Friday, July 4, 2014

මුස්ලිම් ස්ත්‍රී ඇදුම් තහනම නීතියට පටහැනි නෑ.



ඉස්ලාමීය කතුන් අදින, හිස සිට දෙපා දක්වා ආවරණය කෙරෙන බර්තා නමින් හදුවන ඇදුම ඇතුලුව, ආගමික හෝ ජාතික හෝ අනන්‍යතාවය පෙන්නුම් කරන ඇදුම් හෝ ලාංජන පැලදීම ප්‍රංශයේ තහනම් කළේ 1989 වසරේදීය.

මෙම තහනමට ප්‍රංශය තීරිණය කළේ, එරට සමාජයේ සමානාත්මතාවය බිදීමට, මෙම ආකාරයේ ආගමික, ජාතීන්ට අයත් සංස්කෘතික ඇදුම් පැලදුම් හේතු වන බැවිනි.

මෙම තහනම, තම ආගමික නිදහසට බාධාවක් බවටත්, එය මානව හිමිකම් උල්ලංඝනයක් බවටත් ප්‍රකාශ කරන අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්, ප්‍රංශ රජයේ මෙම තීරණයට එරෙහිව යුරෝපීය මානව හිමිකම් අධිකරණය ඉදිරියේ නඩු පැවරීය.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල, යුරෝපීය මානව හිමිකම් අධිකරණය, ප්‍රංශ රජයේ තීරණය මගින් එරට මුසලිම් වරුන්ගේ මානව හිමිකම් උල්ලංඝණයක් නොවන බවට තීරණය කළේය.

වාර්තාවන අන්දමට, ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් අනුව, ඇදුම් පැලදුම් චාරිත්‍රවල නියැලෙන ප්‍රංශ මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව ඉතා අල්පයකි.




No comments:

Post a Comment