Sunday, July 20, 2014

පොලිස්පති නියෝග බල්ලාට. අපරාධකරු රාජපක්ෂ ගැත්තෙක්. අපට බෑ අල්ලන්න. හික්කඩුව පොලිසිය කියයි.

අට මස් හැවරිද් ගැබිනියකට  ර්‍ණමොකද හු..ති යේ කියන්නේ නගරාධිපති එක්ක අපි ඔයිට වැඩි දේවල් කරලා තියෙන්නේ, ඔනි වුනොත් ගේ වුනත් අපි කඩනවා” යයි කුණුහරප කියමින් පහරදි බෙල්ලෙන් අල්ලා තල්ලූ කර බිම දැමු පිංකන්ද හංදියේ සිටින රොනිල් නැමැති කොන්ත‍්‍රාත් කරුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ නොහැක්කකේ ඔහු සංවර්ධනයට දායක වන රාජපක්ෂ ගැත්තෙක් නිසාය.

ඵීසි එක් හැවරිදි ලක්මාලි මධුෂානී එක් දරු මවක්. ඇය අට මස් ගැබනියක්. තම ඉඩමේ වැට කැඩිමට පාර සංවර්ධනයට කොන්ත‍්‍රාත් අරන් තියෙන රොනිල් නැමැත්තා සුදානම් වන බව දැන ගත් විට එ් පිළිබඳ පැමිණිලි කිරිමට මව හික්කඩුව පොලිසියට යවන ලදි.

එ් අතර රොනිල් ලොරියක් රැුගෙන විත් වැට කඩා දමනු ලැබීය. වැට කැඩිමට විරුද්ධත්වය ප‍්‍රකාශ කිරිම පහර දීමට හේතුව විය.  2014 ජුලි 07 වන දින සවස 6.00ට පමණ මෙම අමානුෂික පහර දීම සිදුවිය. ඇය රෝහල් ගත කිරිමෙන් පසුව මහමෝදර මහා රොහලේ රොහල් පොලීසිය
ඇය පිළිබඳව හික්කඩුව පොලීසියට වාර්තා කලද පලක් නොවීය.

මෙම තත්වය තුල ඇගේ මව, ඇය රෝහලේ සිටයදීම මව, දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති හමුවී කාරණය කියා සිටි විට, ගාල්ල ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව හමුවන ලෙසට දැනුම් දි තිබින. එ් අනුව ඇගේ මව ගාල්ල ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හමුවට ගොස් තිබේ. එම අධිකාරිවරයා මව ඉදිරිපිටදීම, හික්කඩුව පොලීසයට දුරකථනයෙන් කථා කොට රොනිල් යන අයව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරනු ලැබ තිබේ. නමුත් එම වාචික නියෝගය හික්කඩුව පොලීසය ක‍්‍රියත්මක කළේ නැත.

එ් වෙනුවට කළේ රෝහලට ගොස් ඇගෙන් ප‍්‍රකාශයකට අත්සන් ගැනීමය. සති දෙකක් ගතවු වද
හික්කඩුව පොලීසය කිසුදු ක‍්‍රියා මාර්ගයක් නොගත් නිසාත්, එ් අතර රොනිල් නැමැත්තා
පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට කරන තර්ජනයන් නිසාත්,  2014. 07. 18 දින පොලිස්පති
හමුවීමට ගොස් පැමිණිල්ලක් දැමීමට පියවර ගත්තේය. එ් අවස්ථාවේ දි නියොජ්‍ය පොලිස්පති
එන්. ජි. කුලරතන දුරකථනයෙන් දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිට හා හික්කඩුව
පොලීසියට කථා කර නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට දැනුම් දෙනු ලැබීය. එයින් පසුව දකුණු
දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිට බාර දෙන්න කියා ලිපියක් ද ඇයට දි තිබේ.

එම ලිපිය බාරදීමට ඇය පසු දින, 2014. 07. 19, දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති හමුවට
ගියද  අඩුම වශයෙන් පොලිස් මුලස්ථානය දුන් ලිපියවත් බාර ගෙන නෙගෙන නොතිබන.

ඇය පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දෙන්නේ අපරාධකරුවන්ව
ආරක්ෂා කිරිම ට දේශපාලාන  අවශ්‍යතාව මත පොලීසිය සංවිධානාත්මක ලෙසට කටයුතු කිරිම
නිසා අසරණ තමන්ට හා පවුලට කිසුදු ආරක්ෂාවක් නැති බවය. එමෙන්ම නීති විරෝධිව  වැට
කැඩිම ගැන හෝ ඇයට කුණු රප කියා පහරදි අඩන්තේටම් කිරිම ගැන කිසිදු නීතිමය පියවරක්
ගෙන නැති බවයි.


No comments:

Post a Comment