Saturday, July 12, 2014

කුණුහරප - ශ්‍රී ලංකා පොලිසියේ ජාතික භාෂාවයි.

තිත්ත කුණූහරපයෙන් පැමිණිලිකරුට බැණ වැද - පැමිණිල්ල විභාග නොකර, පන්නා දැම්මේ, ජංගම දුරකථ වංචාකරුගෙන් පොලිසිය කන - බොන නිසා.
විසි එක් හැවිරිදි වඩු කාර්මිකයෙකු වූ ප‍්‍රියන්ත, තමාගේ ජංගම දුරකථනය ප‍්‍රදේශයේ උකස් බඩු ගන්නෙකු වූ රසික සම්පත් නැමැත්තාට උකස් තබන ලදි.
ලබාගත් මුදල හා පොලිසිය ලබාදී, ජංගම දුරකථනය ඉල්ලා සිට විට, ඔහුට ලැබුනේ ක‍්‍රියා විරහිත දුරකථනයකි.
නමුත් රසික සම්පත් තමා උකස් තැබූ ජංගම දුරකථනය ලබා නොදි වංචා කිරීම පිළිබඳව ෙදාඩංගොඩ පොලිසියේ පැමිණිලි කළේය.
මෙම පැමිණිල්ල පළමුවෙන් විභාග කළේ පොලිසියේ රෝද පුටුවෙන් යන කුමාර නැමැති නිලධාරියාය.
පැමිණිලි විභාගයට රසික සම්පත් පැමිණ සිටියේ නැත. මෙම නිලධාරියා ප‍්‍රියන්තට සවසට එන ලෙස දැනුම් දෙන ලදි.
සවස ගිය විට රෝද පුටුවෙන් යන එන නිලධාරියා හෝ රසික සම්පත් හෝ පොලිසියේ සිටියේ නැත.
ඔහු තමා ආ කාරණය පොලිසියේ සිටි පො.කො.53463 නිලධාරියාට කි විට ඔහු ප‍්‍රියන්තට තිත්ත කුණුහරපයෙන් බැණ වැදි පන්නා ගන්නා ලදි.
මෙය ප‍්‍රියන්තට අදහා ගැනීමට බැරි අත්දැකිමක් විය.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් පොලිසියට පැමිණෙන අසරණයින්ට කතා කරන්නේ කුණුහරපයෙනි.
ඒ බෞද්ධ පොලිස්කාරයින්ගේ සදාචාරයයි. හැදියාවයි. ආගමට මුවා වි තමාව නඩත්තු කරන රටවැසියන්ටවත් ශිෂ්ඨ විදිහට කතා කිරිමට පුහුණුවක් දී නැති පොලිසිය - මේ වන විට අමු අමුවේ මිණි මරති.


            

No comments:

Post a Comment