Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

තරුණ තරුණියන්ට පමණයි.



අද පමණක් නොවේ - සෑම යුගයකම වැඩිහිටි පරම්පරාව වැඩියෙන්ම කථා කළේ තරුණ තරුණියන් ගැන -    අනාගත පරපුර ලෙසට හැ`දන්වූ ඔබ ගැනයි. 


මේ වැඩිහිටියෝ තරුණ තරුණියන්ට දේශණ පැවැත්වූහ. බණ කිවූහ. උපදෙස් දෙනු ලැබූහ. විවිධ නම් වලින් විවිධ පැතිකඩ වලින් වැඩ සටහන් පැවැත්වීය. 


වර්ණයෙන්, හැඩයෙන්, හඬෙන්, වදන් වලින්, සැරසිලි වලින් වෙනස් වූ, මේ සියල්ලේම කිසිම අ`ඵත් දෙයක් නොවීය.


මේ වාතාවරණය තුළ හැදී වඩුන තරුණ තරුණියන් වැඩිහිටි පරපුරට එක් වූ විට, එ් දේම, එ් සැටියෙන්ම, වෙනස් වර්ණ වලින්, හැඩ වලින්, ශබ්ද වලින් වචන වලින් තරුණ තරුණියන්ට ඉදිරිපත් කළේය.


මේ විෂම චක‍්‍රයේ, අද තරුණ ඔබ හෙට වැඩිහිටි වූ විට, ඔබගේ තරුණ පරපුරට දෙන්නේ කුමක්ද?


ඔබට ඔබගේ වැඩිහිටි පරපුර දායාද කළ ප්‍රෝඩාව, කුහක කම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, හා නිවට කමද?
මෙයින් මිදී සිටිනවාද? නනැති නම් ඔබ ඔබගේ වැඩිහිටි පරපුරට අනුගත වනවාද?


2012 මැයි 28 උදේ 8.00 ට අපට, දැඩි අකමැත්තෙන් බණකට සවන් දෙන්නට සිදු විය. බලහත්කාරයෙන් බණ ශ‍්‍රවණය කරනු ලැබීය. අප අල්ලපු වත්තේ පිහිටි ශාන්ත ජෝන් බාලිකා විදුහලේ කුඩා දරුවන්ට වයස අවුරුදු 5 - 10 අතර දරු දැරියන්ට ශබ්ද විකාශන යන්ත‍්‍රය උපයෝගී කරගනිමින් දේශනා කළ බණකි ...... 


අපට ශ‍්‍රවණය වූ ආකාරයට බණ දෙසුම පැවැත් වූයේ බෞද්ධ චීවරධරයෙකි. ඔහු මේ කුඩා දරු දැරියන්ට ගොරෝසු හඬින් කිව්වේ වැඩිහිටියන්ට සළකන්න කියාය. කාමයේ වරදවා හැසිරෙන්න එපා කියාය. තවත් බෙහෝ දේ කිව්වේය. අවසානයේ සාදු කාරයක් දෙන ලෙසට දරු දැරියන්ගෙන් ඉල්ලීමක් කළේය. සියල්ල මහා හඬින් සාදු කාරයක් දුන්නේය. කන් කරච්චලයක් ඉවර වීමේ සතුටින් විය හැක. 


අද ‘‘ වැඩිහිටියෝ ’’ -  තමාගේ වැඩිහිටියන්ට සළකන්නේ කෙසේද?


ප‍්‍රශ්ණය සරල කරනවා නම්, අද මහලූ මඩම් වල, සමහර නිවෙස් වල හිරකරුවන්, හිරකාරයින් ලෙසට ඉන්නේ කව්ද?


ඔබගේ දෙමාපියන්ද? එසේ නැත්නම් දෙමාපියන්ගේ දෙමාපියන්ද?


ඔබ, ඔබගේ දෙමාපියන් සමග, ඔවුන්ගේ සෙවනේ පසුවන අය වෙති. ඔබගේ දෙමාපියන් මහලූ මඩම් වල නැත. ඔබගේ දෙමාපියන් ගෙදර හිරකරුවන් හිරකාරයින් නොවෙති.


එසේ නම් වැඩිහිටියන්ට ගරු කරන්න ගුණ දම් රකින්න බණ දේශණා කළ යුතුව ඇත්තේ ඔබට නොව වැඩිහිටි පරපුරට නොවේද?


අද රටේ -    
. පරිසරය වනසන්නේ තරුණ පරපුරද? වැඩහිටි පරපුරද?
. මත් ද්‍රව්‍ය ගෙන්වන්නේ්, බෙදා හරින්නේ තරුණ පරපුරද? වැඩිහිටි පරපුරද?
. මත් පැන් නිපද වන්නේ, බෙදා හරින්නේ, අලෙවි කරන්නේ, තරුණ පරපුරද? වැඩිහිටි පරපුරද?
. මහජන මුදල් වංචා කරන්නේ, මහා පරිමාන හොර ජාවාරම් කරන්නේ කව්ද? තරුණ පරපුරද? වැඩිහිටි  පරපුරද?
. දරුවන් අපචාරයට ලක් කරන්නේ, අපයෝජනය කරන්නේ කව්ද? මේ බණ කියන, උපදෙස් දෙන, අපට . ගරු කරන්නැයි කියන වැඩිහිටියන් නොවේද?


මේ ප‍්‍රශ්ණ කිහිපයකි. දෑස් විවර කර බලන්න. හොඳින් සවන් දෙන්න. ඔබට මෙතෙක් වැඩිහිටි පරපුර ලබා දී ඇත්තේ කුමක්ද? ප‍්‍රශ්ණ කරන්න.


වත්මන් වැඩිහිටි පරපුර ජීවිතයට බලපාන, අත්‍යාවශ්‍ය නීතිය ගැන ඉගෙන ගන්නේ නෑ. ඉගෙන ගන්න  ඕන කමකුත් නෑ. උගන්වන්න දෙන්නෙත් නෑ. ඒ තරුණ පරපුර සැමදා අඳුරේ තබන්න. ඔබත් එ් අඳුර ඔබගේ තරුණ පරපුරට ගෙනියනවාද?
කඩතුරාව බිඳ දමනවාද?


කථා කරන්න. ප‍්‍රශ්ණ කරන්න. අනුකරණයෙන් මිදෙන්න. නිර්මාණශීලී වන්න. කුහකත්වයෙන් මිදෙන්න, මිත්‍යාවෙන් මිදෙන්න, හෘදය සාක්ෂියට අනුව ජීවත් වන්න.


මිනිසත් බව ලැබූ ඔබ -    ගරුත්වයක් ඇති අයෙකු ලෙසට 
ඉදිරියට එන්න


Posted by janasansadaya on 2:01 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for තරුණ තරුණියන්ට පමණයි.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison