Friday, July 4, 2014

පොලිසියේ අයුතු බලපෑම් වහාම නතර කරන්න.



ව්‍යාජ නඩු පැවරීම, වධ දීම, නීති විරෝධීව රඳවා තබාගැනීම යන චෝදනා මත, ශ්‍රේෂ්ඨාධීකරණයේ විභාගයට නියමිත නඩුවක් ඉල්ලා අස්කර ගන්නා ලෙසට, පොලිසිය කරන අයුතු බලපෑම් වහා නතර කරන ලෙසට, පෙත්සම් කරුගේ බිරිඳ පොලිස් පතිගෙන් හා මානව හිමිකම් කොමිෂම් සභාවෙන් ඉල්ලා සිටී.

පිළීයන්දල, ශිරානි මහත්මිය කියා සිටින්නේ, 2008 වසරේදී තම සැමියා වූ සරත්ව, නීති විරෝධීව අත්අඩංගුවට ලැබුවේ මොරටුව පොලිසියේ එවකට සිටි පොලිස් පරීක්ෂක දමිත් සිල්වා ඇතුලු පිරිසක් බවත් හා ඉන් අනතුරුව දින 08ක් රදවා තබාගෙන වධ දුන්න බවත්ය.

එයින් අනතුරැව මේ නිලධාරීන් ඔහුට විරුද්ධව සොරකම් නඩුවක්ද , කුඩු නඩුවක්ද පවරන ලඅබීය. එහි ප්‍රතිඵලය වුයේ වසර එකහාමාරක් සැමියාට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමටය.

මෙම සියලු නඩුවලින් ඔහු නිදොස් කොට නිදහස් විය. ඒ අතර තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව වසර තුනකට පසුව විභාගයට නියමිතව තිබේ.

මෙම නඩුවේදී, පොලිස්කාරයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ උත්සාහය වී ඇත්තේ, තම සේවාදායකයින් වන පොලිස් කාරයින්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කොට, ඔවුන්ව නිදහස් කරවීම නොව, මොනයම් හෝ කූඨ උපාය ක්‍රමයකින්, සරත්ට හා ඔහුගේ පවුලට බලපෑම් කොට, නඩුව ඉල්ලා අස්කරවා ගැනීමට කටයුතු කිරීමය. 

මෙම කුඨ හා වංචනික උපදෙස් අනුව පොලිස්කාරයින් සරත් ට හා ඔහුගේ පවුගේ පවුලට අයුතු බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ.



No comments:

Post a Comment