Tuesday, August 5, 2014

ආබාධිත,පසුගාමී හා බුද්ධි ඌණතාවයෙන් යුතු දරුවන්ට වධදෙනවා.

ගනේමුල්ල, ගහලහිටියාව, හේමමාලි මහා විදුහලේ - විශේෂ අධ්‍යාපන එ්කකයේ ඉගෙනුම ළමුන්ට එම එ්කකය බාර ගුරුවරියන් දෙන්නා ශාරීරික හා මානසික වධහිංසා පමුණු වන බවට චොදනා කරන එම පාසැලේ ඉගෙනුම ලබන ඔටිසම් (්මඑසිප* පැමිණවීම නමින් හඳුන්වන රෝගයෙන් පෙළෙන දරුවකු ගේ දෙමාපියන් ගනේමුල්ල පොලීසියට පැමිණිලි කරයි.

විශේෂ අධ්‍යාපන එ්කකය පිහිටුවා තිබෙන්නේ ආබාධිත,පසුගාමී හා බුද්ධි ඌණතාවයෙන් යුතු දරුවන් සඳහාය. මෙම එකකයට අනුයුක්ත කර තිබෙන ගුරුවරියන් දෙන්නා මෙම ආබාධිත දරුවන්ට පහර දෙන බවද, කාළකාන්නි ලෙසට හඳුන්වනු ලබන බවද, එම දරුවන්ගේ දෙමාපියන්ට පවා නින්දා කරන බවද වාර්තාවේ.

පසුගිය අපේ‍්‍රල් මස 30 වන වන දින තම දරුවාට මීටර් කොදුවකින් පහර දී පංතියෙන් එලියට දැමු බවත් එතැන් පටන් ඔහු පාසැල් යෑම ප‍්‍රතික්ෂේප කරන බවත් ඔවුන් කියා සිටි. මෙම තගුරුවරියන් දෙදෙනා ආබාධිති දරුවන්ගේ දෙමාපියන් ගෙන් තැගි බෝග ලබා ගන්නා බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටි.

මලකාන්ති හා මංජුලා නම් වු මෙම ගුරුවරියන් දෙදෙනාට විරුද්ධව විනය පියවර ගන්නා ලෙසට මේ දෙමාපියන් දෙන්නා ළමා ආරක්ෂක අධිකාරියෙන්, මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිස් ළමා හා කාන්තා කාර්යංශයෙන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරින් ගෙන් ඉල්ලා තිබේ.




No comments:

Post a Comment