Monday, July 7, 2014

ගෝලයෙන් පිටතට බෝලය ඇදි යන විට අඩනවා. නිදහස අහිමි වන විට අඩනවාද? නැතිනම් සටන් කරනවාද?




ලෝක පාපන්දු තරගාවලිය බ්‍රසීලයේ පැවැතෙන අතර - නිදහස, මානව හිමිකම්, දූෂණයට හා වධහිංසාවට එරෙහිව නැගි සිටි, ලොව ප්‍රකට පාපන්දු ක්‍රිඩකයින් කෙරෙහි අවධානය කැදවිමට, මැන්වෙස්ටර් යුනයිටඩ් ක්‍රිඩා සමාජයේ ප්‍රමුඛ ක්‍රිඩකයෙකුව සිටි එරික් කැන්ටෝනා පියවර ගෙන තිබේ.

ඔහු තෝරාගෙන සිටින පාපන්දු ක්‍රිඩකයින් පස් දෙනා අතර ප්‍රමුඛ ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ චිලියේ කාලෝස් කේස්ලිය.

1969 -1985 යන කාලවල චිලියේ ජාතික පාපන්දු කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ කාලොස්, 1973 වසර හමුදා කුමන්ත්‍රණයෙන් පාලන බලය අල්ලාගත් ජෙනරාල් ඔගස්ටෝ පිනෝෙච්  ට එරෙහිව නැගි සිටි දහස් ගණනට එක්වූයෙකි.

මෙහි ප්‍රථිඵලය වූයේ, කාලොස්ගේ මව, අත්අඩංගුවට ගෙන වධහිංසාවට පත් කිරිමය. ජෙනරාල් ජිනෝෙච් ෙග් දුෂ්ඨ පාලනයට එරෙහිව සටන් වැදුනු ඔහු, එම අරගලයේ අඛණ්ඩව සිටිමින් ලොව ක්‍රිඩකයින්ට ආදර්ශයක් ලබා දුනි.

ජෙනරාල් ජිනෝෙච් ද බලයේ සිටි කාලයේ, වධකාගාරයක් ලෙසට භාවිතා කළ, එරට ප්‍රධාන පාපන්දු ක්‍රිඩාංගනයට පැමිණි කාලොස්  කළ ප්‍රකාශය - නැවත එපා Never again  යන කියමන අදටත් රැව් පිළිරැව් දේ.


කාලොව්ස් ප්‍රමුඛ නිදහස වෙනුවෙන් කැපවූ පාපන්දු ක්‍රිඩකයින් පස් දෙනාගේ ඇසුරෙන් සකස් කළ විඩියෝව.
http://www.aljazeera.com/programmes/footballrebels/2013/03/2013312145718474996.html




No comments:

Post a Comment