Wednesday, August 13, 2014

මැක්ඩොනල්ඞ් ට තිත තියන්න රුසියාව සැරසේ?


ලෝප‍්‍රකට මැක්ඩොනල්ඞ් ක්ෂණික ආහර වල ශරිරයට අහිතකර බැක්ටිරියා පවතින බවට චොදනා කරන රුසියානු පාරිභොගික ආරක්ෂක සංවිධානය එ් සම්බන්ධයෙන් නඩු පැවරිමට පියවර ගෙන තිබේ.
ඇමෙරිකාව හා කැනඩාව හැරුනු විට මැක්ඩොනල්ඞ් ක්ෂණික ආහාර අලෙවි වන්නේ රුසියාවේ බව පවසන මැක්ඩොනල්ඞ් සමාගම රුසියානු ප‍්‍රමිතින් ට අනුව තම ආහාර පිළියෙල කරන බව පවසා තිබේ. රුසියවේ මැක්ඩොනල්ඞ් තහනම් වනු ඇති ද පැනයට පිළිතුරු දෙන රුසියානු පාරිභොගික ආරක්ෂක සංවිධානය එය තීරණය කරන්නේ අධිකරණය බව පවසා තිබේ.
මැතකදි සෞඛ්‍යයට අහිත කර පලිබෝධ නාශක අඩංගු පළතරු වර්ග රැුසක් පෝලන්තයෙන් ආනය කිරිම තනම් කළ රුසියාව යුරෝපා රටවලින්, ඇමෙරිකාවෙන් හා  ඕස්ටේ‍්‍රලියාවෙන් මස් මාලූ ගෙන්වීම තහනම් කළෙය. 

No comments:

Post a Comment