Tuesday, July 22, 2014

15 හැවිරිදි දරුණු දියවැඩියා රෝගියකුට පහර දුන්න පොලිස් කාරයා පස්සේ ටොපි අරන්දෙන්න හදයි.


මෙසේ පහර කෑමට ලක්ව දියවැඩියා රෝගය උත්සන්ව රොහල් ගත්වන්ට සිදුවුයේ වාද්දුවේ 11 වසර ඉගෙනුම ලබන 15 හැවරිදි වාගිෂ්ඨය.

පසු ගිය 17වන දින වාගිෂ්ඨ ගේ දෙමාපියන් ඉදිරි පිටදි මෙම පහර දීම සිදු කර ඇත්තේ වාද්දුව පොලිස් ස්ථානයේ වීරසිංහ නැමැති පොලිස් නිලධාරියා ය. මෙම පොලිස් නිලධාරියාව වාගිෂ්ඨ ගේ නිවසට රැගෙන විත් ඇත්තේ  එම ප‍්‍රදේශයේ නිහාල් ගුණතිලක නැමැත්තා විසින් ඔහු ගේ යතුරු පැදියෙනි.

නිහාල් ගුණතිලික නැමැත්තා විසින් කරන ලද පැමිණිල්ලක මුල් කරගෙන, ඔහු සමග පැමිණි පොලිස් නිලධාරියා වාගිස්ඨ කථා කොට පහර දි ඇත්තේ වාගිෂ්ඨ දරුණු දියවැඩියා රොගියකින් පෙළෙන බව මව හා පියා ප‍්‍රකාශ කර සිටිය දීය.

එයින් පසුව වීරසිංහ නැමැති මෙම පොලිස් නිලධාරියා නිහාල් ගුණතිලක නැමැත්තාට අවශ්‍ය විදියට ප‍්‍රකාශයක් ලියා එයට වාගිෂ්ඨ ගේ, මව ගේ හා පියා ගේ අත්සන් ගෙන තිබේ.

මෙම පොලිස් නිලධාරියා ප‍්‍රකාශ ගැනීමෙන් පසුව පිට ගොස් ඇත්තේ ඔහු ගේ සාක්කු සටහන් පොත පුටු මත තිබිය දිය. එය අරගන්නට නැවත පැමිණි පොලිස් නිලධාරියා වාගිෂ්ඨ ට ටොපී අරන් දෙන්නට සුදානම් ව තිබේ. දරුණු දියවැඩියා රෝගයෙන් පෙළෙන තම පුතාට ටොපි අරන් දුන්නොත් හෙඳටි යයි මව ප‍්‍රකාශ මුදල් ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

සවස් වන විට වාගිෂ්ඨ ට උණ ගැනින. පසුදා උදේ පානදුර රොහලට ඇතුලත් කර නෙිවාස්ක ප‍්‍රතිකාර ලබා දෙන ලදි. වාගිෂ්ඨ ගේ රෝගය උත්සන්ව තිබින. දිනකට දෙවරක් ඉන්සියුලින් එන්නත ලබා ගත යුතු තම දරුවාට ගෙදර ටම ඇවිත් පහර දුන්නේ පොලීසිය, නිහාල් ගුණතිලකගෙන් ලබා ගත් මුදල් වලට හිලව් වන්ට බව මව රම්‍යශිලි ප‍්‍රකාශ කරයි.

ඇය මේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. එහෙත් නීතියක් නැතිව ගොස් තියෙන රටක පැමිණිලි කිරමේන් පලක් වේද යන ප‍්‍රශණය ඇය තුල පවතී.

No comments:

Post a Comment