Tuesday, July 8, 2014

වධහිංසා පනත යටතේ පොලිස් කාරයින්ට නඩු.



නීතිපති උපදෙස් මත චූදිත නිදහස්. මූලික අයිතිවාසිකම් නඩුවට බලපෑම්. 2008 මාර්තු මස 07 එවකට අවුරුදු 14 ක් වූ බුද්ධික ඉවන්තට මීටියාගොඩ පොලීසිය වධ දී, බොරු නඩු දැම්මේය.

ඔහුට දිවා කාලයේ නිවසක් බිීම, රුපියල් 23000/= ක් සොරකම් කිරීම හා සොර බඩු ළ තබා ගැනීම යන ව්‍යාජ චෝදනා යටතේ නඩුවක් ද පවරන ලදි.

මෙම සිද්ධිය මූලික කරගෙන 2008 අප්‍රේල් මස, බුද්ධික ඉවන්ත හා ඔහුගේ පියා ජයන්ත ගුණසේකර පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරනු ලැබීය.
මේ නඩුවේ වගඋත්තරකරුවන් වූයේ මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල ඇතුළු නිලධාරීන් තිදෙනෙක්ය.

මෙම නඩුව, වසර පහක් පුරා විභාගයට ගැනීමක් සිදු නොවූ අතර 2013.07.24 වන දින වත්මන් අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉදිරියේ විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේ පාර්ශව කරුවන් නඩුව සමථයකට පත්කර ගත යුතු බවයි.

තවද,  බුද්ධික ඉවන්ත ට මීටියාගොඩ පොලීසිය පවරන ලද බොරු නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසටද, සහන මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙසද ඔහු යෝජනා කළේය.

නමුත්, බුද්ධික ඉවන්ත සමථයකට සූදානම් නැති බව ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදි.

ඒ අතර, නීතිපතිගේ උපදෙස් මත බුද්ධික ඉවන්ත ට මීටියාගොඩ පොලීසිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩුව ඉල්ලා අස්කර ගත් අතර, උප පොලිස් පරීක්ෂක අතුකෝරල ඇතුළු බුද්ධික ඉවන්ත ට වධ දුන් නිලධාරීන්ට එරෙහිව බලපිටිය මහා අධිකරණයේ, වධහිංසා පනත යටතේ නඩු පැවරීමට ද නීතිපතිවරයා පියවර ගනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව සමථ කරවීමට අගවිනිසුරු මොහාන් පීරිස් ගේ යෝජනාව  පදනම් කරගෙන මුලික අයිතිවාසිකම් නඩුව සමථ කරන ලෙසට බුද්ධික ඉවන්තට ඉදිරියේදී ද බලපෑම් එල්ල විය හැකිය.



No comments:

Post a Comment