Sunday, July 6, 2014

පැමිණිල්ල විමර්ශනයට කතෝලික පූජක තැන බාධාවක්ද ?



මාස 18ක් ඉක්ම ගියත්, සාක්ෂිකරුවකුගේ ජිවිතවලට අනතුරක් වන ආකාරයට ක්‍රියා කිරිම අදාල පැමිණිල්ල විමර්ශනයට නොගැනිම පිළිබද ප්‍රශණ කරන, බාලවයස්කාර පැමිණිලිකාරුගේ පියා, එයට හේතුව සිද්ධියට අදාල වන එක් පුද්ගලයකු වන්නේ හලාවත ප්‍රබල කතෝලික පූජකයෙකු විම නිසාද? යන ප්‍රශණ්ය නගයි.

තමා විදේශගතව සිටියදි. එවක තම බිරිද සමග අයුතු සම්බන්ධයක් ආරම්භ කල මෙම පූජකවරයා, සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකරු වන තම බාලවයස්කාර දරුවාගේ ජීවිතය අනතුරට ලක් කිරිමට කුමන්ත්‍රණයක් තිබූ බවට ඔහු චෝදනා කරයි.

කලක් ඉතාලියේ රැකියාව කරන ලද මොහු, කතෝලික පුජකවරයෙකු සමග සම්බන්ධකම් පැවැත්වු බිරිගෙන් දික්කසාද විම සදහා මාරවිල දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර, එම නඩුවේ සම විත්තිකරු වන්නේ මෙම හලාවත කතෝලික පූජකවරයාය.

ඒ අතර, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩත්තු නඩුවෙන්, බිරිද විසින් මොහුගේ පුත්‍රයාට නඩත්තු ගෙවනුද ලැබේ. මෙය සාමාන්‍යයෙන් අහඹු සිදුවිමකි.

මෙම පසුබිම තුල, ප්‍රකට සමාජසේවකයකු වශයෙන් පෙනි සිටින මෙම කතෝලික පූජකවරයා ගේ බලපෑම් වලට පොලිසිය යටත්ව ඇති බව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දි තිබේ.


එමෙන්ම එම ලිපියේ පිටපත් හලාවත බිෂොප් වරයාට හා කාදිනල් වරයාටද ඔහු යවා තිබේ.

No comments:

Post a Comment