.25000/- ක වන්දියක් සුජිත් ප්‍රියන්තට ගෙවීමට නියෝග කළේය.
(සම්පූර්ණ විස්තර පසුවට)

0 ලිපිය පිලිබඳ අදහස්:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More