Wednesday, July 9, 2014

බොරු නඩු දාමා රිමන්ඩ් කරවා වධ දුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන්නේ නැද්ද?



2010 ජනවාරි 01 වන දින, සිය සේවාස්ථානයේදී වසන්ත නිරෝෂන්ව මොරොන්තුඩුව පොලිස් මුර පොළේ, ස්ථානාධිපති චන්දන පී. ලියනාරච්චි, නන්දන පුෂ්පකුමාර ගීකියනගේ, පී.එන්.යූ. ෆොන්සේකා, පී. උදය කුමාර හා සංජය රණසිංහ යන කොසුතාපල් වරු විසින් අත්අඩංගුවට ගෙන, දින 04 ක් නීති විරෝධීව රඳවා තබාගෙන, ගංජා ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ චෝදනා නගා, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරවනු ලැබීය.
බොරු චෝදනා නගා, බොරු වාර්තා සපයා දින 70 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ වසන්ත නිරෝෂන්ව, මහේස්ත්‍රත් අධිකරණය මගින් ම නිදහස් කරනු ලැබීය. මෙම බොරු නඩු දැමීම අදාලව   කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මිරිහාන පොලීසියෙන් පැමිණ, ප‍්‍රකාශ ද ලබා ගන්නා ලදි.
බොරු නඩු දමා, වධහිංසාවට පත් කිරීම, රක්ෂිත බන්ධනාගාර ගත කරවා වධයට පත් කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිළිව ඉහත නම් කළ පොලිස් නිලධාරීන් අපරාධයක් කර තිබියදීත්, මේ දක්වාම එනම්, වසර 4 ක් ගත වී ඇතත් කිසිදු නීතිමය හෝ විනයානුකූල පියවරක් ගෙන නැති බව වසන්ත නිරෝෂන් ගේ පියා ප‍්‍රකාශ කර සිටි.
එසේ විනයානුකූල පියවරක් ගෙන තිබේ නම්, එ් පිළිබඳව ඔහු ව දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටින අතර, බොරු නඩු දැමීමට එරෙහිව මෙම නිලධාරීන්ට විරුද්ධව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලා සිටි. බොරු නඩු දැමීම ශ්‍රි ලංකා පොලීසියේ ප්‍රතිපත්තියි. එයට රාජපක්ෂ ආණුඩුවේ පුර්ණ අනුග්‍රහය හිමිව තිබේ.





No comments:

Post a Comment