Saturday, July 12, 2014

රාමදාන් උපවාසය - දෙවියන්ටත් වැරදුන තැන්.



ලොව පුරා සිටි මුස්ලිම්වරු රාමදාන් උපවාසය තීරණය කරන්නේ චන්ද්‍රයා ගේ ගමන (පෘතුවිය වටා) පාදක කරගෙනය.

එයට අමතරව ඉරු නගිද්දී උපවාසය ආරම්භ කරන මොවුන් ඉරු බැසීමත් සමග මොවුන් උපවාසය අත්හරිති.

සියල්ල දත් බවට හා සියල්ලටම වඩා ප්‍රබල බවට විශ්වාස කරන දෙවියන්, ලෝක ස්වභාවය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් තිබුණා බවක් නම් පෙනෙන්නට නැත.

සමහර රටවල ට, සමහර කාලවලට පැය 24 ඉර පායන බව. සමහර කාලවලට ඉරපායන්නේ නැති බව.  එක් එක් කාල වකවානුවල ඒ ඒ රටවල පිහිටීම අනුව ඉර නැගීම හා බැසීමේ වෙලාවන් වෙනස් වනබව මේ දෙවියන්ට වැටහී නැත.

එසේ නැති නම් මේ දෙවියන්, සිය මැවීමේදී  එක එක විදියට නොව එකාකාරව ලොවේ හැම රටකටම එකම විදියට ඉර බසින හා නගින බව දෙවියන් විශ්වාස කළ නිසා විය හැකිය.

මෙම රාමදාන් උපවාස කාලයේ බරපතලම අර්බුදයකට මුහුණ පෑවේ විවිධ රටවලින් සරණාගතයින් ලෙසට ස්වීඩනයට පැමිණ සිටින මුස්ලිම් ආගමිකයින්ට.
 
උතුරු   ස්වීඩනයට මේ දිනවල පැය 24 පුරාම ඉරු එළිය ලැබෙයි. ඉර පායන්නනේ ද බසින්නේ ද නැත.

ඒ නිසා  උපවාස කාලය පිළිබව අර්බුදයක් හටගෙන ඇත. ඉර නැගීම හා බැසීම මත තීරණය කරන රාමදාන් උපවාසය, එක් එක් රටවල පැය ගණනින් ගත් කළ ද වෙනස් වේ. සමහර රටවල පැය 15 කි. සමහර රටවල පැය 09 කි.

උපවාසය අතහැරීමේදීද මෙම අර්බුදයට සෑම වසරකම මුස්ලිම්වරු මුහුණ පායි.  ඒ සමහර දිනවල ස්වභාවික හේතු මත පෘතුවියේ සිටින අයට චන්ද්‍රයා නොපෙනීම නිසාය.

උපන්දා සිට, විවිධ වූ විශ්වාසයන්ට හුරු පුරුදු කරනු ලබයි. ඒම හුරු පුරුදු කිරිම් තුල සිදු කරන්නේ, එම අන්ධ විශ්වාස වලින් මිදී, යථාර්ථය තේරුම් ගැනීමේ ශක්තිය විනාශ කර දැමීමයි.
මෙම මානසික නිවට කම දුෂ්ඨ පාලකයින්ට තම පාලනය ගෙන යෑමට ඉතා හො අවියකි.




No comments:

Post a Comment