Friday, July 18, 2014

බුදු දහමට නිගාකරන විශාඛා විදුහල්පතිනියගේ අලුගුත්තේරු වැඩක්

මිනිසුන් 99 දෙනෙකු මරා ඇිලි කපා ගෙල පැළගෙන සිටි අංගුලිමාලට සමාව දුන්නා පමණක් නොව, ඔහු මහණ කර රහත්භාවයට පත්වීමට ඉඩ සලසා දුන්නේය. ඒ බුදුන් වහන්සේය.

අංුලිමාල පිරිත දේශනාකොට සෙත් ශාන්තිය ළා නොකරගත් මවක්, අප රටේ නොමැති තරම්ය.

විශාඛා විද්‍යාලය රටේ ප්‍රමුඛතම බෙද්ධ බාලිකා පාසලයි.

මේ විද්‍යාලයේ විදුහල්පතිනිය බුදු දහමට නිගා දෙමින්, 14 හැවිරිදි ශිෂ්‍යාවක් සෙරකම් කළ බවට චෝදනා නගමින් නීති රීති උල්ලංඝණය කරමින් නොහොබිනා ලෙසට එකී ශීෂ්‍යාවට බැන තර්ජනය කර, ඇගේ දෙමාපියන් ද ගෙන්වා බැන තර්ජනය කර, නිගාද කර ඇගේ පාසල් ජීවිතය අවසන් කර දැමීමට උත්සාහ ගනිමින් සිටී.

පහේ ශිෂ්‍යත්වය සමත්ව විශාඛා විද්‍යාලයට ඇතුළු වූ මෙම ශිෂ්‍යාවගේ පියා 1995 වසරේ, යාපනයේ දියත් කළ ඉදිරි පිම්ම මෙහෙයුමේ වෙඩි වැදී ආබාධිත වූවෙකි. රණවිරු ගමක ජීවත් වෙති.

සිසුවෙකු වරදක් කළ විට එම සිසුවාව යහමගට ගැනීම, පාසලේ වගකීමයි.
නමුත් බුදුන් හුවා දක්වමින් සදාචාරය, සංස්කෘතිය ගැන කතා කරන මේ විදුහල්පතිනිය මේ ආකාරයට මේ ශිෂ්‍යාවට සලකණුයේ ඇය ශිෂ්‍යත්වය සමත්ව පැමිණි සාමාන්‍ය පවුලක දියණියක් නිසාය.

මෙම චෝදනාවට ඔය විදුහලේ ඉහළයකු දුවක් ලක්වුවා නම්, ඔය විදුහල්පතිනිය කෙළ පිඩක් නොහලන බව නම් නිසැකය.

කුමන වරදක් කළත් පාසලකින් ශිෂ්‍යෙයකු අස් කරන්නට විදුහල්පතිවරුන්ට බැරිය. එසේ අස් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.  ඒ නිසා මේ විදුහල්පතිනිය උත්සාහ ගන්නේ ශිෂ්‍යාවට පාසලට ඒමට නොදී ශිෂ්‍යාව ගේ දෙමාපියන්ව මානසිකව වට්ටවා පාසලෙන් අස්කරවා ගන්නා තැනට ගෙන ඒමය. 

විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය එස්.කේ. අවිරුප්පොල ගේ මේ කූඨ උත්සාහය ට මේ දෙමාපියන් එක වුයේ නැත.

මෙම අපයෝජනය, නීති විරෝධී පහත් ක්‍රියාව ගැන ශිෂ්‍යාවෙග් මව ජාතික පාසල් අධ්‍යක්ෂකට, මානව හිමිකම් කොමිෂමට හා ජාතික ළමාරක්ෂක අධිකාරියට ලිඛිතව පැමිණිලි කර ඇත.

යුක්තිය ඉටු වන තුරු ඇය බලා සිටී.






No comments:

Post a Comment