Tuesday, July 22, 2014

අවිවාහක මව්වරුන් ඉපදී ගිය දරුවන් 800ක් හදුනාගන්න බැරිවෙන්න වළලා දමා.

අයර්ලන්ත කතෝලික සභාව, අවිවාහක මව්වරුන් සදහා පවත්වාගෙන ගිය, ළදරු නිවාසවල අපයෝජනය හා එහි මිය ගිය දරුවන් පිළිබඳ පරීක්ෂණ වලට රාජ්‍ය සහයෝගය නොලැබෙන බව ප්‍රකාශ වේ.

අයර්ලන්තයේ කතෝලික සභොවේ කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන ගිය, අවිවාහක මව්වරුන් සදහා වන නිවාස වලදී, දරුවා උපන් පසුව, දරුවා ඔවුන් හදාවඩා ගන්නා බවට පවසා, මවගෙන් වෙන්කර ඇත.

එයින් පසුව, එම දරුවන් හා මව්වරුන් අතර සම්බන්ධය සම්පූර්ණයෙන් නතර කර දැමීමට ක්‍රියා කළ මෙම කන්‍යා සොයුරියන් දරුවන්ව අපයෝජගනයට ලක් කර ඇත.

සමහර දරුවන්, වෛද්‍ය පරීක්ෂණ වලට පවා යොදවා තිබෙන බවට කරුණු හෙළි දරව් වෙමින් පවතී.

මන්දපෝෂණය හා ලෙඩ රෝග නිසා මිය යන දරුවන් වළලා දමා ඇත්තේ සළකුණු නොකරන ලද මිනීවල්වලය.

අයර්ලන්ත කතෝලික සභාවට එරෙහිව මෙවන් චෝදනා රැසක් මේ වන විට එල්ල වී ඇත. ඒ ගැන පරීක්ෂණ පවත්වන, විස්තර සොයන පර්යේෂකයින්ට, අදාල තොරතුරු දීමට - රජය බාධා පමුණූවන බවද කියවේ.

පර්යේෂකයින් පවසන්නේ, එරට තවමත් ප්‍රබල තත්වයක සිටින කතෝලික සභාවෙන් යැපෙන දේශපාලකයන් මගින් මෙම බාධා පමුණුවන බවයි.


ශ්‍රී ලංකාවේද, කතෝලික සභාව විසින් පවත්වාගෙන යන අවිවාහක මව්වරුන් සදහා වන නිවෙස්වල මෙවන් තත්වයක් පවතින බව, කඵතර, ග්‍රේස් කුමරි අනාථ නිවාසයේ නේවාසිකයින්ව, එම නිවසින් පන්නා දැමීමට පොලිසිය සමග එක්ව ගත් ක්‍රියාමාර්ගයෙන් පසුව හෙළි දරව් විය. මෙම නිවසේද පැවත ඇත්තේ මෙවන් තත්වයකි. 











https://www.youtube.com/watch?v=lGMvBmHiwns

No comments:

Post a Comment